ස්ටාලින් ඇතුලු පිරිස මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ විරෝධතා…

July 11, 2021 at 12:40 pm | lanka C news
ස්ටාලින් ඇතුලු පිරිස මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ විරෝධතා…

ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිස අත්අඩංගුවට ගෙන ඇප හිමිවීමෙන් පසුව නිරෝධායනය සඳහා රැගෙන ගිය මුලතිව් යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට විරෝධතාවක නිරත වූහ.

පාර්ලිමේන්තු වටරවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක නිරත වූවේ යැයි පවසා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු 31 දෙනෙකුගෙන් යුතු පිරිසට අත්අඩංගුවට ගෙන ඇපහිමි වුවද නිරෝධායන නීති උල්ලංගනය කිරීම හේතුවෙන් එම පිරිස් මුලතිව්හි පිහිටි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට රැගෙන එනු ලැබීය.

අනතුරුව ඊයේ රාත්‍රියේද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත්කරගන්නා ලෙසට රජයට බලකරමින් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සම්පත් උපයෝගි කරගනිමින් විරෝධතා වැකි ලියා විරෝධතාවක නිරත වූහ.

තවද මෙම විරෝධතාවය වෙනුවෙන් ඒකාබද්ද රැකියා විරහිත උපාදිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන්,  ජාතික භික්ෂූ පෙරමුනේ මාධ්‍ය ලේකම් පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32,787 views

20 Comments to “ස්ටාලින් ඇතුලු පිරිස මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ විරෝධතා…”

  1. Sam says:

    ජෝෂප් ස්ටර්ලින් පල්ලියට සම්බන්ද එන් ජී ඕ එකක වැඩකල පුද්ගලයෙක්. මොහු යුධසමයේ උතුරට තහනම් ද්‍රව්‍ය ප්‍රවාහනය කර හමුදා වට අසුවෙලා පල්ලිය මැදිහත්ව බේරා ගත්ත. සිහල ගුරු සංගමයේ නිවටයෝ දෙමල සම්බවයක් ඇති කොටියෙක්ව තම සංගමයේ ලේඛම් ලෙස පත්කර ගත්ත .දන් සිහල දරුවන්ගේ අද්‍යපනයට කෙලිනවා. නිරෝධායන මද්‍යස්තානයේදී මූට අවස්‍ය සියලුම දේ සපයල තිබෙන්නේ යාපනය නගරාධිපති. ඌත් කොටිය

  2. සකු says:

    ජො ස්ටාලින් පාසල් නිල අදුම් රෙදි සපයන මුස්ලිම් වියපරක්‍යින් දෙදෙනා ගෙන් හොඳ හොඳ කුට්ටි ගත්ත වවුචර් එක නෙතිකරල රෙදි දෙන්න ආන්ඩුව ට බල කරන්න උද්ඝෝෂණ කරන්න .
    මුස්ලිම් වියපරක්‍යින් දෙදෙනා මේ රටේ නිපදවන කියල කර්මාන්ත අමත්‍යංශය නිලධාරීන් හට අල්ලස් දි හොඳ ට චීනයෙන් බාල රෙදි ආනයනය කරල ලමුන්ට දුන්නා දෙනව හා ත්‍රිවිධ හමුදා වට ම නිල අදුම් රෙදි ත් මෙහෙම තමයි

  3. sana says:

    stalin ta cheethayak yawwa nam iwarane…..

  4. Nimal says:

    පිටරට වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගෙන ලංකාවට ඇවිත් SMC එකේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වීමට හැකි නම්, ලංකාව තුළ පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න වෛද්‍යවරයෙක් වී, SMC එකේ ලියා පදිංචි වෛද්‍යවරයෙක් වෙන්න බැරි ඇයි කියන තර්කය මට තේරෙන්නෙ නෑ.

  5. singhalaya says:

    boru drama ekak api dannawa meya gana meya patta NGO karayek

  6. වියතා says:

    ඉරිසියාකාර මේ කාලකන්නි රැලට හෙන හතම ගහපියවු…….
    කැදවත් නැතිව මැරෙන්න ඕනෑ බල්ලො…යකො අවුරුද්දකට කෝට් කීයක් පිටරට යනවද ???
    මෙව්ව නියාමන නරල කරපියවු…තොපි මැරිල යයි දවසක….මේ රටේ ලමයි ට ඉගෙන ගන්න දීපියවු….සල්ලි ගෙවල හරි නියම විදිහට ….

Main News