ස්ලිම් ෆිට් දයාසිරිට පන්දු යවාගන්නැයි කියා අන්ෆිට් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර ගෙදර යයි..
June 27, 2017 at 9:20 am | lanka C news
ක්‍රීඩා ඇමති දයාසිරි විසින් තමන් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කලහොත් බෑග් එකත් අරගෙන ගෙදර යන්නේ යයි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
ඇමති දයාසිරිගේ ප්‍රකාශයකට එරෙහිව මාධ්‍යට ප්‍රතිචාර දැක්වීම නිසා මේ වන විටත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සදහා ති‍්‍රපුද්ගල කමිටුවක්ද පත් කර ඇත.
තමන් විසින් එසේ ප්‍රකාශ කරන ලද්දේ ක්‍රීඩා ඇමතිටදැයි තමන් නොදන්නා බවද පවසන මාලිංග කෙසේ වෙතත් තමන් සංචිතයෙන් ඉවත් කළහොත් කිසි ප්‍රශ්න කිරීමකින් තොරව බෑග් එකද ගෙන ගෙදර වන බව පවසන ඔහු තමනට කරන්න ඇත්තේ එය පමණක් බවද සදහන් කරයි.