ස්වංපෝෂිත කතා නිමයි.. සහල් ටොන් තුන් ලක්ෂයක් රයිල් ගෙන්වයි…
June 28, 2017 at 8:08 am | lanka C news
මෙරට සහල් වෙළෙඳපොළේ හිගයක් ඇති නොවීම සදහා රජය විසින් තවත් සහල් තොග විදේශයන්ගෙන් සතොස හරහා ආනයනය කිරීමට තීරණය කර ඇතැයි ඇමති රිෂාඩ් බදියුදීන් මහතා කියයි.
ඒ අනුව පළමු වටයේදී සහල් මෙටි්රක් ටොන් ලක්ෂ තුනක ප්රමාණයක් පකිස්තානය, ඉන්දුනීසියාව, තායිලන්තය යන රටවලින් ගෙන්වීමට නියමිත අතර අදාල මිල ගණන් කැදවීම එම රටවල ශ්රී ලංකා තානාපතිවරුන් මගින් මේ දිනවල සිදු කරන බවද ඔහු පවසයි.
ගෙන්වීමට සුදුසු සහල් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කණ්ඩායමක් යටතේ පරීක්ෂා කරන බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.