ස්වභාවික විපත් නොම වේවා ! අධර්මිෂ්ඨ බල බිදේවා! සිංහල ජාතියට පින්වත් නායකයන් බිහිවේවා !පිංකම රුවන්මැලිසෑයේ..
June 11, 2017 at 2:10 am | lanka C news
රටේ ඇතිවෙමින් පවතින ස්වභාවික විපත් සහ ආපදා තත්වයන් පහව ගොස්, අධර්මිෂ්ඨ පාලකයන්ගේ බල බිදී, සිංහල ජාතියට සුදුසු නායකයන් බිහිවේවා යැයි පතමින් සිදුකෙරෙන අධිෂ්ඨාන පුජාවක් සහ පිරිත් සජ්ජායනයක් ජුනි මස 11 ඉරිදා සවස 4 ට අනුරාධපුර රුවන්මැලි සෑ සළ පතළ මලුවේ දී පැවැත්වේ.
රුවන්මැලි සෑ සමිඳුන්ට දස දහසින් සුදු නෙලුම් මල් පුදා, සුවද පූජා,ශබ්ධ පූජා පවත්වා පිංකම සිදු කෙරේ.
මේ කටයුත්ත සංවිධානය කලේ ආධ්‍යාත්මිකව දියුණු ගිහි පැවිදි උතුමන්ගේ උපදෙස් පරිදි බව පැවසූ සංවිධායක කමිටු සාමාජික වෛද්‍ය චන්න ජයසුමන මහතා පුණ්‍යකර්මයට සහභාගී වන ලෙස පින් කැමැති සියලු දෙනාට විවෘත ආරාධනයක් ද සිදු කරයි.