ස්වයං නිරෝධායනයට යොදා සිටි අයෙක් මිය යයි..

November 8, 2020 at 12:00 pm | lanka C news
ස්වයං නිරෝධායනයට යොදා සිටි අයෙක් මිය යයි..

බිංගිරිය පානවැව ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී අසාධ්‍ය වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

හලාවත රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ ඔහු අසාධ්‍ය තත්ත්වයකින් රෝහල් ගත කිරීමෙන් පසුව මරණයට පත්වූ බවයි.

මෙම පුද්ගලයා පසුගිය 30 වැනිදා උණ හා ශ්වසන අපහසු තාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහි කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සුව වීමෙන් පසු ඔහුගේ බලවත් ඉල්ලීම මත නිදහස් කර යවා තිබේ.

ඉන් පසු නිවසේ ස්වයං විරෝධයට ලක් කරන ලද පුද්ගලයා නැවත 06 වෙනිදා අසාධ්‍ය වී රෝහල්ගත කල පසු එදිනම මරණයට පත් වී තිබේ.

මෙම පුද්ගලයාගේ ජීව සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති බවත් මෙතෙක් ප්‍රතිඵල ලැබී නැති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

23,720 views

2 Comments to “ස්වයං නිරෝධායනයට යොදා සිටි අයෙක් මිය යයි..”

  1. කාන්තාර පළඟැටියා says:

    දැන් කොරොනා සාමාන්‍ය දෙයක් වෙලයි තියෙන්නෙ ලෝකෙටම. ඒනිසා දිනපතා මිය යන ගණන් කියා වැඩක් නැහැ. සතියකට හෝ දෙසතියකට වතාවක් එම සතිවල මියගිය ගණන කිව්වහම ඇති

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News