ස්වර්ණවානිය ආණ්ඩුවේ හිතවතෙකුට විකුණන්න සූදානම්.. ලොක්කෙක් පසුපස…

July 16, 2021 at 10:00 am | lanka C news
ස්වර්ණවානිය ආණ්ඩුවේ හිතවතෙකුට විකුණන්න සූදානම්.. ලොක්කෙක් පසුපස…

ස්වර්ණවාහිනි රූපවාහිනි නාළිකාව ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකුට විකුණා දැමීමේ සූදානමක් ඇතැයි ඊටීඅයි ගනදෙනුකරුවන්ගේ සංගමය හෙළිකරයි.

මෑතක් වන තුරුම එම නාලිකාවට සම්බන්ධ ව සිටි ඉහළ නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන් මෙම ගනුදෙනුව කඩිනමින් සිදු වෙමින් ඇති බවත් එය වහාම නතර කර ආයතනය රජයට ආයතනය පවරා ගන්නැයි ඉල්ලා සිටින බවද එම සංගමය කියා සිටී.

ස්වර්ණවාහිනි නාලිකාව ඊඒපී මාධ්‍ය ජාලයෙන් අලි රාජා සුබාෂ්කරන් නැමැත්තා විසින් මිලදී ගැනීම නීති විරෝධී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බවත් ඊට නීතිපතිවරයා විසින් අවසන් නිර්දේශය ලබාදීමට පෙර විකුණා දැමීමට සූදානම් වන බවත් ඔවුන් කියා සිටී.

58,342 views

5 Comments to “ස්වර්ණවානිය ආණ්ඩුවේ හිතවතෙකුට විකුණන්න සූදානම්.. ලොක්කෙක් පසුපස…”

  1. saman says:

    වෙන කාටද ඉතින්

  2. lakshitha says:

    ඇයි දැන් ආණ්ඩුවේ හිතවතුන්ට ගනුදෙනු කරන්න කාගෙන් හරි අවසර ගන්න ඕනද? විපක්ශෙට විතරද හොඳ?

  3. ගෝටා බය says:

    රටක ඇති සාරය – ගිලින අවතාරය
    එහි මහ කොටාරය – සොරෙකුටම බාරය
    වැසියනි දිවා රැය – නොකලොත් විචාරය
    සිහියේ තබාගන් – අද මියන්මාරය……

Main News