ස්වර්ණවාහිණිය කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානියා අතට.. කැබිනට්ටුවේ අනුමතයි..

March 21, 2018 at 11:20 am | lanka C news
ස්වර්ණවාහිණිය කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානියා අතට.. කැබිනට්ටුවේ අනුමතයි..

ඊඒපී සමාගම් මාධ්‍ය ජාලය කොටි ඩයස්පෝරාව යටතේ ක‍්‍රියාත්මක සමාගමක් යටතට පවර දීමට කැබිනට් අනුමැතිය ලැබි ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයකදී ඔහු මෙම අදහස් පල කලේය.

‘දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට අවශ්‍ය දේ යහමින් සිදු වෙමින් තිබෙනවා. ඒ වගේම මේ රටට විදේශ මුදල් එවීම හා යැවීම අධීක්ෂණයට අදාළව මහ බැංකුවට තිබූ බලය ඉවත් කිරීමට මේ ආණ්ඩුව නීති සකස් කළා. ඒ නිසයි, ‘ශ්‍රී ලංකාව කළු සල්ලි සුදු සල්ලි බවට පත්කිරීමේ තිප්පොළක් බවට පත්ව තිබෙනවා’ කියා ජාත්‍යන්තරව මතයක් හැදී ඇත්තේ. ඒ හරහා කොටි ඩයස්පෝරාව මේ රටේ ආර්ථික මර්මස්ථානවල තම මුදල් යොදවා අවසන්.

ඊඒපී සමාගමට අයත් මාධ්‍ය ජලය ඇතුළු අනෙකුත් ආයතන කොටි ඩයස්පෝරාවේ ප්‍රධානියාට අයත් ලයිකා මොබයිල් සමාගමට ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දේශීය ව්‍යාපාරිකයකු මෙම ඊඒපී සමාගම් ජාලය මිලදී ගැනීමට ලයිකා මොබයිල් සමාගමට වඩා වැඩි ලංසුවක් තබා තිබියදී තමයි මේ ගනුදෙනුව සිදු වන්නේ.

කොටි ඩයස්පෝරාව අතට මේ රටේ මාධ්‍ය ජාලයක් පත්වීම විශාල අනතුරක්. නමුත් රටට හොරා අද ඒ සියල්ල බටහිර න්‍යාය පත්‍රයට අනුව ඉටු කර දෙමින් සිටිනවා’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

19 views

8 Comments to “ස්වර්ණවාහිණිය කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානියා අතට.. කැබිනට්ටුවේ අනුමතයි..”

  1. sassa says:

    Kata ariyoth pacha kiyana ape kale wyagraya

    • කනිෂක says:

      වහාම රටේ නායකයන් සහ පුජ්‍ය පක්ෂය දේශප්‍රේමින් මේ තීරණයට විරුද්දව පෙරමුණ ගන්න .විකල්ප සමාගමකට දෙන්න බයනම් මහජන සමාගමක් සාදා ඒ සමාගමට මෙය විකුනන්න ලයිකා මොබයිල් සමාගම කොටි සමාගමකි .මෙය එම සමාගම මිලට ගතහොත් වහාම අලුත් රජයක් යටතේ එම සමාගම ජනසතු කරන්න කටයුතු කරන්න

  2. LION says:

    එසේ නම් රටට ආදරය කරන අය මෙය නැරබීමෙන් වලකින්න

    • යොහාන් says:

      රජයේ මුදල් නීති උල්ලංගනය කර මෙසේ අඩු ලන්සුවක් තැබූ ගනුම්කරුවෙකුට මේ ආයතනය විකිණීම ගැන රජයට විරුද්දව නඩුවක් දමා මේ ගනදෙනුව තහනම් කරන්න .වහාම එය ඉෂ්ට කරන්න .ලයිකා මොබයිල් යනු යුරෝපය පුරා ෆෝන් කාඩ් විකුණන සහ ටෙලිකොම් සේවා සපයන කොටින්ට අයත් සමාගමක් මේ හැම සතයක්ම යන්නේ කොටින්ට

      • Alapaluwa says:

        අපි සියළුදෙනාම මොනවා කිවත් එයින් කිසිම පලක් වන්නේ නැ.මක්නිසාද කොන්ද පණ හිවලෙක් ව රටේ සිටින අමු හරක් ඔටුන්න පැළන්දුවම වන භයානක කම තවම දැනුණේ නැ කාටවත්.අපි ප්‍රමාද වි අවසන්.

  3. SINHALESE STOP watching swarnavahini koti [TIGER] sakkili channel atleast NOW…..swarnavahini dirty NEWS at 8pm only told all the lies about Mahinda Rajapaksha & defeated him & the motherland in 2015 jan 8th Presidential election.

  4. kadiya says:

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුවම 2015 ජනවාරි 8 ඉඳල කොටි ඩයස්පෝරාවේ න්‍යායපත්‍රයට අනුව වැඩකරන කණ්ඩායමක් අතට ගිහින්තියනකොට ස්වර්නවාහිනිය තවත් කොටියෙක් අතට යාම මහලොකු අරුමයක් නොවේ.

  5. Aurora says:

    කොටි ස්වර්ණවාහිනිය ගත්තේ අපිට උන්ගේ මතවාදය පොවන්නත් අපේ සල්ලි උරගන්නත් යන දෙකටම. ඒ නිසා ස්වර්ණවාහිනියේ ප්‍රචාරනයවන භාණ්ඩ සහ සේවා වර්ජනය කරමු. එම සමාගම් කොටින්ට මුදල් පොම්ප කරන සමාගම් ලෙස හඳුනගනිමු. එයින් කොටින්ට අපේ මුදල් උරාගන්න තියන මඟ අහුරමු. ශ්‍රී ලංකාවට ජයවේවා. යුදබිමේ, ජාත්‍යන්තර දේශපාලනයේ මෙන්ම ආර්ථිකවත් බෙදුම්වාදී කොටින්ට කිසිම අවස්ථාවක් නොදෙමු.

Main News