ස්වර්ණවාහිනී සේවකයෝ නොනිදා විරෝධයේ.. මහපාරේ පාන්-පරිප්පු කති.. කැරලි මර්ධන කැදවති..

March 20, 2019 at 10:00 am | lanka C news
ස්වර්ණවාහිනී සේවකයෝ නොනිදා විරෝධයේ.. මහපාරේ පාන්-පරිප්පු කති.. කැරලි මර්ධන කැදවති..

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවක විරෝධය අද දෙවන දිනටත් ක‍්‍රියාත්මකය.

සේවකයන් 15 දෙනෙකු අත්තනෝමතික ලෙස ඉවත් කලේ යයි මෙම විරෝධතාවය පැවැත්වෙයි.

ඊයේ රාත‍්‍රිය පුරාම ආයතනය පරිශ‍්‍රය තුල රැදී සිටිමින් ඔවුන් මෙසේ විරෝධයේ යෙදුනහ.

විරෝධතාකරැවන් පවසන්නේ ස්වර්ණවාහිනී නව පාලනධිකාරිය වන බෙන් හෝල්ඞ්න්ග්ස් ආයතනය සමගින් වැඩ කරගෙන යාමට සූදානම් නමුත් ප‍්‍රධාන විධානයක නිලධාරියාගේ ක‍්‍රියා කලාපයට එකග නැති බවයි.

එංගලන්තයේ සිටින ආයතනයේ පාලනාධිකාරිය සමග සාකච්චා කල බවත් එය සාධනීය බවත් ඔවුන් තව දුරටත් කියා සිටිති.

කැරලි මර්ධන ඒකකද සූදානමින් සිටිති.

ප්‍රධාන විධායක නිලධාරීයා එංගලන්ත පාලන අධිකාරියට බොරු කියනවා..තමන්ට නැති දේශපාලන හයියක් පෙන්නන්න උත්සහ කරනවා..ජනාධිපතිතුමනි මේ ගැටළුවට මැදිහත් වෙන්න..

Gepostet von FM & TV Sri Lanka am Dienstag, 19. März 2019

පහුගිය අවුරුදු එක හමාර දෙක තුළඅපි පුදුමාකාර පීඩනයකින් වැඩ කළේ..ගෑණූ පෙරේතයා එපා…සේවක සුරක්ෂිතතාව ඇති කරන්න..බෙන් හෝල්ඩින්ග්ස් එකට බ්ලූ සමිට් එකට අපි විරුද්ධ නෑඅත්⁣තනෝමතිකව ක්‍රියාකරන මහේන් පෙරේරා ඉවත් කරන්න…-එළියට බට ස්වර්ණවාහිනී සේවකයෝ කියති-

Gepostet von FM & TV Sri Lanka am Dienstag, 19. März 2019

22,006 views
Main News