ස්වර්නවාහිනිය බැදුම්කර බෑණාට විකුණුවේ නෑ.. – EAP පවුල කියයි..

December 4, 2016 at 7:03 am | lanka C news
ස්වර්නවාහිනිය බැදුම්කර බෑණාට විකුණුවේ නෑ.. – EAP පවුල කියයි..

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව විකුනා දමා ඇති බවට පලවන වාර්තා කිසිදු සත්‍යතාවයකින් තොර බව ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය සදහන් කරයි.

ස්වර්ණවාහිනිය අදටද පාලනය කරනු ලබන්නේ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ උප සභාපති මෙන්ම මාධ්‍ය ජාලයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජීවක එදිරිසිංහ මහතා විසින් යයිද ඔවුන් කියා සිටී.

නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ යන අය ස්වර්ණවාහිනියේ මෙන්ම ඊ.ඒ.පී. සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස තවදුරටත් කටයුතු කරයි.

සවර්ණවාහිනි නාලිකාව වෙනත් කිසිදු පාර්ශවයක් විසින් මිලදි ගෙන නැති බවද පවසන ඊඒපී සමූහ ව්‍යාපාරය කටකතාවලට නොරැවටෙන්නැයිද ජනතාවගෙන් ඉල්ලා සිටී.

168 views