ස්වාධීන අධිකරණ කතා කැලේ.. නීතිඥයකු දේශපාලන පත්වීමකින් මහාධිකරණ විනිසුරු ධුරයට..

February 15, 2017 at 12:00 pm | lanka C news
ස්වාධීන අධිකරණ කතා කැලේ.. නීතිඥයකු දේශපාලන පත්වීමකින් මහාධිකරණ විනිසුරු ධුරයට..

අධිකරණ ඇමැතිවරයාගේ විරුද්ධත්වය නොතකා දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව මත මඩකලපුව ප්‍රදේශයේ පෞද්ගලික නීතිඥ සේවයේ යෙදී සිටි නීතිඥවරයකු මහාධිකරණ විනිසුරුවකු ලෙස පත්කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස්‌ මහතා සඳහන් කළේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා සදාචාරයට පටහැනිව මෙවැනි පත්කිරීමක්‌ සිදුවූයේ කෙසේද යන්න දිසා විනිසුරුවන් හා මහෙස්‌ත්‍රාත්වරුන් නිල වශයෙන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය අගවිනිසුරුවරයා හමුවී සාකච්ඡා කර තිබෙන බවත් කිසිදු අවස්‌ථාවක නීතිඥ සංගමය මෙවැනි ඉල්ලීමක්‌ කර නැති බවත් එම සංගමය ප්‍රකාශ කර ඇතැයි හෙතෙම පැවසීය.

එබැවින් මෙම මහාධිකරණ විනිසුරුවරයා පත්කිරීමට මැදිහත් වී ඇති දේශපාලන පක්‍ෂය කුමක්‌ද යන්න රටට හෙළිදරව් කිරීම අධිකරණ ඇමැතිවරයාගේ යුතුකම බවත් පැවසූ ජී. එල්. පීරිස්‌ මහතා මෙය රහසක්‌ ලෙස තවදුරටත් තබාගැනීමට නොහැකි බවත් එය හෙළිදරව් කිරීම ඉතාම වැදගත් බවත් වැඩිදුරටත් පැවසීය.

මෙම දේශපාලන පත්වීම පිළිබඳව නීතිපතිවරයා කර තිබෙන නිර්දේශය කුමක්‌ද යන්න හා එම පත්වීම අනුමත කළාද යන්න පිළිබඳව ද රටට අනාවරණය කිරීමත් නීතිපතිවරයාගේ වගකීමක්‌ බවත් හෙතෙම පැවසීය.

මෙම පත්කිරීම සම්බන්ධව දැඩි පියවරක්‌ ලෙස පෙබරවාරි 21 වැනිදා පැවැත්වෙන නීතිඥ සංගමයේ නිලවරණයට කිසිදු අයුරින් සහභාගි නොවීමට අධිකරණ සේවා සංගමය තීරණය කර තිබෙන බව ද හෙතෙම පැවසීය.

– දිවයින

25 views

5 Comments to “ස්වාධීන අධිකරණ කතා කැලේ.. නීතිඥයකු දේශපාලන පත්වීමකින් මහාධිකරණ විනිසුරු ධුරයට..”

  1. john says:

    WE ARE SMALL AND FAST GROWING TAXI COMPANY , PROVIDE BEST CUSTOMER SERVICE AT LOWEST PRICE.

    RS. 30 PER KILOMETER

    FOR LONG TRIPS CALL AT 0768964111

  2. මාර පුත්‍ර says:

    මේවා ඩයස්පෝරා දහංගැට. අලුත් ව්‍යවස්ථාවේ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමට මෙම පත්වීම් කර තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවට එරෙහි නීති කටයුතු බෙදුම් වාදයේ වාසියට විසදීමටයි මේ සුදානම! සිහලුනි මේ අකටයුතුකම් තවත් බලා සිටිනවද? තමන්ගේ ජාතිටේ මිනී වල තමන්ම කපා ගන්නවාද?

  3. Critic says:

    If Sinhalese tolarate more,they’re digging their own grave!

  4. Janidu says:

    Private practice karapu neethiwediyata salli thiyenawanam ohutat aythiyak thiyenawa mahadikarana winusuruwek wenna.. mekada aluthkade manawa nidahasa.. ? Private Saitm awul nai lu habai aluthkade jokiyonge thainata private karapu ewun awahama eka wairadilu.. adikaranayath joke ekak wela balan giyahama..

Main News