ස්වාධීන කතා අමූලික බොරු.. රතන හිමි ආණ්ඩු පැත්තේ ඉදිරිපෙල අසුන් ගනී..

January 25, 2017 at 1:20 pm | lanka C news
ස්වාධීන කතා අමූලික බොරු.. රතන හිමි ආණ්ඩු පැත්තේ ඉදිරිපෙල අසුන් ගනී..

තමන් ඉදිරියේදී ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී කටයුතු කරන්නේ යයි මාධ්‍ය හමුවක් කැදවමින් ප‍්‍රකාශ කල එජාප මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙවර පාර්ලිමේන්තු සැසිවාරයේදී පුරුදු පරිදි ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයේ පනවා ඇති ආසනයේ අසුන් ගෙන තිබේ.

සාමාන්‍යයෙන් මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වූයේ යයි කථානායකවරයාට දැනුම් දුන්නේ නම් සිදු වන්නේ විපක්‍ෂය පැත්තේ අසුන් පැනවීමයි. නමුත් එවැන්නක් සිදුව නැතිවීමෙන් පෙනී යන්නේ තමන් ස්වාධීන මන්ත‍්‍රීවරයයෙක් යයි කතානායකට දන්වා නැති බවකි.

එසේම මේ වන විටත් රතන හිමියන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ ව්‍යාපෘති කිහිපයකම ප‍්‍රධානී තනතුරු දරමින් සිටී.

100 views
Main News