ස්වාධීන කතා කියු රතන හිමි අමාරුවේ.. පිනට දුන් ජාතික ලයිස්තු මන්ත්‍රිකම එජාපය ආපසු ගන්න යයි..
January 21, 2017 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුව තුල ස්වාධීන වන්නේ යයි කල ප්‍රකාශයක් සමගම එජාපය තුල උණුසුම් මත ගැටුමක් ඇතිව තිබේ.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද උන් වහන්සේ ස්වාධීන වූ නිසා එම මන්ත්‍රී ධූරය එජාපයේ අභිවෘද්ධියට කැපවන අයෙකුට ලබාදිය යුතු යයි එම පක්ෂ මන්ත්‍රිවරුන් යෝජනා කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් එජාපයේ ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට ඉඩ ඇති අතර මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ ආපසු පැමිණි පසු මේ පිලිබදව අවධානයක් යොමු කරනු ඇතැයිද එජාපය සමීප ආරංචි මාර්ග කියයි.