ස්වාධීන පක්‍ෂ 09 නායකත්වය විමල්ට.. ඔහු මීලග අගමැති අපේක්‍ෂක…

June 1, 2022 at 12:02 am | lanka C news
ස්වාධීන පක්‍ෂ 09 නායකත්වය විමල්ට.. ඔහු මීලග අගමැති අපේක්‍ෂක…

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 09හි කණ්ඩායම් නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පත් කිරීමට යෝජනා වී ඇත.

එම පක්ෂ නමයේ නියෝජිතයන් ශ්‍රී ලංකාව කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පස්වරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා තිබිණි.

එම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ තම එකමුතුවේ නායකත්වය විමල් වීරවංශ මහතා පත්කර ගැනීමට පිළිගෙන ඇති බවයි.

ඊළඟ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකත්වයටද ඔහු සුදුසු බවද ඒ මහතා පැවසීය.

59,615 views

49 Comments to “ස්වාධීන පක්‍ෂ 09 නායකත්වය විමල්ට.. ඔහු මීලග අගමැති අපේක්‍ෂක…”

  1. Jayantha says:

    මීට වඩා හොදයි කුට්ටිආරච්චි නායකයා කරගත්තා නම්. ඉස්සරහට රටට ඕන මෝඩ වාචාලයෙක් නෙමේ. තරුණ මොලේ තියෙන තාක්ෂණය ගැන අවභෝදයක් තියෙන මේ අවුලෙන් රට ගොඩ ගන්න පුලුවන් කෙනෙක්.

  2. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු..🤩🤩🤩 says:

    තව දවල් හීන බලපන්…. උඹට ලස්සන හින පෙනෙයි තව ඉස්සරහට . රට කන.. ලැජ්ජාවක් නැති කාලකන්ණි බල්ලො .

  3. විමල්ව විවේචනය කරන බහුතරයක් JVP, UNP, සජබ, පොහොට්ටු බැසිල් බත් බැලයෝ!අනිත් එවුන් කිසිම දේශපාලන දැනුමක් නැති, කවුරුවත් ඔලුවට දමන දෙයක් ඔහේ පිලිගන්න අමනයෝ රොත්ත!ඇයි උන් විමල්ට වෛර කරන්නේ. විමල්ගේ කර්කශ සත්‍යවාදීවිවේචන දරා ගන්න අකමැති, තමන් අටවා ගත්ත පුහු ප්‍රතිරූප බිද වැටෙන උන්, විමල්ගේ තර්ක හමුවේ නිරුත්තර වන එවුන්, විමල්ගේ චතුර කතිකත්වයට ද්වේශ, ඊර්ශ්‍යා කරන එවුන්. ඉතින් විමල් අපි මක් කරන්නද?

  4. Pronto says:

    විමල් අගමැති කරන්න??? එතකොට නඩු ටික? ලංකා ව වැටිල තියෙන තැන?

  5. Covid18+ says:

    කර්මාන්ත ඇමති විදියට අභියෝගාත්මක ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ඉටු කළ විමල් තරම් අගමැති කමට සුදුස්සෙකු මේ වන විට නැහැ. මේ වන විට අත්‍යවශ්‍යම දෙයක් වන ජනතාවගේ මොරාල් එක වැඩි කිරීමටත් මෙතරම් සුදුස්සෙකු නැහැ.

    • වැඩ බැරි සේන says:

      ඔවු නේ හරි නේ අර දනපාල බාසට කෝවිඩ් පැණි හදන්න යන්ත්‍රයකුත් නොමිලෙම දුන්නෙ

  6. Mahesh says:

    One of the best news to hear at this crucial time.Yes Wimal is a patriotic leader who can be trusted by the majority & MahaSangha.He deserves to be our PM/President.He instigated the fall of Rajapakshas .Can we keep trust on Ranil?/Sajith?/Anura?/Gunaratnum?.MS?.Gunaratnum talks socialism here while his wife & children in Australia.He calls Gota Go Home.What a joke? Anura gone silent after his pals set fire to houses & rioted on May9th.Plan gone awry.Ha Ha. Rage Bandara tells Sajith did not accept PM post as gratitude for not prosecuting his sister for money laundering.He Gevindu,Udaya Charitha,Ramesh,Gunapala etc are the trustworthy MPs in this parliament.Yes ,please form the new Alliance soon with Wimal as Leader.

  7. වංචනික දේශපාළු හොරිකඩයන්ට,නිළධාරීන්හට සහ සමස්ථයට දැඩිලෙස අවධාරණය කර සිටින්නෙමු,.! says:

    වීරවංශ ඇතුළු කන්ඩායම ඉදිරිපත් කරනා ළද සංශෝධණ අනීවාර්‍යයෙන් 21 වන සංශෝධනයට ඇතුලත්වියයුතු වන අතර,. දවිත්ව පුරවැසියන්ට කිසිදු නිළතළයක් දැරීමට නොහැකි වන ලෙසද දැඩි නීත සම්පාදනය අනීවාර්‍යයෙන් ව්‍යවස්ථාවට ඇතුළත්විය යුතුයි,.!
    අනීවාර්‍යයෙන්ම දේශපාළුවන් නිළධාරීන් ගන්නා ගන්නා වැරදි දූශිත තීන්දු තීරන දූශිත දෙස් විදෙස් ගිවිසුම්, සවාධීන අධිකරණයක් අභියස අභියෝගයට ලක්කර සම්පූරණයෙන් අවළංගු කිරීමට විදිමත් විනිවිද පෙනෙනා ක්‍රමවේදයක් ඔස්සේ පුරවැසියන්ට අවස්ථාව හිමිවියයුතුයි,.!

    ”රඡපකස ඇතුළු සමස්ථ දූශතයන් විසින් පවත්වාගෙනයනු ලබනා සියළු මුදල් හුවමාරැ මද්‍යස්ථාන වහාම අහෝසිකිරීමට පියවර ගතයුතුයි,.!
    ඡාළගතවූ දූශිත ආනයන කරැවන්ගේ ගිනුම් වහාම රටතුළ ඇති බැංකු පද්ධතියන් හරහා මහබැංකු නියාමනය යටතේ පවත්වාගෙන යායුතුම වන අතර වහාම විනිවිද පෙනෙනා ක්‍රම වේදයක් ඵ්සඳහා වහාම ස්ථාපිත කළ යුතුයි,.! දේශපාළුවන්ගේ වරප්‍රසාද වහාම කප්පාදු කළයුතු වන අතර නීතිය අභියස සමස්ථයට සමානලෙස සැළකීමට ව්‍යවස්ථනුකූළ ප්‍රතිපාදන සඳහා වහාම පියවර ගත යුතුයි,.!
    ”අගමැතිධුරයට වීරවංශ සුදුසු බවට සමස්ථය අවිවාදයෙන් පිළිගන්නා බවද අවධාරණයට ,.චිඡයදාස මහතාට කොන්දේසිවිරහිතව සහයෝගය ලබාදී වහාම 21 කළ් නොමරා සම්මත කරගන්නා ලෙස මරණ මංචකයේ සිටිනා වංචනික දේශපාළු හොරිකඩයන්ට,නිළධාරීන්හට සහ සමස්ථයට දැඩිලෙස අවධාරණය කර සිටින්නෙමු,.!

  8. bandu says:

    ලංකාව තව අවුරුදු 50කට 100ට වත් ගොඩ ගන්න වෙන්නේ නෑ වගේ මේ බොරුකාරයෝ දිගටම ඉන්න ගියොත්

  9. නිර්පාක්ෂික දීපාණි සිල්වා says:

    ඔන්න අපේ කුහක ජෙප්පන්ට මාර චාන්ස් එක, විමල්ට බැනල, අපහාස කරල කොමෙන්ට් දාල ඊබ්‍රහිම්
    නානගෙන් හොඳ ගතමන්ට් හොයාගන්ඩ.

Main News