ස්විස් එම්බසියේ කාන්තාව රහස් පොලිසියෙන් පැහැර ගත් කතාව අසත්‍යයක්…- පොලිසියෙන් නිවේදනයක්..

November 30, 2019 at 10:00 am | lanka C news
ස්විස් එම්බසියේ කාන්තාව රහස් පොලිසියෙන් පැහැර ගත් කතාව අසත්‍යයක්…- පොලිසියෙන් නිවේදනයක්..

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවන් පැහැරගෙන ගියේ යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එකී සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගත් බවට වූ සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය පූර්ණ විමර්ශනයක් ආරම්භ කෙරේ.

පසුගිය දිනක ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක්වූ බවට ලැබුණු තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් 2019.11.27 දින විමර්ශනයක් ආරම්භ කරන ලදී.

ලැබුණු තොරතුරක් මත එලෙස විමර්ශන ආරම්භ කරමින් ස්විට්සර්ලන්ත තානාපති තුමාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කරමින් විමර්ශනය සඳහා අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබා දෙන ලෙසට ද එතුමාගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව සිදුවූ බව කියන සිද්ධිය පිළිබඳව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් අද දින (2019.11.29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.

ලැබුණු තොරතුරු අනුව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන මෙම විමර්ශනය සඳහා සහාය වීම පිණිස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද, පොලිස් සමීප රූප අවේෂණ කැමරා කොට්ඨාසයේ (C.C.T.V. Division ) නිලධාරීන් කණ්ඩායමක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට සහාය සඳහා පත්කර ඇත.

මෙම පැහැර ගැනීම සිදුකළ බව කියන සැකකරුවන් වින්දිත තැනැත්තියට තර්ජනය කරමින් පවසා ඇත්තේ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන බව නමුත් එය විමර්ශකයින් නොමඟ යැවීම සඳහා සැකකරුවන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් බවද වැඩිදුරටත් දන්වා සිටින අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදුකර අදාල අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.

– පොලිස් මාධ්‍ය කොට්ඨාශය

40,538 Viewers

12 Comments to “ස්විස් එම්බසියේ කාන්තාව රහස් පොලිසියෙන් පැහැර ගත් කතාව අසත්‍යයක්…- පොලිසියෙන් නිවේදනයක්..”

  1. SL says:

    Need an apology from the embassy. Gvt shd force or expell officials

  2. sw says:

    සුවිස් තානාපති හෙළුවෙන් ගියානම් ඔයිට හොදයි .

  3. kamal says:

    මිසදුටුවන්ගෙ රෝම ලන්දේසි හා ඉංග්‍රිසි නිතිය ගෙනියන්න උඹලා නිවට උනා මේ සදහා කිරිබත්ගොඩ හාමුදුරුවො අවතිර්ණය වන්නෙ අද නෙවෙයි හෙට

  4. සු විසි මග says:

    Swiss roll අතේ රෝල්

  5. kamal says:

    ඉංග්‍රිසි නිතිය සිංහල නිතියට ගෙනයාම කරන්නෙ කවුද කිරිබත්ගොඩ රහත් හිමි පැහදිලි කරයි
    ඔබලා දන්නවද මම කවුද කියා ඒ තමයි මගේ මනුස්‍යත්වය. නමුත් බුදු පියාණන් වහන්සේ අපට අනුකම්පා පිණිස අජාසත්ත කුමාරයා ගෙනල්ලා තියෙන්නෙ ලංකාවට නෙවෙයි ඉන්දියාවට එතකොට හරිද. දියසෙන් කුමාරයා ඉන්නෙ ලංකාවේ මෙය විස්වාස කරන්න. ඔබලා දන්නවද කමල් තරම් නිතිය දන්න අය නිති විදයාලයේ නැ. නිතිඤයෝ 11 දෙනයි සෝවාන් වෙලා වගේ ඉන්නෙ ඒ කට්ටියත් ඉන්නෙ ලංකාවේ දුර බැහර. නමුත් කමල්ට ඉඩ සලසන මෙන් ගෝඨාබයගෙන් ඉල්ලා සිටිනවා මොකද කමල් කියන්නෙ ගෝඨාබයට වඩා දක්ෂයෙක් දැනට ලංකාවේ ඉන්නෙ පුද්ගලයෝ 6 දෙනයි එම දක්ෂ කම තියෙන ඒ තමයි මනුස්‍යත්වය කමල්ගෙ. ගෝඨාබය කමල් හමුවි මේ ගැන කථා කරන්න මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහා රහත් හිමි.

  6. FREEDOM says:

    EMANCIPATE YOURSELVES FROM MENTAL SLAVERY.

    NON BUT OURSELVES CAN FREE OUR MINDS AND MOTHERLAND FROM BULLYING!

  7. සරා says:

    ස්විස් තානාපති කාර්යාලය රටක් විදියට බරපතල වැරද්දක් කරලා තියෙනවා.එනම් රජයේ ‌ෙසේවකයෙකුට අදාල අමාත්‍යංශයේ අනුමැතියකින් ‌ෙතොරව වීසා නිකුත් කිරිම.රටක් විදියට ස්විස්ටර්ලන්තය ලැජ්ජා විය යුතුයි.‌ෙමෙහෙම අපරාද කරන ගමන් අනෙක් රටවලට ප්‍රජාතන්ත්‍රවාදය ගැන උපදෙසුත් ‌ෙදෙනවා.ඒරට හැසිරිලා තියෙන්නේ ‌ෙදෙමල ඩයස්පෝරාව හැසිරෙන ආකාරයටමයි.රජයේ නිළධාරියෙක් ඉතාම නින්දිත ‌ෙලෙස පක්ශග්‍රාහි ‌ෙලෙස නීතය නවලා තියෙන අවස්ථාවක ඔහුට ‌ෙහොරෙන් රටෙන් පිටවෙන්න උදව් කරනවා කියන්නේ ඒ රට ගැන කවර කතාද?

  8. Ranjan says:

    This is a drama by LTTE Diaspora and others to get visa to go to Switzerland. They will inform the embassy that they cannot live in sri lanka & need the protection to go abroad. Sri lanka Govt. should thoroughly investigate to catch these culprits. Do you think any one from Govt. will use a white van to get this woman. Small mini would have been OK. .

  9. යාල් says:

    මෙ වගෙ තමයි මෙගොල්ලා වැඩ කරන්නෙ. රටකට හැදෙන්න දෙන්නෙ නෑ . අපි සල්ලි මේගොල්ලන්ගෙ company වලින් සූරන් කනවා. අපේ විතරක් නෙමේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම දුප්පත් රටවල් වලින් මේ වගේ වැඩ කරනවා . අපි ඔක්කොම එකතු වෙලා මේගොල්ලන්ගේ බඩු වර්ජනය කරන්න ඕනේ.පිරිවෙන් මැගී නූඩ්ල්ස් වගේ විස කෑම හැමදාම අපි කනවා .මේගොල්ලන්ගේ විසදා පුතේ අපි දැන් බොනව රහ කර කර . මේවා ඔක්කොම අපි එකතු වෙලා නවත්තන්න ඕන. හැමදෑම ඉවසලා තේරුමක් නැහැ

  10. Koti Dena says:

    Why the Police and CID commened investigation on just information without a proper complain. What a waist of time and resources of these two institutions! Shame to the country!

  11. අක්බාර් ලොක්කා says:

    මෙම නාටකය තානාපති කාර්‍යාලයෙන් අධ්‍යක්ෂනය කර තිරගත කල එකක් බව පෙනේ.කන්දප්පා පන්නන්න තානාපතිත් සම්බන්ධ වෙලා වගේ. ප්‍රේමදාස ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ට කලා වගේ තානාපතිට ගෙදර යන්න කියමු

  12. ජිනීවා පේ රෝලේ සිටින කොටි හිතවාදී, ආණ්ඩු විරෝධී තක්කඩි රැළකගෙ අතේ පත්තු උනු මඩ ව්‍යාපාරයක්.. පො. ප. නිෂාන්‍තගෙ කාලෙ අඩු පඩියට බදව ගත්ත අය වෙන්න ඕනෙ… ස්විස් තානාපතිට, පේ රෝලේ ගෙවීම් ටිකක් වැඩි කරල, මොලේ ඇති තක්කඩි ටිකක් බදව ගන්න වෙයි හරි මඩක් ගහන්න ඕන නම්…

Leave a Comment

Main News