ස්විස් එම්බසියේ රෙද්ද කැඩෙයි.. සේවිකාවගේ පැමිණිල්ල අමුලික බොරු.. පැහැරගැනීමක්, පහරදීමක්, ලිංගික හිරිහැර හෝ මානසික ලෙඩක් නෑ.. සේවිකාවට නඩු දමයි..

December 31, 2019 at 10:00 am | lanka C news
ස්විස් එම්බසියේ රෙද්ද කැඩෙයි.. සේවිකාවගේ පැමිණිල්ල අමුලික බොරු.. පැහැරගැනීමක්, පහරදීමක්, ලිංගික හිරිහැර හෝ මානසික ලෙඩක් නෑ.. සේවිකාවට නඩු දමයි..

කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් නමැති ශී‍්‍ර ලාංකීය නිලධාරිනියට පසුගිය නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කිසිදු පහරදීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදුවී නැති බව ඉදිරිපත් වූ වෛi වාර්තා අනුව පැහැදිලි වන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ඊයේ (30 දා* කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

එම සැකකාරිය කිසිදු මානසික ආබාධයකින් නොපෙළෙන බවත් ඇය පරීක්‍ෂා කළ විශේෂඥ මානසික වෛi මණ්ඩලය විසින් ලබාදුන් වෛi වාර්තා අනුව පැහැදිලි වන බවද ජනක බණ්ඩාර මහතා පැවසීය.

ඉදිරිපත් වූ වෛi වාර්තා, සී. සී. ටී. වී. දර්ශන හා එම සැකකාරිය ගමන් කළ ටැක්සි රථවල රියැදුරන් ලබාදුන් ප‍්‍රකාශ හා පරිවේෂණීය සාක්‍ෂි අනුව පැහැර ගැනීමට අදාළව කර ඇති පැමිණිල්ල සම්පූර්ණයෙන්ම ඇය විසින් ගොතන ලද කතාන්දරයක් බව පැහැදිලි වන බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එහිදී අධිකරණයට පැවසීය.

එබැවින් රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව හා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන විමර්ශන අවසන් වූ වහාම එම නිලධාරිනියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේය.

ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වෙන ආකාරයෙන් කටයුතු කිරීම සහ යම් නීතිමය කරුණකදී සාක්‍ෂියක් ලෙස උපයෝගී කර ගැනීමේ අදහසින් වංක ලෙස කටයුතු කිරීම ඇතුළු චෝදනා යටතේ එම සැකකාරියට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් කීය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය සමග රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර උප පොලිස් පරීක්‍ෂක හේමන්ත, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංක 3 විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රවින්ද්‍ර විමලසිරි, සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක යන මහත්වරුන් සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ අමිල එගොඩවත්ත, නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සැකකාර ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් වෙනුවෙන් පෙනී සිටියහ.

මෙහිදී ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් නමැත්තිය දැඩි ඇප කොන්දේසි පනවා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (30 දා* නියෝග කළාය.

ඇප ලබාගැනීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් දැනුම් දුන් විටෙක ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසටත් එලෙස සහාය ලබා නොදුන් බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන බවටත් තරයේ අවවාද කරමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම ඇප නියෝගය නිකුත් කළාය.

මේ වන විට පදිංචි මාළිගාකන්ද නිවාස සංකීර්ණයේ පිහිටි නිවස හැර වෙනත් ස්ථානයක පදිංචියට යන්නේ නම් ඒ බව අධිකරණයට වාර්තා කළ යුතු බවට ද සැකකාරියට කොන්දේසියක් පැනවූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඇයගේ පදිංචිය සනාථ කිරීම සඳහා ග‍්‍රාම නිලධාරි සහතිකය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළාය.

නඩුව ලබන 09 වැනිදා යළි කැඳවීමට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා
– divaina

46,993 Viewers

9 Comments to “ස්විස් එම්බසියේ රෙද්ද කැඩෙයි.. සේවිකාවගේ පැමිණිල්ල අමුලික බොරු.. පැහැරගැනීමක්, පහරදීමක්, ලිංගික හිරිහැර හෝ මානසික ලෙඩක් නෑ.. සේවිකාවට නඩු දමයි..”

  1. බොරැසෝ says:

    ස්විස් අක්කා,පාටලී, දත් දොස්තර බොරැ ෂෝ වානා – අපට මහබැංකු හොරා අද හෙටම ඕනා

  2. kanishka Tissa says:

    Please listen to Mr. Ajith Prasanna. Siriyalatha’s three kids and the mother in law have left for Switzerland. Siriyalatha will also leave for Switzerland soon claiming that she should breast fed her youngest kid and has to be with her family. NOG Kakkas would come to street demanding Siriyalatha to be sent to Switzerland on the humanitarian grounds!

  3. Modapala says:

    ස්විස් සුද්දට හැර වෙන කාටවත් මේ ගෑනිට නම් ලිංගික සත්කාරයක් කරන්න හිතෙන්නෙ නෑ.අවුරුදු හතක් රාජිතලට අල්ලපු කාමරේ දෙන්න ඕනැ.

    • Alapaluwa says:

      නැ නැ පරික්ෂණ වලින් සොයාගෙන තිබෙන්නේ මේ ගැහැණියගේ ශරීරයේ සුදු ශුක්‍රානු තිබුණු බවටයි. තවදෙයක් සුවිස් කියන්නේ මේ ලෝකයේම සිටින අපරාධකාරයින් තමා රටට ගෙන්වා ඔවුන්ගේ මුදල්වලින් ශක්තිමත්ව අන් යට කෙලවන රටක් විදියටයි . බම්බුවේ මානව හිමිකම් ගැන කථා කරණ මිනිවරුවන් දුෂිතයන් අපරාධකාරයින් රකින රටක් බලන්න බොරුද කියලා!

  4. De Silwa MC says:

    ස්විස් ඇම්බසියේ රෙද්ද කැඩිලලු,පවු නේ ඉතින් ගිහින් රෙද්ද අන්දන්න කෝ.නඩුව අවසන් උනාම තමයි බලාගන්න පුළුවන් හරියටම රෙද්ද කැඩෙන්නේ කාගේද කියල.

  5. supun says:

    yakoo thopi wage un awajjathaka ballo neda.
    rata jaathiya aagamata winaasayak. apakeertiyak wenakam
    thopi mona taram aasaawakin balaa innawada.
    padika wedikaawala sallaayonta daawa wesiyo wadala
    kaanuwala halapu thopi wge gu.np..jeppo n.gen
    meetawadaa deyak balaa porotth wenata baha.

  6. LION says:

    දෙමළ ඩයස්පෝරාවට කඩේ යන ජිනීවා සමලුවේදී මේ රගපෑම් අපි පෙන්වා දෙමු

Main News