ස්විස් තානාපති කියූ අමු කෙප්ප හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න..

December 2, 2019 at 10:40 am | lanka C news
ස්විස් තානාපති කියූ අමු කෙප්ප හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න..

මෙරට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ‍්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්‍ෂණවල තත්වය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක මුහුණ පෑ බව කියන සිද්ධිය පිළිබඳ නවතම තොරතුරු…
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක 2019 නොවැම්බර් 25 සඳුදා මුහුණ දුන් බව කියන සාපරාධි සිද්ධිය බරපතළ ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශණයක් කිරීමට වහාම නියෝග කළේය.

අද සවස (2019 දෙසැම්බර් 01) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ අදාළ නිලධාරින් සමඟ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් (Hanspeter Mock) මහතා හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමු වූ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ මහතා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශණවල ප්‍රතිඵල ගැන ඔවුන් දැනුවත් කළේය.

ස්විස් තානාපති කාර්යාලය 2019 නොවැම්බර් 29 සිකුරාදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන් වෙත යොමු කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් කළ ඉල්ලීම ඉටුකිරිමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළ ද විමර්ශණය ඉදිරියට ගෙන යනු ලැබීය. ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව උබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වා දෙන ලදී.

නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවරැදිව හඳුනා ගැනිමට තවදුරටත් විමර්ශණ කළයුතු බව අවධාරණය කෙරිණ. ඒ සඳහා සිද්ධියට මුහුණ පෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතුය. සිද්ධියට මුහුණ පෑ බව කියන තැනැත්තිය සිදුවුණාය කියන පැහැර ගැනීමේ දී තමාට තුවාල සිදු වු බව කියා ඇති බැවින් ඇය ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් කරණු ලබන වෛද්‍ය පරික්ෂණයකට භාජන කළ යුතු බව පෙන්වා දෙන ලදී.

සිදුවුවායි කියන සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදී.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ

68,452 Viewers

13 Comments to “ස්විස් තානාපති කියූ අමු කෙප්ප හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න..”

  1. Ranjan says:

    Our Govt. must inform the bloody BBC the correct position. They gave the publicity instantly the reported incident by the crook woman who wants to get asylum for the entire family. .

    • Boo says:

      The government can offer to exchange Nissantha Kandappa with this foolish woman.

      There is no value of this cunt to us, instead we must get Nishantha Kandappa.

    • Dubba says:

      The government should start connections with other news agencies like TASS, FARS and RT (and all other impartial country agencies) to reply to this western propaganda. Also we can use our own embassies through out the world.

  2. Politics says:

    It is pathetic to notice that UNP is still in the game of going against to our country.

  3. Don sarath rupasiri dsr kannangara says:

    It was Swiss banks then, now so called human Rights.

  4. SL says:

    Do not stop until the Basters in Embassy are stripped off and expelled. They were doing this type of dramas over the year , This is the best time to give them the correct rabies vaccine.

    Swiss embassy shall explain how they sneak out CID agent and they must bring him back!

  5. කිරිමෙල් says:

    Is this an embassy or a spot of miscreants? Is the so called ambassador a diplomat or an agent of anti-Sri Lanka organizations? This is not the first time the occupants of this den had been mischievous and created false flags to undermine the dignity and sovereignty of Sri Lanka.

  6. අක්බාර් ලොක්කා says:

    මේ සිද්ධියට එජාපයේද සම්බන්ධයක් ඇති බව අද ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවූ රාජිතගේ කතාවෙන් හෙලිවේ. ඒ නිසා ඔහුව සිරභාරයට ගෙන විම්

  7. සරා says:

    තිරිසන් රටක්.අන් රටවලට පාඩුවෙි ඉන්න ‌ෙනොදෙන ‌ෙබෙදුම්වාදි ත්‍රස්තවාදය කරපින්නා ගන්නා ලද කාලකන්නි රටක්.‌ෙමෙි රටෙි මිනිස්සු අල්ලලා ‌ෙබොරු සාක්ෂි හදලා ඔවුන් හිරේ විලංගුවේ දාන්න කටයුතු කරපු තක්කඩි ‌ෙපොලිස් නිලධාරින්ට රට පනින්න ‌ෙහොර වීසා තමන්ගේ රට නියෝජනය කරන තානාපති කාර්යාලයම උපයෝගි කර ගන්නවා.පුදුම ප්‍රජාතන්ත්‍රවාදි රටක්.ඒ මදිවට ‌ෙබොරු නාටක කරමින් දගලමින් ඉන්නවා.නමුත් තාම තිරපිටපත හරියට ලියා ගන්න බැරි ‌ෙවෙලා.ඒකනේ ඒ කාන්තාව ඇතුලේ හංගං ඉන්නේ.

  8. Gotaimbara says:

    Now you know BBC, New York Times and Washington Post are FAKE NEWS OUTLETS

  9. ස්විස් ගොං හැතිකරේ හිතන්න ඇති අපේ පොලිසියයි, බුද්ධි අංශයි කන්නෙ තණකොළ කියල. තොපිට බැහැ බොලව් අපේ උං එක්ක හැරෙන්නවත්.. ඒකයි තොපිට තියෙන ලොකුම ඉරිසියාව. කේ පී වත් මැස්සෙකුටවත් නොදැනී ගෙනාපු අපේ උන්ට කාව හරි උස්සන්න ඕන නම් ඔය විදියට හත් පොළේ ගා ගන්නැති බව උඹල නොදන්න කම නිසා තමයි මේ වගේ ගොං තිරනාටකයක් ජිනීවා වලින් ලියල දීල තියෙන්නෙ.. හැබැයි අපේ දූපතෙන් ාපේ අවසර නැතුව අපේ උන් උස්සන්න උඹලට හම්බ වෙන්නෙ නෑ… වැරදි කළා නම් දඩුවම් විදිය යුතුයි.. එයයි ගෝඨා නීතිය..

  10. David Milli-banda says:

    During the World war II, they dabbled in gold pilfered by the Nazis.

Leave a Comment

Main News