ස්විස් නාඩගම අවසන්.. CCTV දර්ශණ සමගින් ආණ්ඩුව සියල්ල හෙලි කරයි..

December 8, 2019 at 2:10 pm | lanka C news
ස්විස් නාඩගම අවසන්.. CCTV දර්ශණ සමගින් ආණ්ඩුව සියල්ල හෙලි කරයි..

ස්විස් නාඩගමේ අලගිය මුලගිය තැන් ළගදීම රටට හෙළි කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අව‍ධාරණය කරන්නේ මේ කුමන්ත්‍රණයේ සුලමුල මේ වන විට ආණ්ඩුව හෙළි කර‍ගෙන ඇති බවයි.  අදාළ සාක්ෂි ද සහිතව සී.සී.ටී.වී දර්ශන ද සමග මෙම තොරතුරු ලගදීම රටට හෙළි කරන බව රණතුංග මහතා කීවේ ය.

මීගමුව නගර ශාලාවේ දී පැවති මීගමුව ‍ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීගමුව ආසන බල මණ්ඩල රැස්වීමේ දී ඇමතිවරයා මේ  බව සදහන් කළේය. ජනාධිපතිවරණයේ දි ලබා ගත් ප්‍රතිඵල විශ්ලේෂණය කොට ඉදිරි මහා මැතිවරණයේ දි ලබා ගත යුතු ඉලක්ක ලබා දීම සදහා රැස්වීම කැදවා තිබුණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි දි මෙසේ ද කීවේ ය.

“ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරිමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. මේ කුමන්ත්‍රණය දේශීය හා විදේශීය වශයෙන් ක්‍රියාත්මක බව පැහැදිලියි. මේ පිටුපස ඉන්නේ බටහිර රටවල්, දෙමළ ඩයස් පෝරාව හා මෙරට තුළ ඔවුන්ට කඩේ යන රාජ්‍ය නොවන සංවිධාන, දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව කියවෙනවාත් එක්කම මේ නඩය ගෝඨාභය මහත්තයට හා ආණ්ඩුවට චෝදනා කරන්න වෙච්ච ඉක්මන දැක්කාම අපිට මේ සිද්ධවෙන දේ තේරුම් ගන්න පුළුවන්.

රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමා පසුගිය දා මාධ්‍ය හමුවක් තියෙමින් කිව්වා මේ කාන්තාවගේ කටට පිස්තෝලේ ඔබපු විදිහ. පරීක්ෂණ කණ්ඩායම් කියන්නේ මෙහෙම දෙයක් වෙලා නෑ කියලා. එහෙමනම් රාජිත කොහොමද මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නේ. රාජිතට කවුද මේ තොරතුරු දුන්නේ. මේ පිළිබද ව වහා පරීක්ෂණ කළ යුතුයි. රාජිත සේනාරත්න ඇමතිවරයා වහා අත්අඩංගුවට ගත යුතු ය.

මේ කුමන්ත්‍රණයේ පිටපත් රචකයන් නළු නිළියන් සහ අධ්‍යක්ෂකවරුන් කවුදැ‘යි ඉතා ඉක්මණින් රටට හෙළිදරව් කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට වත්මන් ආණ්ඩුව පසුබට වෙන්නේ නෑ. ඉතිහාසය පුරාම මේ වගේ පාවාදීම් අප දැක තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රට පාවාදීමට උපන් හපන් පක්ෂයක්.  ඔවුන්ට ඕනෑ කෙක්කෙන් හරි කොක්කෙන් හරි නැවත ආණ්ඩු බලය ගන්න. ඒ නිසයි අද මේ අය ඔය විදිහට කුමන්ත්‍රණ කරන්නේ. ”

– ප‍්‍රදීප් අනුර කුමාර

92,562 Viewers

7 Comments to “ස්විස් නාඩගම අවසන්.. CCTV දර්ශණ සමගින් ආණ්ඩුව සියල්ල හෙලි කරයි..”

  1. Nim says:

    KAL YAWANNE NATHUWA
    ALE DARAW KARA GANEEMA TA
    LABEEMA APAGE
    BALA POROTHU WIEE.

    • 👀 බස කන Nim ලමයට 👀 says:

      Nim ලමයෝ….
      ඔයා ලියන දෙය එක්කො සිංහල භාෂාවෙන් ලියන්න නැතිනම් ඉංග්‍රීසි බසින් ලියන්න..
      ‘මැව්ව’ බසකින් නොලියා ‘මව්’ බසින්ම ලියන්න..!
      ඔය ලියන කිසිවක් අපි කියවන්නේ නැහැ ලමයෝ…😈😈😈

  2. kamal says:

    ගුරුදෙව් කිරිබත්ෙගාඩ හිමි සිංහලය බෙරා ගත් හැටි
    ඉස්සෙල්ලාම ගුරුදෙව් කිව්වා පටිච්ච සමුප්පාදය තියෙනවා වැරදි කියා. ඒ ෙමාකද මනුස්‍යත්වය නැති නිසා නැවත කිව්වා පටිච්ච සමුප්පාදය නෙවයි කුසලය අඩුයි කියා. ඒතකොට ගොඩක් අය කුසල් රැක්කා නමුත් මාර්ගය අතහැරියෙ නැ. කිරිබත්ෙගාඩ හිමි කියන්නෙ ඹෟෂද නෙවයි කමල්ට ඔනෙ අහිංසකකමයි දෙවත්වයයි කියා. නමුත් දැන් ඔනෙ ඒවා නෙවෙයි සිවුර විතරයි කිව්වා. කමල් පැහදිලි කරයි නිධාන සුත්‍රයෙ ඒන පටිච්ච සමුප්පාදය ගැන ඒය අායතන හය අයින් කිරිමෙන් සතියෙන් ෙතාර දිගටම දම්වැලක් වගෙ යන පටිච්ච සමුප්පාදය ගැන කියවෙ. අනිත් තැන් වලදි විභංග සුත්‍රය හා පරිවිමංසන සුත්‍රයෙදි නිෙරාධය ගැනත් මාර්ගය ගැනත් හෙතුව ගැනත් දුක ගැනත් කියවෙ. නමුත් නිධාන සුත්‍රයෙදි තියෙන්නෙ හෙතුව හා දුක පමණයි. දැන් කමල්ට ඒක දෙයක් අඩුයි සිවුරක් මිට කවුද මම කියන්නෙ නැ

  3. Dp says:

    දැන් ඇමතිතුමා කියන්නේ අපිට රාජිතව අරන් ප්‍රශ්න කරන්න කියලද ,??. ඒකට තමයි ජනතාව ඔහෙලව පත් කලේ . නිකන් මාද්‍ය සංදර්ශන නැතුව කරන්න දෙයක් තියෙනවනම් කරලා ඉවර කරන්න . උනුත් එකයි මුනුත් එකයි කියල ජනතාව කියන තැනට වැටෙන්න එපා .

  4. preethi cooray says:

    ETHAKOTA EKALE UMBALAGE THATHTHA ITN EKE MADHYAWEDIYEKUTA GAHALA CAMERA KUDU KARALA ANTHIME VANDI GEWAPU HETI KOHOMADA PRASANNA….? thopilath marayo

  5. ඩපයා says:

    මෙච්චර දේවල් කරපු රාජිත තාම නිදැල්ලේ ඇයී?

  6. රන්බණ්ඩා says:

    යකෝ, කාණුකටාගෙන් ප්‍රශ්න කළයුතුව ඇත නෙවෙයි, දැන්ම කොරපියව්.
    ජනතාව තොපේ අම්මලාව අමතන්න කලින් ඒක ඉක්මනින් කොරපියව්.

Main News