ස්විස් බැංකු, පැනමා ගිණුම්, මොරිෂස් බැංකුවල සල්ලි දාපු මැති ඇමතිලා රන්ජන් හෙලි කරයි.. ලැයිස්තුවම රන්ජන් අතේ..

March 21, 2018 at 1:20 pm | lanka C news
ස්විස් බැංකු, පැනමා ගිණුම්, මොරිෂස් බැංකුවල සල්ලි දාපු මැති ඇමතිලා රන්ජන් හෙලි කරයි.. ලැයිස්තුවම රන්ජන් අතේ..

ස්විස් බැංකුවේ, පැනමා ගිණුම්වල, මොරිෂස් බැංකුවල සල්ලි දාපු අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඕනෑ නම් ලැයිස්තුව දෙන්නම්” සමාජ සවිබල ගැන්වීම් සුබ සාධක රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ශ්‍රී ලංකාව ලෝකයේ දූෂිත රටවල් හතරෙන් එකක් බවට පත්වෙලා. දූෂණ මිනිමැරුම් ගැන නඩු භාණ්ඩ තියෙනවා. ඒ වරදකරුවන්ට දඬුවම් ලැබී නැහැ. අපරාධකරුවෝ නීතිය ඉදිරියට ගෙන ඒම හා දඬුවම් දීම නොකළේ කවුද කියා ජනතාව ප්‍රශ්න කරනවා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නම් දෙන්නෙක් මේ වන විට බන්ධනාගාර ගතවී ඉන්නවා. මේ රට විනාශ කළේ පාලකයන් හා පූජකයන් බව ස්වාමින් වහන්සේ නමක් පසුගියදා ප්‍රකාශ කළා. හොරුන්ට පිරිත් නූල් බඳින, අශීර්වාද කරන ආකාරය අපට පේනවා.

මේ රට දූෂිත ලැයිස්තුවේ හතර වැනි තැනට ගෙනාවේ අධිකරණය, නීතිඥයන්, පූජකවරුන් හා ජනතාවයි. ඩේසි ආච්චිගේ මැජික් මල්ල ගැන, පිස්තෝල අක්කා ගැන නීතිඥයන් ඉදිරිපත් කළේ හාස්‍ය උපදවන මත. කුඩු නවුෆර්ගේ නඩුවට තීන්දුව දුන් විනිසුරුවරයා ඝාතනය කළ ඝාතකයන් වෙනුවෙන්, හොරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට ගෞරවනීය නීතිඥයන් කියන්න මා කැමැති නැහැ. මම මේ තිත්ත ඇත්ත කියන්න බයත් නැහැ.

නීතිඥ ගාස්තු ගෙවන්න වකුගඩුව විකුණපු පුද්ගලයෙක් ගැන මාධ්‍යක සඳහන් වෙනවා. හොරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට සදාචාරයක් නැහැ. හොරු ඇල්ලුවාද කියා අද හොරුන්ම අහනවා. තනියෙන් යුද්ධය දිනූ බව කියා පොතක් ලියූ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා උසාවියට බයයි. මට නඩු දාන්න එපා කියා අපේක්‍ෂිත ඇප ඉල්ලනවා.”

ප්‍රධාන පක්‍ෂ දෙකේම හොරු ඉන්නවා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය වුණේ හොරු අල්ලන්න ගිහින්. ජ.වි.පෙ. පිරිසුදු පක්‍ෂයක් බව කියනවා. ඉස්සෙල්ලාම බැංකු කැඩුවේ හැඳුනුම්පත් හොරකම් කළේ කවුද? අපට දේශපාලනය කළ යුතු නිසා පක්‍ෂයක් තෝරා ගන්න වෙලා. ඒත් හොරු ගැන කතා කරන්න අපට පුළුවන්. ටැක්ස් වංචා නොකළ කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නැහැ. මේ මමත් හරියට බදු ගෙවලා නැහැ. ඒ සිස්ටම් එක ඇතුළේ අපි හරියට නොකළහොත් මේ රට නඟාසිටුවන්න බැහැ. රටේ දේශපාලකයන් මෙන්ම ජනතාවත් හොරු.

මේ රට සුරපුරක් දිව්‍ය ලෝකයක් කරන්න විනිසුරුවරුන්ට පුළුවන්. හරියට කොන්ද කෙළින් තියාගෙන තීන්දු දුන්නා නම් ඒක කරන්න පුළුවන්.

ගිණුම් හිමියා හොරාද නැද්ද කියන එක බැංකුවට ප්‍රශ්නයක් නැහැ. ඩුබායි බැංකුව, මොරිෂස් බැංකුව, ස්විස් බැංකුව තමන්ගේ ගිණුම් හිමියන්ගේ ගිණුම් විස්තර කාටවත් දෙන්නේ නැහැ.

මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ස්විස් බැංකුවේ සල්ලි දාපු අය. පැනමා පේපර්වල, මොරිෂස් බැංකුවල සල්ලි දාපු අය ඉන්නවා. ඕනෑ නම් ලැයිස්තුවක් දෙන්නම්. ඒ ආයතන අපට සහාය දෙන්නේ නැහැ. හොරා ඒ ආයතනවල ගනුදෙනුකරුවා. ආසියාවේ දූෂිත රටවල් හතරෙන් එකකට අපි ආපු විදියයි ඒ.

– mawbima

127 views

23 Comments to “ස්විස් බැංකු, පැනමා ගිණුම්, මොරිෂස් බැංකුවල සල්ලි දාපු මැති ඇමතිලා රන්ජන් හෙලි කරයි.. ලැයිස්තුවම රන්ජන් අතේ..”

  1. Niru says:

    This looney can write the list in a clean sheet of paper and shove it in his back hole. This is what he he always does. No body will want to take it from there. All talk but no facts emerge from this Ponils servant.

    • තුෂාර says:

      “හොරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට සදාචාරයක් නැහැ“ ඔය නීතිය ගැන දන්න තරම තමා. නීතිඥයන් සේවා දායකයට සේවය කරන්න බැදිලා ඉන්නවා. හොරෙක් වුනත්, මිනි මරුවෙක් වුනත් නීතිඥයන් ඔහුගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. එතකොටයි තමයි යුකිතිය ඉටුවෙන්නේ. අවුරුදු තුනක් බලයේ ඉදල හොරුත් නැ, මිනී මරුවොත් නැ ( පොලිසිය / අදිකරණය UNP ) දැන් බයිලා ගහනවා. ඕව චිත්‍රපටි දෙබස් විතරයි…

    • සුදා says:

      ඉරිසියාව නිසා අනුන්ගේ කාර් උඩ මලපහ කරපු එවුන් ,දවස් තුනකට පිටරට ගිහින් අවුරුද්දක් පිටරට ඉඳල එන කෙනෙකුගේ ඩියුටි ෆ්‍රී දීමනාව අයතු විදියට ලබාගෙන රුපවාහිනි මිලට ගත්තු එවුන් ,විවාහ වෙන බව පොරොන්දු වී ගෑනුන්ගෙන් සල්ලි වංචා කරපු උන් මේ ආණ්ඩුවේ ඉන්නවා උන්ට ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නෑ අන්න ඒවගේ උන් තමා අනිකුන්ගේ හොරකම් ගැන කතා කරන්නේ .
      කාර් එකක වහලයක් උඩ මලපහ කරනව කියන්නේ මොන තරම් පහත් ලජ්ජා නැති ජරා කැත වැඩක්ද
      මේවගේ ජඩ චරිතත් අද පාර්ලිඑම්න්තුවේ ඉන්නවා ගොන්ජෝ

      • නෙල්සන් says:

        ඔය කියන ජාතියේ දේශපාලකයෙක් මීගමුවේ ජාතිවාදේ වපුරලා කඩයක් කැඩුවා කියල චෝදනාවක් තියෙනව නේද දන්නා කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා ඒ ගැන විස්තර කියන්නකෝ .අර නාකි නෝනා කෙනෙක් ගැනත් කියන කතවත් කියන්නකෝ

      • ජෙහාන් says:

        ලස්සන වැඩේ කියන්නේ හොරට ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත ටීවී එකට දීලා තියෙන්නේ කැඩිච්චි ටීවී එකක් එනිසා වැඩේ නොන්ඩි වේලා ගියා මොනවා උනත් ටීවී එක විකුනපු මනුස්සයා කැත වැඩේට ලෑබෙන්න ඕනා නියම දඩුවම දුන්නා

  2. සිංහල කොන්ග්‍රස් says:

    කටට බ්රෙක් නැහැ කියල tv එකේ තමන්ම කියල ජනතාව ගොනාට අන්දන්න කට තියනවට පච කෙලල පජ වෙච්ච ගොන්ජා පල පල යන්න.
    මහේන්ද්‍රන් රට ගියෙ නෑ කියල මහේන්ද්‍රන් ගෙන්ම බොරැ වෙච්ච පජ වෙච්ච තෝ වගේ ගොන්ජල තමය් කක්කුස්සි වල වල අත දමල රත්තරන් හොයල අගේට හැදීගන අපු රට කෑවෙ.

    • Alapaluwa says:

      සිංහල කොංග්‍රස් මොන භාෂාවෙන් හරි කියා තියෙන දේයනම් අපුරුයි.එයම තමයි සත්‍යය.ඔබ හරියටම හරි.

  3. john the baptice says:

    මු පච ගහන ගමන් බැංකු හොරා රනිල්ව රකිනවා රනිල්ගේ විස්වාස බංගයට මු අත්සන් ක‍රන්නේ නැහැ

  4. රටෙ එකා says:

    පැනමාවෙ සල්ලි දාලා තියලා අහු උනේනම් කොලබින් පාර්ලිමේන්තු ආපු ජාතික ඇදුම අදින උස හීන්දෑරි උපාසක මහත්තයා. සල්ලි හම්බ වෙන්න ඇත්තේ 2015දී පොදු අපේක්ශකයට උදවු කරාට වෙන්න ඇති. රන්ජට මුකුත් හම්බ උනේ නැද්ද?

    • ගොන්ජා Dubba says:

      මට සල්ලි හම්බ වුනේ වයසක නෝනා කෙනෙක්ගෙන්. ඒකත් දහදිය මහන්සියෙන් වැඩක් කරලා.

  5. Deiya says:

    — ගිණුම් හිමියා හොරාද නැද්ද කියන එක බැංකුවට ප්‍රශ්නයක් නැහැ. ඩුබායි බැංකුව, මොරිෂස් බැංකුව, ස්විස් බැංකුව තමන්ගේ ගිණුම් හිමියන්ගේ ගිණුම් විස්තර කාටවත් දෙන්නේ නැහැ. —

    ඕක කියපන් උඹෙ රාජිත හරකට… ස්විස්, ඩුබායි බැ0කු විස්තර දෙන්නෙ නැත්තන් ඕක ඇස් දෙකටම දැකපු බ්ලියන ගාන මොකෙක් පෙන්නපු එකක්ද කියල උගෙන් අහල අපිට කියපන් හොදෙ

  6. Sooraseana says:

    Pattarawala vistara kiyaa nikang boru sobana epaa!neetimaga piyawara Ganda lokuwata burannetuwa attha heikarda mahajanayaata .

  7. Alapaluwa says:

    මොවුන්වගේ දෙකයි පනහහේ කාඩ්බෝර්ඩ් වීරයෝ පාර්ලිමේන්තුවට ආපුවම මේයට වඩා වැඩිපුර දෙයක් බලාපොරොත්තු විය නොහැකියි.අනෙක මේවගේ අමන තකතීරු බුරුවන්ව පාර්ලිමේන්තුවට දක්කපු එවුන්ටත් අර සිරාගේ මඩුවලිගෙන් හම යනතෙක් ගැසිය යුතුය.

  8. රාලහාමි says:

    ඔය ලැයිස්තුව පුච්චලා බීපන් නැත්තන් නළලේ අළු ගාගනින් …කටේ ගඩු දාන්න ඕනා මේ බින්න වලට

  9. mike says:

    this Donkey always plays to the gallery, neither he is a good actor nor good politician.

  10. rana says:

    Hey Gonja tabled the names and the amount of both government and opposition members who hide black money in foreign countries if you can in the Parliament. Otherwise your words just lies. I challange you.

Main News