ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයෙකුට පහරදීමක්…

August 13, 2020 at 8:02 am | lanka C news
ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයෙකුට පහරදීමක්…

වව්නියාවේ ක්‍රියාත්ම දෙමළ සංවිධානයක් වූ තමිල් නිලම් මක්කල් අමෙයිප්පු නැමති සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකුට වව්නියාව කරප්පන්කාඩු කිසියම් පිරිසක් විසින් පහර දුන් බවට පැමිණිල්ලක් ලැබී ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

පහරකෑමට පක් වූ පුද්ගලයාට ඊයේ දින නාදුනන පිරිසක් විසින් පහරදීම හේතුවෙන් ඔහු වව්නියාව මහරෝහලට ඇතුලත් වී ඇති අතර ඔහුගෙන් මුදල්ද කොල්ල කා පහරදීමට පැමිණි පිරිස් පලා ගොස් ඇති බවට පැමිණිළි කොට ඇත.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කරප්පන්කාඩු ප්‍රදේශයේ පදිංචි වී.විනෝදරන් නැමති අයෙකු වන අතර පහරදීම සමබන්ධයෙන් වව්නියාව පොලීසිය මේ වන විට වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,934 views

2 Comments to “ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයෙකුට පහරදීමක්…”

  1. ADA DA RENA NALIKAWA says:

    19 අහෝසි කිරීමක් නෑ, තාවකාලික වෙනස්කම් කිහිපයක් දැනට කරගන්න වෙයි – වාසු

  2. Gotaimbara says:

    These NGO fellows deserve this. Whether they are Sinhalese or Tamil, these are the people who guide the country to foreign agendas.

Main News