සාකච්චා අසාර්ථකයි.. එජාප සිහින මුට්ටිය අදත් ජනාධිපති පොලවේ ගහයි.. 225ම අත්සන් කලත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ නෑ නෑමයි කියයි..

December 3, 2018 at 10:07 pm | lanka C news
සාකච්චා අසාර්ථකයි.. එජාප සිහින මුට්ටිය අදත් ජනාධිපති පොලවේ ගහයි.. 225ම අත්සන් කලත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ නෑ නෑමයි කියයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජතික පෙරමුණේ නායකයන් අතර අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්චාවද කිසිදු එකගතාවයකින් තොරව අවසන් වී තිබේ.

ජනාධීපතිවරයා අද දිනයේ එම පෙරමුණේ නායකයන්ට තදින්ම අවධාරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනෙම අත්සන් කරගෙන ආවද රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා නොදෙන බවයි.

එක්සත් ජාතික පෙරමුණ සිය මතය ලෙස දන්වා ඇත්තේ අගමැති ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා නම් කල යුතු බවයි එය තම ඒකමතික තීන්දුව බවත්ය.

මෙම සාකච්චාව ඉතා කෙටි වේලාවක් පැවැත්වී ඇති අතර අද දිනයේ අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක වීමේ නියෝගය ගැන ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කර නැත. මහින්ද රාජපක්‍ෂ මහතා ඊට එරෙහිව අභියාචනා ගොනු කරන බැවින් එහි තීන්ුදුව දෙසද බලන්නට සිදු වන බවද ඔහු පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළ ත් රනිල් අගමැති නොකරන බව ජනපති එ.ජා.පයට දැනුම් දෙයි

BREAKING NEWS: පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළ ත් රනිල් අගමැති නොකරන බව ජනපති එ.ජා.පයට දැනුම් දෙයි

Gepostet von Newsfirst.lk am Montag, 3. Dezember 2018

19 views

34 Comments to “සාකච්චා අසාර්ථකයි.. එජාප සිහින මුට්ටිය අදත් ජනාධිපති පොලවේ ගහයි.. 225ම අත්සන් කලත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ නෑ නෑමයි කියයි..”

  1. manhatton says:

    Excellent ! Do not fear SL Yankees.

Main News