සාකච්සා අවසන්.. ශ්රිලනිප ඇමතිලා පහක් ඒකාබද්දට එන බව ස්ථිර කරයි..
May 3, 2017 at 3:00 pm | lanka C news
එන අගෝස්තු මාසයේදී එජාප-ශ්රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුමේ අවසන් වීමත් සමගම විපක්ෂයට එක් වන බවට වත්මන් ශ්රීලනිප ඇමැතිවරුන් පස් දෙනෙක් ස්ථිර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මහතා පවසයි.
දැනටමත් එම ඇමතිවරුන් පස් දෙනා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමග ස්ථීර එකගත්වයකට පැමිණ ඇති බවද කී ඔහු එජාප ශ්රීළනිප හවුල් ආණ්ඩු ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීමකට ඔවුන් දැනටමත් දැඩි විරෝධය පළ කර ඇතැයි ද කීය.