සාක්‍ෂි ඇතිව බදියුදීන් අත්අඩංගුවට ගන්න යද්දී මැකො වලක්වයි…

July 22, 2020 at 6:24 am | lanka C news
සාක්‍ෂි ඇතිව බදියුදීන් අත්අඩංගුවට ගන්න යද්දී මැකො වලක්වයි…

රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඇති බලය කුමක්දැයි ප්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, යමෙකු අපරාධ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලීමට කවර බලධාරියෙකුට වුව නොහැකි බව පෙන්වා දෙයි.

අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“පාස්කු ඉරිදා ප්‍රහාරයේ මිනීමරුවන් පිළිබඳ කෙරුණු පරීක්ෂණ පසුගිය ආණ්ඩුව සමයේ වසා දැමුවේ කෙසේද? කියා ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසම හමුවට ඇවිත් පොලිස් නිලධාරීන් අද සාක්ෂි ලබා දෙනවා. ‘සීඅයිඩීයේ හිටපු ප්‍රධානියා අපට උපදෙස් දුන්නා, එක් ත්‍රස්තවාදියෙකුගේ ගෙදර තිබුණු සීසීටීවී දර්ශන මකා දමන්න. හේතුව තමයි ඒ ආණ්ඩුවේ ඇමතිවරුන් ඒ ගෙදරට ගිහින් තිබීම,’ යන්නත් මෙලෙස පොලිස් නිලධාරීන් ලබා දුන් සාක්ෂියක්. ඒ වහපු තොරතුරු අද මෙලෙස එළියට එනවා.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ මල්ලි අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔප්පු කළ හැකි හේතු කාරණා සහිතවයි. දැන් එසේ හේතු කාරණා සහිතව රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පොලිස්පතිවරයාට, සීඅයිඩිය ඇතුළු නීතිය ක්‍රියාත්මක ආයතනවලට ලිපි යවනවා, ‘මැතිවරණය අවසන් වන තෙක් රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන්න’ කියා. මා වුවත් අපරාධ වරදක් සිදු කළොත් අත්අඩංගුවට ගත යුතුයි. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කිව හැකිද ‘මැතිවරණය අවසන් වන තෙක් විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න’ කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිට එවැනි බලයක් නැහැ. මේ රටේ අත්අඩංගුවට ගත යුත්තේ කවුද, කවර වෙලාවකද, කියා නියෝග දීමට ද මැතිවරණ කොමිසමේ සභාපති ඉන්නේ?

‘මැතිවරණ කොමිසමේ සභාපතිගේ හඬපට’

ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිගේ හඬපට දැන් එළියට ඇවිත් තියෙනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඒ ගැන හෙළිදරව් කරන්නේ නැහැ. ‘මැතිවරණ කොමිසමේ සභාපතිගේ කලිසම ගැලවෙයි’ කියලා ඔවුන් බියයි. මොකද එක්තරා මාධ්‍ය ආයතයනයක් ඔහුට මීට ඉහත දී ‘හොඳම රාජ්‍ය සේවකයා’ ලෙස සම්මානයක් ද ලබා දී තිබෙනවා. ඒ හඬපටවල තියෙනවා, ‘සජිත් ප්‍රේමදාසගේ පක්ෂය නිත්‍යනුකූලව වලංගු නැහැ’ කියා ඔහු පවසන අයුරු. ඒත් එයා නිත්‍යනුකූලව වලංගු නැති පක්ෂයකට අද ඡන්දය ඉල්ලන්න දීලා තිබෙනවා. ඒක එතකොට නිත්‍යනුකූලද?

‘තුසිත හල්ලොලුව කියන කතාව’

තවත් ඊට අදාළ හඬපටයක මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු වූ තුසිත හල්ලොලුව ඉහත හඬපට එළියට දමපු කෙනාට කියනවා, ‘මහින්ද දේශප්‍රිය අපට කොතරම් උදව් කළාද? එයාගේ උදව් නැත්නම් අපට අණ්ඩුව පිහිටුවන්න බැරි වෙනවා. ඇයි එයාට මේ විදියට ගහන්නේ?’ කියලා. මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන්ගෙන් සමන්විත කොමිෂන් සභා ස්වාධීනද? අද ‘රිෂාඞ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න’ කියා කියන සභාපති ඊළඟට කියාවි ‘රිෂාඞ් බදියුදීන්ගේ මල්ලි එළියට දාන්න. එයාට අයියා වෙනුවෙන් ඡන්දෙට වැඩ කරන්න තියෙනවා’ කියා. මේ විදියට පක්ෂග්‍රාහී කොමිෂන් සභා හදාගෙන, ස්වාධීන වෙස්මුහුණු දමාගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වමින් තිබෙන්නේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බහුතර ජනතාව විසින් දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයි”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

35,761 Viewers

27 Comments to “සාක්‍ෂි ඇතිව බදියුදීන් අත්අඩංගුවට ගන්න යද්දී මැකො වලක්වයි…”

  1. බුවා says:

    අපරාධ කාරයින් නීතියෙන් ගැලවීම පිණිස දේශපාලන බලයක් ගොඩ නගා ගන්නවා. එතැන් පටන් නීතිය ඔවුන්ට යටයි.

    • Jeewanee Kariyawasam , chilaw says:

      Badurdeenwa boruwa allala wadak nah chande hinda , aththa sakshi nathuwa boru shakshi walain palak nah , ekai Mahinda deshapriya ehema kale , gon bayyo nikan buranawa, aho weerawansa panikkiya

    • kawinda says:

      ATTENTION. Please do not show the photographs of the important significant and responsible legal officers on the TV screen with the under world news.

  2. සිරා says:

    අර කුරැණෑගල බුවන‌ෙකබාහු රාජසභාව ඩෝසර් කරපු කැප්ටන් ඩෝසර්ව අත්අඩංගුවට ගන්න එක වලක්වග‌ෙන ඉන්නේ කවුද ?
    අයියද මල්ලිද,ද‌ෙන්නමද ?

    • බුවා says:

      චණ්ඩි ආසයි චන්ඩි පාට දාන්න. හැබැයි එහෙම කලොත් පොලිසියෙන් අල්ලන් යනවා. ඒ නිසා චන්ඩි දේශපාලන බලයක් ගොඩනගා ගන්නවා. ඉන්පසු ඔවුන්ට චන්ඩිකම් කරන්න පුළුවන්. පොලිසිය ඔවුන්ට බයයි.

  3. කුරී- පාන්- බී -බී බිසව says:

    සත් ගුණවත් විමල් විරවංශ මයා..අනේ මගේ කට..අපි නොදන්න මෙයාගෙ යටි පුට්ටු උප්පරවැට්ටි..අපි අහුවෙයි ඕ වට.

    • වයි දිස් කොලවෙරි says:

      ඔබට විමල් භීතිකාව මිත්‍රයා. පකනිල් පෙත්තක් බිල බලන්න හොද වෙයිද කියලා.

      • කූරි පාන් බි බී බිසව says:

        භීතිකාවක් නැහැ..නූගත් හරක් දේශපාලනේට ඇවිත් කට මැද දොඩවනකොට හරිම අප්පිරියාවක් එනවා..

  4. Aurora says:

    මැතිවරණයේදී 2015 කරණලද සටකපට ක්‍රියාවන් නැවතත් කරන්න මහින්ද දේශප්‍රිය සහ කණ්ඩායම උත්සාහ කරාවි. මනාප සටන වැනි කාරණා මත පසුබෑමට ලක්වීමට ඉඩනොදී මැතිවරණ ව්‍යාපාරය නැවත පිබිදීමකට ලක්කළ යුතුයි. චන්ද ගැනීමේදී සහ පරිගණක ගත කිරීමේදී මැකෝ ගේ සටකපටකම් ක්‍රියාත්මක වියහැකිය. චන්දපෙට්ටි ලොකු කාඩ්බෝඩ් පෙට්ටිවල දැමීම පමණක් ප්‍රමාණවත් නැත. එම ලොකු පෙට්ටි 40′ කන්ටේනර් තුල දමා සීල් කරලා දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ට පසුදින තෙක් නිරීක්‍ෂණ යටතේ තබගනීමට දියයුතුය. මැතිවරණයෙන් පසු 2015 මැතිවරණයේදී සිදුවූවා කියන සහ එදා මේද තුර මහින්ද දේශප්‍රිය සිදුකල සියළුම ක්‍රියා විමර්ෂණය කල යුතුය. නැතිව කුණු පාපිස්ස යට සැඟවීම කිසිසේත්ම නොකළ යුතුය.

    • උක්කුං මල්ලී says:

      අනේ වහලෝ මැ. කෝ කියන්නේ මුළු ලෝකයම පිලිගත් නිලධාරියෙක්. 2015 මහින්ද රාජපක්‍ෂ පැරදුනේ එයා වටේට හිටපු දූෂීතයෝ නිසා මිසක් මැ. කෝ ගේ වරදින් නොවේ. එහෙනම් පොහොට්ටුව ප්‍රාදේශීය සභා දිනුවේ,ජනාධිපති වරණය දිනුවේ. එතකොටත් මැ. කෝ මෙයමයි.

      • GuVP says:

        ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ
        ලෝකෙට මොනව පෙන්නුවත් තමන්ගේ වගකීම් ඉටු නොකල කැනහිලෙක්

        • ටොයිබයියා says:

          ඒ කොහොම උනත් මැකෝගෙන් ජහපාලන පුසුඹක් එනවා වගේ වගේ!!

      • දෙන්නෙ වමෙන් says:

        අඩෝ උක්කුවා ප්‍රාදේශීය සභා මැතිවරනෙ තැපැල් චන්ද ටික කෝ කියලා මැකොගෙන් අහලා කියපන්කො

        මැකෝ ආවත් හරි චන්දෙට යන වියදම කෝමද

      • මල්ලිට හරක් කිර පෙවිලා මල්ලි says:

        උක්කුං කියලා අමු මී හරක් කිරි බීපු එකෝ පිටරට එක එක හැත්ත පිලිගන්නේ උන්ට ඕන පදේට නටන කකුලුවන්ව
        පිටරට මොකා පිලිගත්තත් අපි දන්නවා මැකෝගෙ කැරැට්ටුව

        ද්‍රෝහියා රකින්න එන්නෙ තවත් ද්‍රෝහියෙක් කියලා කතාවක් තියෙනවා

        • ටොයිබයියා says:

          පිටරට කියන්නේ ජාතියන්තර ප්‍රජාව වෙන්ට ඇති. හිකිස්!

      • ජෙප්පා says:

        ලෝකෙම පිළිගත්ත එකෙක්? හුකෑස්…….
        සජියගෙන් ඉල්ලගෙන පකනිල් පෙත්තක් බීපන්. බාග වෙලාවට ඔය අමාරුව හොදවෙන්න පුළුවන්.

      • saba says:

        ඔය මනුස්සයා ස්වාධීනත් නැහැ. ඔය කොමිසම ස්වාධීනත් නැහැ. ඕකුන් කරන්නේ ස්වාධීන කියන වචනය භාවිතා කරමින් රට වනසන එක යාලුවා…

      • Aurora says:

        ලෝකේ ලොකුයි තමයි, ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියන රනිල් චන්ද තියන්න බයේ වෙව්ලන එකත්, ලෝකේ හොඳම මුදල් ඇමති තමුන් පදිංචිවෙලා ඉන්න ගෙදර කොහොම තමුන්ට/භාර්යාවට ලැබුණද කියල නොදන්න එකත් මේ සමඟම හිතන්න. මම මගේ රට වෙනුවෙන් මිස කිසිම දේශපාලකයෙක්ගේ වහලෙක් නොවේ. මගේ අදහස තමුන්ගේ ස්වාමියාහට අනර්ථකාරී නිසා නොවේද විමර්ශනයක් කලයුතුයි කියා යෝජනා කරපු පමණින් කුලප්පු වෙන්නේ?

    • ඉත්තෑවා says:

      අනිවා, තබ සතේකට විශ්වාස කරන්න බැරි එකෙක්. අයිය සුනන්ද දේශප්‍රිය, රට පාවා දීපු එකා.

  5. MD says:

    ඵයා කොහොමද දේශපිය වෙන්නෙ.ඵයා දැන් දේශයට අප්පිරිය වෙලා ඉන්නේ.ජනපතිතුමනි අගෝස්තු 5න් පස්සෙ මෙයාලට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න.මැකෝ සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහි ලෙසයි වැඩ කරන්නේ.

    • Passer_by says:

      In that case ,all the cases that are being heard in the magistrate courts,district courts and other courts
      also should be suspended till the end of the parliamentary elections. Because every citizen’s vote is decisive on the final election results,apart from the fact every citizen should have the right study the various candidates freely before voting by attending their pocket meetings, conferences etc. .Otherwise those facts also inhibits free and fair election.

  6. baiya says:

    wahallunta waasi theendu deddi maco hondai. ekak thamai elpitiya pradeshiya sabha mathiwaranaya. ethakota maco deiyek. kapati wahal baiyo.

  7. ක්‍රිමිනල් says:

    එදා මහමැතිවරණය කාලෙත් මැ.කො.ස මේ වගේම නාමල් රාජපක්ශලට මැතිවරණය කරන්න ඉඩ දෙන්න කියලා සී.අයි.ඩි යට ලියුම් ලිව්වා , ඒ නාමල් ලා මැ.කො.ස ට ඉල්ලිමක් කරපු හින්දා ,අද බදූයිර්දීන්ලට . මෙච්චර කල් පොල් ගැවද බදුර්දීන්ලව අත් අඩංගුවට ගන්න , චන්දේ කිට්ටු වෙලා බදුර්දීන්ල්ලව අත් අඩංගුවට අරගෙන බෛයන්ට පොඩි ආතල් එකක් දෙන්න යන්නේ ,බදුර්දීන් ව හැදුවේ කවුද කියලා අද පුන්නක්කු බෛයන්ට අමතක වෙලා.

    • මේ ක්‍රිමිනල් කියන්නේ මංගල සමරවීර මුගේ අම්මට බැක්සයිඩ් කරනකොට වැරදීමකින් පිටවූ ශුක්‍රනුවකින් ඉපදුණු පාහරයෙක්. මු මුගේ අප්පා වගේම මහින්ද රාජපක්ෂ මහතා සමග ජාති වයිරයකින් පෙලේ. රටේ එකකුට පඩයක් ගියත් මුට මතක් වන්නේ මහින්ද රාජපක්ෂය.

    • ටොයිබයියා says:

      මහින්දයි, බසිලුයි තමා කිරි පොවලා ගත්තේ. ජපලක රනිලුයි, පඹ සිරි තමා ලොකුමහත් කලේ!

  8. john says:

    This is not a matter to be decided by elections commission. The case involves loss of lives of hundreds of innocent people including children. Where is the justice for them and their families? All the criminals responsible should have been brought to justice long time ago. Sadly this has not been done.

    Delayed justice is justice denied.

  9. ගමේ වෙදා says:

    මැතිවරණය අවසන්වූ වහාම මැකෝගේ අක්‍රමිකතාවයන් පිළිබඳව විමර්ශණයක් කර අත් අඩංගුවට ගත යුතුයි !

Main News