සාක්ෂි නොදෙන බව ඇලෝසියස් කියයි.. කොමිසම හද්දා අසරණ වේ.. බැදුම්කර චිත්රපටය අවසන්…
September 14, 2017 at 11:20 am | lanka C news
බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට තමනට නොහැකි බව පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගෙම් හිමිකරු අර්ජුන් ඇලෝසියස් අද දිනයේ කොමිසම හමුවේ ප්රකාශ කර ඇත.
ඒ අනුව කොමිසමද තීන්දු කර ඇත්තේ සාක්ෂි දීම සදහා බල කිරීමට කොමිසමට හැකියාවක් නැති බවයි.
කෙසේ වෙතත් කොමිසමේ එම තීරණය ගැන තමන් සැහීමකට පත් නොවන බවත් නීතිපති උපදෙස් ගැනීමට බලාපොරොත්තු වන බවත් වැඩබලන සොලිසිටර් ජෙනරාල් නීතිඥ දප්පුලි ද ලිවේරා මහතා කොමිසම හමුවේ කියා සිටියේය.