සාක්‍ෂි ප‍්‍රබලයි.. වරද පිලිගන්න.. සුළු දඬුවමක් විදින්න.. එජාප ප‍්‍රබලයා චම්පිකට දන්වයි…

December 21, 2019 at 2:10 pm | lanka C news
සාක්‍ෂි ප‍්‍රබලයි.. වරද පිලිගන්න.. සුළු දඬුවමක් විදින්න.. එජාප ප‍්‍රබලයා චම්පිකට දන්වයි…

2016 වසරේ දී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීම මේ අවස්ථාවේ සුදුසුම දෙය බව රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයෙක් දැනුම් දී ඇති බව එජාප ප‍්‍රබල ආධාරකරුවකුගේ සමාජජාල ගිණුමක සදහන් කර ඇත.

ගොනුවෙමින් ඇති සාක්ෂිවල ප‍්‍රබලත්වය මත තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට ඒ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව ඇහිරෙමින් ඇතැයිද ඔහු දන්වා ඇත.

රණවක හිටපු ඇමතිවරයාට එරෙහිව ඇති සාක්ෂි ප්‍රබල බවත් එමෙන්ම අනතුරේ වින්දිතයා සම්බන්ධයෙන් මානුෂිකව කටයුතු නොකිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයටද තව දුරටත් චූදිතයා වෙනුවෙන් පෙනී සිටීම මගින් සමාජය හමුවේ සදාචාර බලය අහිමි වනු ඇති බවත් ඔහු අවධාරණය කර ඇතැයිද සදහන්ය.

එනිසා අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් සුලු දඬුවමක් විඳීමට අවස්ථාව උදාකර ඇති කරගත හැකි බව නිතිඥයන් විසින්ද දැනුම්දී ඇති බවත් තවත් කල් පසු නොකර මීළඟ නඩු වාරයට පෙර තීන්දුවක් ගන්නා ලෙසද දැනුම් දී ඇතැයිද එහි දැක්වෙයි.

201 views

17 Comments to “සාක්‍ෂි ප‍්‍රබලයි.. වරද පිලිගන්න.. සුළු දඬුවමක් විදින්න.. එජාප ප‍්‍රබලයා චම්පිකට දන්වයි…”

  1. siri says:

    muge walkamwalata wenama daduwam denna ona.

  2. Jeewaka says:

    guys watch the tele drama in ITN called hiru awidin,,, theres a charactor called KEHEL SUSANTHA.. its the same personality ..champika ranawaka a disguised sick pervert maniac under the white clothes…WATCH THE 4th episode,,,lol

Main News