‘සාගතයේ අරගලය’ විරෝධතා…

September 18, 2022 at 6:20 pm | lanka C news
‘සාගතයේ අරගලය’ විරෝධතා…

ජිවන වියදම ඉහල යාම , ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමට විරෝධය පාමින් අයිතින් උදෙසා වු කාන්තා සංවිධානය (18) දින දහවල් හැටන් නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.

සාගතයේ අරගලය යන මැයෙන් හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට අයිතින් උදෙසා වු කාන්තා සංවිධානයේ කාන්තාවන් පිරිසක් රැස් වෙමින් මෙම උද්ඝෝෂණය සිදු කරනු ලැබුහ.

අයිතින් උදෙසා වු කාන්තා සංවිධානයේ සභාපතිනිය සරෝජා සවිත්‍රි මහත්මිය මෙම උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ජිවන වියදම සහ භාණ්ඩ මිල ඉහල යාම හමුවේ වතුකරයේ ජනතාව ඇතුළු සමස්ත රටේ ජනතාව කුසගින්නේ සිටිමට සිදු වි ඇති බවයි.

ආර්ථික තත්ත්වයෙන් පහල මට්ටමක සිටින රටේ ජනතාව දිනකට එක් වේලක් පමණක් ආහාරයට ගෙන ජිවත් විමට සිදු වි ඇති බවත්, පවත්නා තත්ත්වය මත එම අයට කුසගින්නේ සිට මියයාමට සිදු වි ඇති බවයි.

රටේ පාලකයින් මේ සදහා කඩිනම් විසදුම් ලබාදිය යුතු බවද අයිතින් උදෙසා වු කාන්තා සංවිධානයේ සභාපතිනිය වැඩිදුරටත් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

14,806 views

5 Comments to “‘සාගතයේ අරගලය’ විරෝධතා…”

  1. Gorilla says:

    වහිනකොට විදුලිය දෙන්නත් පායනකොට විදුලිය කපන්නත් නම් ඇමතිලා, ආණ්ඩු මොකටද? වැඩ බැරි බේසික් පුතාල එක්කො යන්න ඔනේ නැත්නම් මැයි 9 ඉගෙනගත්තපාඩම ආයෙම ඉගෙනගන්න ලැස්තිවෙලා ඉන්න වෙයි.

    • Hu says:

      නරියෙක් නැට්ට කාගේන

    • Janka says:

      තොපිට ඕන ඕනා විදියට පෙරළන්න පුලුවන්නම් ආණ්ඩු තිබිලා මොකටද?ආණ්ඩු කියලා ඩොලර් අච්චු ගහලා ප්‍රශ්න විසදන්නද?පත්වෙලා මාස තුනෙන් රටේ තිබෙන අවුරුදු 50ක් තිස්සේ ඇදේන ප්‍රශ්න විසඳන්න ජනපති වික්‍රමසිංහ දෙවියෙක් කියලා හිතුවද ප්‍රාතිහාර්ය කරන.පොඩ්ඩක් පාටි තද කරගෙන හිටපන්.උබ මෙච්චර කල් සහනාධාර පෙට්‍රල් ,හාල්,විදුලිය පාරිභෝජනය කළානෙ එනිසා ඉවසපන්

  2. Jana says:

    මේ කට්ටියට නුවර එලිය ජොලි දාන්න යන්න අමතක වෙන්න ඇති?

  3. fass says:

    සරෝජාත් ගොඩ යයි වගේ.

Main News