සාගර කාරියවසම්ට අලුත් තනතුරක්…

July 8, 2021 at 4:40 pm | lanka C news
සාගර කාරියවසම්ට අලුත් තනතුරක්…

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (08) දින පාර්ලිමේන්තුවේ දී ලබා ගත්තේය.

පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම පත්වීම් ප්‍රදානය සිදුවිය.

මෙයට පෙර ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය හෙබවූ අතර ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන එම ධුරය සඳහා මෙසේ නීතිඥ සාගර කාරියවසම් මහතා පත් කර තිබේ.

පත්වීම් ලිපිය ලැබූ නීතිඥ සාගර කාරියවසම් මහතා ඊට සුළු වේලාවකට පසුව සිය ධුරයේ වැඩ භාරගත්තේය.

මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– රොහාන් වැලිවිට

44,183 views

20 Comments to “සාගර කාරියවසම්ට අලුත් තනතුරක්…”

  1. මෝඩ බයියා says:

    කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා කරපු වැඩ දෙකයි තියෙන්නෙ එකක් විමලෙගෙ කණ පලපු එක අනික බැසිල්ට මන්ත්‍රීකම පුදපු එක.බයියො ඒවට උපහාර පුදල බැනර් ගහනව.

    • 3%යි ඒකෙනුත් 2% UNP says:

      හැම හොරාගෙම ඉතිහාසය හොයාගෙන ගියොත් ඌ ජේවීපී කාරයෙක්. කැටගොඩයත් එහෙමයි.

  2. Gorilla says:

    චන්ද 10ක් නැති එකෙක් බිරුවේ කාගෙ උවමනාවටද කියල දැක්කනේ.

  3. Hesh says:

    මේ වගේ හාල්පාරුවෙක්ට පුලුවන් ඔය තනතුර දරන්න

  4. මැදමුලනෙ මුත්තා says:

    සාගර කාරියවසමි එක්ක ගේම ඉල්ලපු ගොමිමන්පිලයට වෙනදේ උගේ ඔළුවෙ ඉන්න උකුණෙක්වත් දන්නෑ බොලවි. එහෙමයි රාජපක්ෂලා මූට සලකන්නෙ.

  5. Dinesh Jayasinghe says:

    Kala guna nodanna gunamaku Rajapaksa kalliya ada ratata sapayak wela !

  6. බුවෑක් says:

    වමනෙට ආවා කියහංකෝ… බුවෑක්…

  7. කළු පැල්ලම්....... says:

    බළ කැදර රාඡපකෂ මුග්ධයන්, පරගැති වහල්මණසින් යුත් වංචනික මුග්ධ පාළකයන් සමඟ වංචනික නිඝන්ඨනිකායේ වහළුන් ම වූ හොර ඝණයන් ඉන්දියානු/බටහිර ප්‍රතිලාභ ළබන වංචනික චිවරධාරී ත්‍රස්ථයන්ගේද උත්සාහයෙන් මෙම නව පනත සම්මත වුවහොත් ථෙරවාදී සම්ප්‍රදායට අනුගත නොවීමේ වරදට අන් අයට පෙර එහි මුල්ම දඬුවම උන්වහසේලාටම ලැබිය යුතුය.

    රාජ්‍ය නීතියට අනුව, මේ පනත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ: සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස යටතේ, 10. සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ හෝ ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය යන්නද, භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස යටතේ 14. (1) සෑම පුරවැසියකුට ම – (අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට; (ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; (ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස ආදී මූලික මානව ආයිතිවාසිකම් මෙම ත්‍රිපිටක සං‍රක්ෂණ පනතෙන් කඩවෙන්න බොහෝ දුර‍ට ඉඩකඩ තිබිය හැකිය.

    අත්තනෝමතය හිස තුළ පුරවාගත් අදූරදර්ශී මෝඝ භික්ෂු කණ්ඩායමක්‌ විසින් සැකසූ මෙම පනත බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් මෑත ඉතිහාසයේ සිදුකළ විශේෂතම කාර්යභාරය ලෙස ඇගයීම කෙසේ වෙතත්, චින්තන නිදහස ගරු කරන බුදු දහමටත්, මානව හිමිකම් අගයන ලෝක රාජ්‍යයන්ගෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රජයට ඇති පිළිගැනීමටත්, විදේශයන්ගෙන් මෙරට භික්ෂුව කෙරේ ඇති ප්‍රසාදයටත්, කළු පැල්ලම් ඇති කිරීමටත් මෙම අධර්මානුකූල ත්‍රිපිටක සං‍රක්ෂණ පනත රුකුලක්‌ වන බව නම් නොඅනුමානය.

Main News