සාගලගේ විරෝධය නිසා රවිගේ කැබිනට් පත‍්‍රිකාව විසි කර දමයි..

June 19, 2019 at 6:48 pm | lanka C news
සාගලගේ විරෝධය නිසා රවිගේ කැබිනට් පත‍්‍රිකාව විසි කර දමයි..

විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රතික්ෂේප කර ඇත.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වී තිබුණේ විදුලි බල නිෂ්පාදන බලාගාර සහිත නෞකාවක් කොළඹ වරාය නතර කිරීමට අවශ්‍ය අවසරය ඉල්ලමිනි.

මෙහිදී වරාය හා නාවුක ඇමති සාගල රත්නායක මහතා සඳහන් කර ඇත්තේ තමන්ගේ අනුදැනුමකින් තොරව කිසිම නෞකාවක් කොළඹ වරාය පර්යන්තයේ නතර කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.

එනිසා එම කැබිනට් පත‍්‍රිකාව සම්මත කිරීමට තමන් විරුද්ධ බවද රත්නායක මහතා පවසා ඇත.

මේ අනුව තවදුරටත් කරුණු සොයා බලා සාකච්ඡාකොට කැබිනට් පත්‍රිකාව ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් රවී කරුණානායක මහතාට උපදෙස් ලබාදී ඊයේ දිනයේදී එය ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

40,916 Viewers

6 Comments to “සාගලගේ විරෝධය නිසා රවිගේ කැබිනට් පත‍්‍රිකාව විසි කර දමයි..”

  1. නයා says:

    කොමිස් බෙදා ගැනීමේ ආරාවුලක්!

    • බන්ඩා says:

      හරියටම හරි. විදුලිබල ඇමතිකම කියන්නෙ රට හචන්න හෝ නය කරන්න පුලුවන් ඇමති කමක්. පසුගිය අවුරැදු හතර හමාරට කිසිම විදුලි බලාගාරයක් හැදුවෙ නැත්තෙ නැව් වලින් විදුලිය සපයල කොමිස් ගහන්නය්.

  2. Bandara says:

    මේ ජනාධිපති නීතිපති දෙපාර්තමේන්තුවේ රූකඩයක්…

  3. මාතර සුනිල් says:

    ඇයි රවියෝ කොමිෂන් එකෙන් කොටසක් සාගලට දුන්නේ නැතෙයි. ඔන්න ඌටත් ඩොලර් මිටියක් දීලා ලබන අගහරුවාදට ඕක අනුමත කරව ගනින්.

  4. maha says:

    hehe akat hodai
    lolo lolo akamuthui

  5. අගමැතිලා මුදල් ඇමතිලා ඔක්කොම පුස්සෝ නේ? says:

    අගමැතිලා මුදල් ඇමතිලා ඔක්කොම පුස්සෝ නේ? සිල්වා පැටියෙක් වත් නැහැ නේ?

Main News