‘සාදික්කා නිසා අතුරු ආබාද හැදෙනවා.. මී පැණි උණු කලාම විෂ වෙනවා’..- කෑගල්ලේ කොරෝනා ඖෂධය ගැන සොයන කමිටු සාමාජිකයෙක් කියයි..

December 12, 2020 at 11:20 am | lanka C news
‘සාදික්කා නිසා අතුරු ආබාද හැදෙනවා.. මී පැණි උණු කලාම විෂ වෙනවා’..- කෑගල්ලේ කොරෝනා ඖෂධය ගැන සොයන කමිටු සාමාජිකයෙක් කියයි..

කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය (02දා) දින පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.

කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත.

‘‘විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි’’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කර සිටියේය.

මේ පිළිබඳව කමිටු සභාපති රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටියගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සායනික පරීක්ෂණය සඳහා අවශ්‍ය පැණි සාම්පල මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි. රජරට විශ්වවිද්‍යාලයේදී සායනික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. සායනික පරීක්ෂණයේ මූලික අදියරේ කරුණු පමණක් මේ වනවිට සූදානම් කර ඇති බව මහාචාර්යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව හා කොවිඩ් මර්දන ආයුර්වේද ජාතික කමිටුව මෙම පැණිය ආයුර්වේද ආහාරමය පානයක් ලෙස අනුමත කර ඇත.

උදයජීව ඒකනායක
– aruna

92,585 views

89 Comments to “‘සාදික්කා නිසා අතුරු ආබාද හැදෙනවා.. මී පැණි උණු කලාම විෂ වෙනවා’..- කෑගල්ලේ කොරෝනා ඖෂධය ගැන සොයන කමිටු සාමාජිකයෙක් කියයි..”

  1. Sumith dias says:

    Me ape කාලකණ්ණි jathiye tiyana අවජාතක kama wena මොකුත්ම newe.oya set eka ගෙනල්ලා ඔවුන්ගේ pukata අමු සාදික්කා bassuwanam oya kuhaka ලෙඩේ hodawenawa.muna palenna දෙන්න නෑනේ

  2. NAK says:

    It is patently evident that these committees are bought and paid for by the interested to drag on as long they can to avoid this remedy being used.
    Since so many people have already consumed this medicine voluntarily and have not suffered any bad effects for some time now the sick and needy should be allowed to use this medicine.
    Prof. Jayasumana where are you? Why you of all people not get involved in getting this medicine to the sick. Now you have a will partner in Minister Wimal Weerawansa, Join hands with him and do the needful now because later may be too late.

  3. NAK says:

    It is patently evident that these committees are bought and paid for by the interested to drag on as long they can to avoid this remedy being used.
    Since so many people have already consumed this medicine voluntarily and have not suffered any bad effects for some time now the sick and needy should be allowed to use this medicine.
    Prof. Jayasumana where are you? Why you of all people not get involved in getting this medicine to the sick. Now you have a willing partner in Minister Wimal Weerawansa, Join hands with him and do the needful now because later may be too late.
    Lastly it is shameful that we call these Processors.

  4. NAK says:

  5. NAK says:

    Lastly it is shameful that we call these people Processors.

  6. බන්ඩා says:

    නවසීලන්තය කිරි වල යොදය අයින්කර වෙනම විකුනා ඒ වෙනුවට මෙලමයින් දාලා විකුනන බව මී කියන්නෙ නැත්තෙ ඇය්?

  7. සිංහල බන්ඩා says:

    හෙල ඔසුවෙ නැති අඩුව පේන බටහිර ගැති ඇදුරන්ට නවසීලන්තය කිරි වල යොදය අයින් කර වෙනම වැඩි මිලට විකුනා ඒ වෙනුවට මෙලමයින් සහ පාම් ඔයිල් දාලා එල කිරි කියලා ලංකාවට විකුනන බව මූ කියන්නෙ නැත්තෙ ඇය්?

  8. lp says:

    බටහිර වෛදවරුන් කියනව නම් අයඩින් මිශ්‍ර ලුණු ආහාරයට ගන්න කියල, එක පිලිගන්න්න තරම් අපේ දේශීය ජනයාගේ හැඩ ගැසී ඇත්ද ? අයඩින් ශරියයට හිතකරද ? නමුත් මෙහි සඳහන් කරන අයදින් විශේෂ ප්‍රභේදයක් බව ප්‍රකාශිතය.

    ඒ වගේම කොතල, හිඹුටු දියවැඩියාවට හිතකර බව පැවසුවද, එම කොතල, හිඹුටු විශේෂ ඖෂධ මිශ්‍රණ අනුව භාවිතා කිරීම නිර්දේශ කර ඇත.

    මීපැණි හා සාදික්කා අනෙකුත් ඖෂධ සම්මිශ්‍රයක් සමග යොදා ගන්නා බව කෑගල්ලේ වෙද මහතා දැනටමත් ප්‍රකාශ කර තිබියදී , මෙවැනි ප්‍රකාශ තුලින් ජනතාව නොමග යැවීමක් නොවන්නේද ? මෙවැනි ද්වේශ සහගත ලෙස ක්‍රියා කිරීම තුලින් කාගේ කොන්ත්රාතුවක්ද වෙනුවෙන්ද පෙනී සිටින්නේ

  9. Open mind says:

    පුංචි කාලේ ඉඳලම සාදික්කා කුඩු දැමූ පුඩිං කාලා තියෙනවා. මං මැරිලා ද බොලේ..මටම විශ්වාස නෑ.

Main News