සාදු කියන්න පින්වතුනි.. කන්දේවිහාරයේත් පිංකැට 37ට ආණ්ඩුව සීල් තබයි..

July 3, 2017 at 10:40 am | lanka C news
සාදු කියන්න පින්වතුනි.. කන්දේවිහාරයේත් පිංකැට 37ට ආණ්ඩුව සීල් තබයි..

අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාර භූමියේ ස්ථාපිත කර ඇති පිං කැට 34කට මහා බාරකාර මණ්ඩලය විසින් සීල් තබා ඇති බව එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමියෝ පවසති.

තමන් වහන්සේ මේ සම්බන්ධයෙන් බුද්ධශාසන ඇමති විජේදාස රජපක්‍ෂ මහතාට දන්වා ඇතත් විසඳුමක් නැතැය්ද පවසන උන් වහන්සේ රෝහල්ගතව සිට විහාරයට නැවත වැඩම කිරීමෙන් පසු තමන් මේ ගැන බලධාරීන් දැනුවත් කල බවද සදහන් කරති.

විහාරස්ථානයන්හි පාලනයට ඇගිලි ගැසීමට රජයට බලයක් නැති බවට විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයා කියා සිටියද කන්දේවිහාරයේ මෙසේ සීල් තබා ඇති පිංකැට ගැන ඇමතිවරයා නොදන්නේ නම් වහා මැදිහත්ව සොයා බලන්නැයිද ඉල්ලා සිටිති.

කිසි දිනෙක සිදු නොවූ මෙවන් පිංකැට සීල් තැබීම මෙම රජය යටතේ සිදුකිරීම ගැන කනගාටු වන බවද උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කරති.

කෙසේ වෙතත් මේ ගැන අදහස් පල කරන බෞද්ද කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා පවසන්නේ පිං කැට සීල් තබා ඇත්තේ පඬුරු ගණනය කිරීමට මිස වෙනත් අරමුණකට නොවන බවයි. ඉදිරියේදී මෙම පිංකැට විවෘත කර මුදල් ගණනය කර ගිණුම්ගත කර විගණණයට ලක් කරන බවද ඔහු පැවසීය.

599 views