සාධාරණව ජීවත් වෙන්න බෑ කියලා මතයක් ගොඩ නගනවා…

February 7, 2021 at 12:40 pm | lanka C news
සාධාරණව ජීවත් වෙන්න බෑ කියලා මතයක් ගොඩ නගනවා…

අද වන විට ඇත්තේ අහුල ගන්න පුළුවන් හැම එකම අහුලගෙන කන විපක්ෂයක් යයි ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ නාරම්මල පීල්ලකන්ද ප්‍රදේශයේ බොරළු කන්දක් පිළිබඳව කල උද්ඝෝෂණය ගැන අදහස් දක්වමිනි.

ඇමතිවරයා මෙසේද කීය.

අහුල ගන්න පුළුවන් හැම එකම අහුලගෙන කන විපක්ෂයක් තියෙන්නේ. සාධාරණව ජීවත් වෙන්න බැහැ කියලා මතයක් ගොඩ නගන්නේ කවුද? මේ එකම කල්ලියක්. වෙන කවුරුවත් නෙමෙයි. ඒ ප්‍රේමදාසගේ කල්ලිය, චම්පිකගේ කල්ලිය, ආසන හයට තිබිලා තුනට බැහැපු කුමාරගෙ කල්ලිය. ඔය ඔක්කොම පසුගිය යහපාලන ආණ්ඩුව නියෝජනය කරපු කල්ලි. ජනතා විමුක්ති පෙරමුණට තිබ්බ ආසන 6 තුනකට බැස්සෙ ඔය කල්ලිවලට අනුරලා කඩේ ගිය නිසා.

අදත් මම එනකොට උද්ඝෝෂණය කරනවා නාමල් කරුණාරත්න. හිටපු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී. බොරලු කන්දක් කපනවා කියලා. මම කියලා ඊයෙ නතර කරපු බොරළු කන්ද මේ. නතර කරපු කන්ද කර තියාගන්න දැන් යනවා නාමල් කරුණාරත්න. මට පැමිණිලි කරපු ගමන් කිව්වා වහාම නතර කරන්න කියලා. ඒ වගේම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා මට රැකව ජිනරතන හාමුදුරුවෝ තමයි මේ බොරළු කන්ද කපන්න යනවා කියලාදැනුවත් කලේ. මේ ගැන දැනුවත් කරපු සැනින් නතර කළා. එහෙම නතර කරපු එකට තමයි අද උද්ඝෝෂණය කරන්නේ.

මම අගමැතිතුමා එක්ක ගියා ඉරුදෙනියාය ගමට. අවුරුදු ගණනාවක් විසදා ගන්න බැරි ප්‍රශ්න ගොඩාක් තිබ්බෙ. එදත් ඇවිල්ල හිටිය නාමල් කරුණාරත්න හැමදාම ඉරුදෙණියාය ප්‍රශ්නෙ විකුණගෙන කෑවා. වනජීවි කාර්යාලය වටලන්න හැදුවා. ගිනි තියන්න හැදුවා කිසි කෙනෙක් විසඳුවෙ නැහැ මේ ජනතාවගෙ ප්‍රශ්න. මම ජනාධිපතිතුමාට කතා කලා අගමැතිතුමාට කතා කලා ඔවුන් මේ ප්‍රශ්න විසඳුවා හැබැයි අලි කොරිඩෝව බේර ගත්තේ නාමල් කරුණාරත්න කියලා එයාම පෝස්ටරයක් ගහගත්තා. මම ඊයෙ නතර කරපු බොරළු කන්ද කර තියන් යන්න තරම් තුට්ටුදෙකේ දේශපාලනයක් කරන්නේ

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

18,692 views

9 Comments to “සාධාරණව ජීවත් වෙන්න බෑ කියලා මතයක් ගොඩ නගනවා…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    අරක්කු ටිකක් විකුණගෙන සාධාරණව ජීවත් වුන මිනිහෙක් ජොනී කියන්නෙ. ඒ කාලෙ ජෙප්පො කර්මාන්තශාලා ගිනි තියල මේ වගේ ධනපතින්ව විනාශ කලා..

  2. Jagath says:

    අමුතුවෙන් මත ගොඩ නගන්න ඕනේ නැ යකෝ. තොපි වගේ කම්බ හොරුන්ට ඇර සාමාන්‍ය මිනිහෙක්ට ඉන්න බැ ලංකාවේ…

  3. Upali says:

    DAN ITHIN MOO PODI KOLLEKUTATH KANNA DENNA EPAI !!!

  4. Susantha says:

    Oya gon amathikama piligannawane boralu kapuwa eya nawaththuwa kiyala. Ekai api kiyanne me aanduwa parisaraya winaasa karanawa kiyala

  5. Josiya says:

    Mewani kasippu rajawaru nidalee ahinsaka game kasippu merana edawela hoyagans minisun bandanagarawala

  6. gnsira says:

    eka atta eka atta me corona nisa muhe kasippu viyaparaya kotaram hadawetunada ?

  7. ඉක්කා says:

    මේ රජය යහපාලන ආන්ඩුවෙන් පලිගැනීමට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන්නේ නෑ. දේශපාලන අධිකාරිය වගේම ඒ අය පත්කරගත් යාලු නිලධාරීන් ඒ ඉල්ලීම් තඹ දොයිතුවකට ගනන් ගන්නේ නෑ. උන් මාර විදියට අලි ඔළුවෙන් ඉන්නේ.
    හරියට උන් විතරයි ජීවත්වීමට අවශ්‍ය කියලා.

    උදාහරණයක් විදියට ICTA එක,ජනාධිපති තුමාගේ යටතේ තියෙන්නේ.

    අයියෝ බලන්න එපෑයි මහන්තත්තකම.

  8. Josiya says:

    kurunela wijayaba mandapaya wage tawath eewa kattana natida ban, aparade etana wikunapu kasippu tikath wikuna ganna beri unane.

  9. Rama says:

    Mata wamene yanna enawa appa..

Main News