සාධාරන ප‍්‍රධානියාට පංචස්කන්ධයම පිනායන රස පුදා, කට වසා තරු හෝලටයක නිවාස අඩස්සියේ..

January 15, 2017 at 10:59 pm | lanka C news
සාධාරන ප‍්‍රධානියාට පංචස්කන්ධයම පිනායන රස පුදා, කට වසා තරු හෝලටයක නිවාස අඩස්සියේ..

පසුගිය කාලයේදී නිතර නිතරම ආණ්ඩුව විවේචනය කරමින් රජයේ ප්‍රධානින්ට අපහාසාත්මක වන අන්දමේ නිවේදන නිකුත් කල සාධාරණ ව්‍යාපාරයක ප්‍රබලයකු රජයේ ඉහළම ආශිර්වාදය මත නිල නොවන නිවාස අඩස්සියේ තත්වයකට පත් කොට ඇතැයි වාර්තා වෙයි.

කොළඹ සුපිරිම කෝටිපතියන් පදිංචිව සිටින අති සුඛෝපභෝගි මහල් නිවාසයක් පදිංචි වී සිටින පසුගිය රජය පෙරලීමට දායකත්වය දුන් වර්තමාන රජයේ ආයතනයක සභාපතිවරයා මෙම කටයුත්ත බාරව සිටී.

මේ වනවිට මෙම උගතාගේ මනදොළ පමණක් නොව සියලු පංචස්කන්දයම පිනා යන ආකාරයෙන් මෙන්ම අවශ්‍ය කෑම් බීම් යනාදිය නිරතුරුව ලබා දෙමින් මොහුගේ කට වසා තැබීමෙන් රජයට හෝ එහි ඉහළම බලවතා අපහසුතාවට පත් කිරීම සඳහා කරන ප්‍රකාශ මේ අනුව නැවති ඇතැයිද වාර්තා වෙයි.

මෙවැනි අවස්ථාවක විධායක ජනාධිපති ධූරය වහාම අහෝසි කීරිමේ වැදගත් කාරණා පසෙක තබා අධිකරණය හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉලක්ක කොට ප්‍රහාර එල්ල කර මූලික පොරොන්දු ජනතාවගෙන් ඈත් කර තැබිමට මෙම සිවිල් සමාජ ක්‍රියාකරුවා මුදල් යොදා ඉහත කී සභාපතිවරයා විසින් කටයුතු කරගෙන යමින් සිටී.

අපවත්වී වාදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේද මූලික අරමුණ වූ 1978 ජේ ආර් ජයවර්ධන විසින් හදුන්වා දුන් විධායක ජනාධිපති ධූරය වහාම අහෝසි කොට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි.

මේ සඳහා පොරොන්දු වූ පාර්ශ්වයන් විසින් අවුරුදු 2 ක් ගතවී ඇතත් ඒ සම්බන්ධව රජයේ කිසිදු ධානාත්මක පියවරක් ගෙන නොමැති බව ඒ වෙනුවෙන් කැප වූ සංවිධාන 47 ක් කරුණු විමසන මෙම අවස්ථාවක මොහුගේ නිහැඩියාව සම්බන්ධව ඇතැම් පාර්ශවයන් මවිතයට පත් ව ඇත.

එමෙන්ම ජයග්‍රහණයෙන් පසුව ආණ්ඩුවට එකතු වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිකම් ගත් පිරිස් දිගින් දිගටම අහෝසි කරනවා කියා ජනතාවට පොරොන්දු වූ විධායක ජනාධිපති ධූරය තව දුරට පවත්වාගෙන යෑම පමණක් නොව ඒ සඳහා 2019 දි තරග කිරීමට ද සූදානම් වෙමින් සිටීම ද ජනතාව මෙන්ම ඒ සඳහා කැප වී ක්‍රියා කල කණ්ඩායම කලකිරීමට පත් ව ඇත.

37 views

17 Comments to “සාධාරන ප‍්‍රධානියාට පංචස්කන්ධයම පිනායන රස පුදා, කට වසා තරු හෝලටයක නිවාස අඩස්සියේ..”

  1. Nandasoma says:

    ඩොලර් කුට්ටි වල අවසානය ඔතන තමයි. ඔය ටික තමා ඔය ගොඩාක් කට්ටිය එකතුවෙලා පිටරට ඒජන්තලා එක්ක කරන්නේ. පව් අහිංසක අපේ මිනිස්සු මේවට රැවටිලා මුන්ගේ පස්සේ ගිහින් අන්තිමට අනාථ වෙනවා.

  2. ශ්‍රියා says:

    මහාචාර්ය වරයෙක් වෙන්න PhD එකක් තියෙන්න ඕන. මෙයාට තියෙන්නේ මාස්ටර්ස් විතරයි!

  3. දුන්‍යා says:

    කථාව ඇත්තනම් සිරි හෙට්ටිගේ, නිර්මාල් දේවපුර, ජයදේව උයන්ගොඩ හෝ සරත් විජේසුරිය මහත්තයා වෙන්න ඕන

    • සදුන් says:

      දුන්‍යා ඔබ හරි. අන්තිම නමට හරියක් දාගන්නකෝ. මිනිහා ගිය සෙනසුරාදාත් හවස තැනක සැප ගත්තා.

Main News