‘සාධුකාරයක් දෙන්න පින්වතුනි.. විදුලි නැවක් එනවා..’ කෙස් කෙලින් කරවන නොවැරදුනු අනාවැකිය මෙන්න..

April 10, 2019 at 3:22 am | lanka C news
‘සාධුකාරයක් දෙන්න පින්වතුනි.. විදුලි නැවක් එනවා..’ කෙස් කෙලින් කරවන නොවැරදුනු අනාවැකිය මෙන්න..

මීට වසර 3 කට පෙර 2016 සැප්තැම්බර් 16 දා ස්වර්ණවාහිනියේ සංග්‍රාමය වැඩ සටහනට සහභාගී වූ එවකට විදුලි බල මන්ඩලයේ සභාපති වූ ඉංජිනේරු අනුර විජයපාල මහතා මෙවැනි අනාවැකියක් කීවේය.

” අපේ රටේ ජනතාවට මම කියනවා අද දවස මතක තියාගන්න කියලා. 2018-2019 කාලයේ ලංකාවේ විදුලි බල අර්බූදයක් ඇවිත් එකකයකට රුපියල් 30 ක 40 ක් විතර ඉහල අගයක් හදිසි විදුලිබල සැපයුම් සඳහා මහා භාන්ඩාගාරයේ මුදලින් හෝ ඍජුව මහජන මුදල් වලින් ගෙවන්න වුන දාට මතක තියාගන්න මම අද කිව්වා කියලා ඒ අර්බූදය නිර්මාණ වන්නේ අප සැලසුම් කල බලාගාර හදන්න දුන්නේ නැති නිසා කියලා”

එම ස්වර්ණවාහිනියේ සංග්‍රාමය වැඩ සටහනටම සහභාගී වූ විදුලිබල මංඩලයේ ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා පලකලේද එවැනිම අනා වැකියකි.

” 2018 -2019 කාලයේ මේ රටට විශාල විදුලි අර්බූදයක් එනවා. එදාට මේ අය විශාල වියදමකට හදිසි විදුලි සැපයුම් ගෙනල්ලා අර මාෆියාව මේ මාෆියාව කිය කියා ඉංජිනේරුවන් දෙසට ඇඟිල්ල දිගුකරන්න පටන් ගනීවි. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේකට අහු වෙන්න එපා කියලා. මතක තියාගන්න ඕනේ අනාගතයේ එන එම ප්‍රශ්ණයට වග කියන්න ඕනේ හදිසියෙම ඇවිත් විදුලි බල මන්ඩලයේ සැලසුම් වෙනස් කරපු අය බව ”

මේ පළපුරුදු ඉංජිනේරුවන් දෙපලම එදා පල කලේ සමාන අදහසකි. ඔවුන් දෙදෙනා පමනක් නොව තවත් ඉංජිනේරුවන් රැසක් මේ සම්බන්ධව විටින් විට මාධ්‍ය හරහා අනතුරු හඟවා ඇත.

මේ 2019 වසරයි. ලංකාව විදුලි බල අර්බූදයකට මුහුණ දී ඇත. විදුලිය රැකගැනීමට දිනකට පැය කිහිපයක් විදුලිය කැපිමේ ක්‍රමවේදය වසර 15 කට පමන පසු යලි ආරම්බ වී ඇත.

බලධාරීන් අධික මිළකට හදිසි විදුලිය සැපයුම්කරුවන්ගෙන් විදුලිය මිළදී ගැනීමට සැරසෙයි. ඒ සඳහා කිසිදි ටෙන්ඩර් පටිපාටියකින් තොරව පාවෙන විදුලි බලාගාරයක් ඇනවුම් කොට ඇති අතර තව කෙටි කලකින් අදාල නැව ලංකාවට සේන්දු වන බව පුවත් පත් වල පලවිය.

ඉංජිනේරුවන් එදා කී අනාවැකිය අද සැබෑ වී ඇත.

ඔවුන් අවසානයේ එය මාධ්‍ය හරහා ජනතාවට කීවේ රජ‍යේ මැති ඇමති වරුන්ට කෙතරම් කීවත් එය බීරි අලින්ට වීනා ගායනා කරනවා වැනි නිසාය. නව රජය පත් වූ දා සිට ලොකු ලොක්කන් කාට කාටත් මේ තත්වය පැහදිලි කොට තිබුනි.

ජනතාව ඇසිය යුතු ප්‍රශ්ණය් වන්නේ විදුලි බල ඉංජිනේරුවන්ගේ අනාවැකිය තුට්ටුවකට නොතකා ඊනියා යහපාලන ආන්ඩුව වසර 4 ක් පොල් ගෑවාද යන්න.

ලංකාවේ විදුලි බල අර්බුදය නිර්මාණය කල එකක් මිස නිර්මාණය වු දෙයක් නොවන බව වටහා ගැනීමට තවත් සාක්ෂි අවශ්‍යද ?

මෙය සිදුවූ ආකාරය ඉතා සරලය.

රටක විදුලි පරිභෝජනය කාලයත් සමග ඉහල යයි. ලංකාවේ විදුලි බල ඉංජීනේරුවන් ඇස්තමේන්තු කරන ආකාරයට වසරකට අලුතින් මෙගා වොට් 200 ක වත් විදුලි බල පද්දතියට එකතු විය යුතුය. රටට අවශ්‍ය විදුලි බලය සම්පාදනය සඳහා දීර්ඝ කාලීන සැලසුම් විදුලි බල මන්ඩලය විසින් සකස් කර ඇත්තේ ඒ නිසාය. බාවිත කල යුත්තේ කුමන තාක්ෂනයන්ද , අලුතින් බලාගාර ඉදිවිය යුත්තේ කුමන ආකාරයකටද යන සියල්ල එම සැලසුම් වල යෝජනා කර ඇත. පියවර 3ක් හරහා මෙගා වොට් 900 ක් ජනනය කිරීමට සැලසුම් කල නොරිච්චෝලේ වැනි විශාල පරිමාන බලාගාරය ඉදිකරන ලද්දේ එවැනි සැලසුම් අනුවය. එවැනි ඉදි කිරීම හරහා වසර ගනනාවක විදුලි අවශ්‍යතාවන් සපුරන ලද අතර විදුලිය අඩු මිලට උත්පාදනය කිරීමටද හැකි වියා. සැලසුම් සෑදීමේදි විදුලි ඉංජිනේරුවන් තමුන්ගේ වැඩ කොටස නොකලා යැයි කිසිවෙකුට කිව නොහැක. මන්ද ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීම හෝ ඉවත දැමීම කරන්නෙ පවතින රජයන් විසින් බැවිනි.

චන්ද්‍රිකාගේ බන්ඩාරණායක ජනාධිපතිනයගේ කාලේ විදුලි කැපීම වලට මුහුන දෙමින් කලුවරේ සිටි ලංකාවේ ජනතාවට 2005-2014 කාලයේ විදුලිය කැපීමේ කරදරයෙන් සිටින්නට හැකි වූයෙත් 2014 දී නිවසේ විදුලි බිල 25% කින් අඩු වනවා දකින්නට පුලුවන් වූයේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ විදුලි බල අවශ්‍යතාවට සැලසුම් කොට තිබු කෙටි කාලීන, මධ්‍යම කාලීන හා දිගු කාලීන විසදුම් ධනාත්මකව සලකා බලා ඒවා නිවැරදිව ක්‍රියාත්මක කල නිසායී.

2005 – 2014 කාලය තුල විදුලි බලාගාර රාශියක් ලංකාවේ විදුලි පද්ධතියට එකතු විය. අවසානයට රටේ විදුලි බල පද්ධතියට එකතු වූයේ මෙගා වොට් 300 ක නොරිච්චෝලේ අංක 3 දරණ ජනන යන්ත්‍රයයි.

එම රජය විසින් ඉදිරි වසර 10 ටම අවශ්‍ය කරණ විදුලිය බල සැලසුම් අනුමත කොට තිබුනි. ඊනියා යහපාලනය බලයට එන විට බලගාර කිහිපයක්ම වැඩ ආරම්බ කිරීමට අවශ්‍ය මුලික කටයුතුද අවසන් කොට තිබුනි.

නමුත් ාලුතින් යමක් නිර්මාණය කරනවා වෙනුවට අත ගසන සියල්ල වනසන ඊනියා යහපාලකයන් කලේ ඒ සැලසුම් සියල්ල කුනු කූඩයට විසි කිරීමයි. වෑඩ ආරම්ඹ කිරීමට නියමිතව තිබූ මෙගාවොට් 500 සාම්පූර් වැනි බලාගාර අවලංගු කරන ලදී. වැඩ ආරම්ඹ වී තිබූ මෙගා වොට් 120 උමා ඔය ව්‍යාපෘතිය නවතා දමන ලදී . එම පමනක් නොව සැලසුම් කොට තිබූ සියලු බලාගාර නවතා දමන ලදී. හම්බන්තොට සුලං මගින් විදුලි බලය උත්පාදනයට ආරම්බ කොට තිබු බලාගාරයක් අතහැර දමා එහි යන්ත්‍ර සූත්‍ර මලකඩ කන ආකාරය පසු ගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි හරහා රටටම දක්නට ලැබුනි.

මේ නිසා පසුගිය වසර තුල අලුතින් අපේ විදුලි බල පද්ධතියට එක්විය යුතුව තිබු මෙගා වොට් 1100 ක් පමන රටට අහිමි විය. මේ හරහා විදුලි බල වියදම තව දුරටත් අඩු කොට පාරිභෝගිකයන්ට සහනයක් සැපයීමට තිබූ අවස්තාවද එමෙන්ම විදුලි බල මිල අඩුකිරීම හරහා ලංකාවේ කර්මාන්ත ආරම්ඹ කිරීමට ආයෝජකයන් මැලිවන මූලිකම හේතුවකට විසඳුම සෙවීමේ අවස්තාවද අහිමි විය.

ආන්ඩුවේ තකතීරු තීර්ණ වල අවසාන ප්‍රථිපලය වූයේ 2019 වෙන විට රටට යලිත් විදුලි බල අර්බූදයකට මුහුන දීමට සිදුවීමයි. විදුලි බල ඉල්ලුම ඉංජිනේතුවන් විසින් පුරෝකථනය කරනා ලද ආකාරයටම වැඩි වී ඇත. රටේ සාමාන්‍ය මිනිසුන් පවා දන්නා ආකාරයට මාර්තු අප්‍රේල් මාස වල වියලි කාලගුණය නිසා ජල විදුලි සැපයුමත අඩුවේ. ඒ අනුව මෙය කිසිසේත්ම අපේක්ෂා නොකල තත්වයක් නොවේ. සරල බාසාවෙන් කියනවා නම් දැන දැනම ඉල්ලං කෑමකි.

යථාර්ථය මීටත් වඩා ගැඹුරුය. පාලකයන් මෙසේ හැසිරෙන්නේ මෝඩ කම හා වැඩ බැරි කම නිසා පමනක් නොවේ. විදුලි බල අර්බූදය බලධාරීන්ට ධන ඉල්ලමක් වන බැවිනි. මෙයද මදක් විමසා බැලිය යුතුය.

2015 බලයට ආ රජය දීර්ඝ කාලීන විදුලිබල උත්පාදන සැලසුම් සියල්ල කුණු කූඩයට විසි කල නිසා විදුලි බල මන්ඩලයේ සැලසුම් සාදන ඉංජිනේරුවන්ට ඉතුරු වූයේ විකල්ප කිහිපයක් පමනි. ඒ නිසැකවම ඉදිරියේදී පැමිණීමට නියමිත විදුලි බල අර්බූධයට මුහුන දිමට කෙටි කාලින හා මධ්‍යම කාලීන විසදුම් යෝජනා කිරීමය.

ඒ අතර ගිවිසුම් කල් අවසන් වී අතහැර දමා තිබෙන ඩීසල් බලාගාර කිහිපයක් හරහා සාධාරණ මුදලකට කෙටි කාලීනව විදුලිය ලබා ගැනීමට සාකච්චා ආරම්ඹ කිරීම. විදුලි බල උත්පාදනයට දැවි තෙල් භාවිතය වැනි මිල අඩු විසදුම් සඳහා ටෙන්ඩර් කැඳවීම, අනුමතියන් ප්‍රමාද වී ඇති පුනර්ජීව විදුලි උත්පාදන යෝජනා වලට කඩිනමින් අනුමතිය ලබා දීම වැනි යෝජනා අඩංගු විය. මේ යෝජනා ක්‍රියාත්මක කලානම් විශාල වියදමකින් තොරව ගැටලුවට ‍යම් විසදුම් සොයාගත හැකිව තිබුනි. උදාහරණයක් වශයෙන් දැනට ගිවිසුම් අවසන් වී වසා දමා ඇති ඩීසල් විදුලි බලා ගාර මේ වන විටත් තම ප්‍රාග්ධන වියදම උපයාගෙන අවසන් නිසා සුලු ලාබයකට විදුලිය ලබාදෙන ලෙස ඔවුන් කැමති කරවාගත හැක. ටෙන්ඩර් හරහා සැපයුම් කරුවන් සෙවුවොත් හදිසි විදුලි සැපයුම් වලට ගෙවිය යුතු අඩුම මිල තීරණය කිරීමට අවකාශය තිබුනි.

එහෙත් නව රජයේ බලධාරීන් එම යෝජනාද තුට්ටුවකට මායිම් කලේ නැත. මීයෙකුට කුරුමාණම් අල්ලන බළලෙකු මෙන් ඔවුන් අවසාන මොහොත දක්වා බලා සිටියේ අර්බූදය කට උඩටම එන තුරුය.

විදුලිය මිළදී ගැනීම හදිසි අවශ්‍යතාවක් වූ විට ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව විදුලිය මිලදී ගැනීමට විදුලි බල පනතින්ම ප්‍රතිපාදන සලසා ඇත. දැන් උද්ගතව ඇත්තේ එම තත්වයයි. ටෙන්ඩර් නැතුව බිස්නස් එක දුන් විට වාසිය කාටද කිය මේ රටේ ජනතාවට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත.

ලංකාවේ හදිසි විදුලි බල ප්‍රශ්ණයට විසදුම් ලෙස නැවක සවිකර ඇති විදුලි බලාගාරයක් ලංකාවට සේන්දු වෙනවාය යන අපූරු ආරංචිය අපට ලැබෙන්නේ මේ තත්වය යටතේය.

තව දින කිහිපයකින් රටේ ජනතාවට සාධුකාරයක් දී මේ සියල්ල අමතක කල හැක. අවුරුද්ද මැද වැස්ස නිසා ජලාශ පිරුන විට කවුරුත් විදුලිය ගැන කතා කිරීම නවතනු ඇත. විදුලි බිල දිගින් දිගටම වැඩි වෙන්නේ මන්ද කියා ජනතාව ලත වෙද්දී විදුලි ඉංජිනේරුවන් ගෙනෙන අලුත් සැලසුම්ද කුණු කූඩයට විසිවෙනු ඇත. මේ ආන්ඩුව බලයේ සිටියොත් බොහෝ විට අර නැව ලබන අවුරුද්දේත් එනු ඇත. ඒත් මාසයක් හමාරක් ජනතාව කලුවරේ සිටියාට පසුවය.

– Nalaka Godahewa FB

51,110 Viewers

7 Comments to “‘සාධුකාරයක් දෙන්න පින්වතුනි.. විදුලි නැවක් එනවා..’ කෙස් කෙලින් කරවන නොවැරදුනු අනාවැකිය මෙන්න..”

  1. Ranjan says:

    මීට වසර 3 කට පෙර 2016 සැප්තැම්බර් 16 දා ස්වර්ණවාහිනියේ සංග්‍රාමය වැඩ සටහන – Show this to the people not only in Swarnawahini but also in other channels.

  2. අප්පුහාමි says:

    වසලයන් 225න් හා උන්ගේ නායකයන්ගෙන් අපේ රට මුදවා ගනිමු.
    වසලයන් අපේ මව් බිම උන්ගේ කෙළිබිමක් කරගෙන.
    වසලයන්ගේ බළකොටු නිවාස ගුබ්බෑයම් වටලමු.

    • අපි ගොන්නු.......නේ....? says:

      ප්‍රශ්නය – යහපාලනය හා බඩගෝස්තරවාදයේ පියා කවුද?
      පිළිතුර – සිරිසේන……
      හේතුව – රනිල් බලයට ගෙන ඒම හා ව්‍යවස්ථාව වෙනස් කිරීම

  3. sakalabujan says:

    යහපාලන ආන්ඩුව වසර 4 ක් පොල් ගෑවාද ???????????

  4. රට වැසියා says:

    අපේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සාම්පූර් විදුලි බලාගාරය අවලංගු කිරීමට එකඟ වුණේත්, ගැස් පර්යන්තය ගැන ගොඩනැගීමට එකඟ නොවුණේත් ඒ ආකාරයෙනි. මේ ආණ්ඩුව ඉතිහාසගත වනු ඇත්තේ, හැම විදුලි බලාගාරයක් පිළිබඳ යෝජනාවක්ම අවලංගු කළ සහ අලූතින් කිසි බලාගාරයක් ගොඩනොනැගූ ආණ්ඩුවක් වශයෙනි.

    ඇත්ත වශයෙන්ම, මොන විදුලි බලාගාරයක් මොන ප‍්‍රදේශයේ ගොඩනැගිය යුතු ද යන්න වෙනත් රටවල්වල තීරණය කරනුයේ තාක්ෂණවේදීන් මිස ආණ්ඩු නොවේ. ආණ්ඩුව කරන්නේ ඒ සඳහා අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීමත්, ඒවාට අනුගතව කටයුතු කිරීමත් ය. එහෙත් අපේ රටේ ඒ සියලූ තීරණ ගන්නේ, සියල්ල-දත් දේශපාලඥයන් ය. ඉතිං, මෙවැනි තැනකට රට පත්වීම පුදුමයට කාරණයක් ද?

    දැනට සිදුවන විටින් විට විදුලි බලය විසන්ධි වීම ආරම්භයක් පමණි. ජල බලාගාරවල වතුර මට්ටම් පහළ තිබියදී පවා, විශාල බලාගාරයක ජෙනරේටරයක් ක‍්‍රියා විරහිත වූ අවස්ථාවකදී පවා, පාරිභෝගිකයන්ගේ ඉල්ලූමට සරිලන ආකාරයේ සැපයුම් ක‍්‍රියාවලියක් පවත්වාගෙන යාමට හැකි වීම, සැලසුම් සහගත බලශක්ති ජනනීය පද්ධතියක ලක්ෂණයකි. එහෙත් අලූත් බලාගාර ගොඩනැගීමට දේශපාලඥයන් ඉඩ නොදෙන විට සහ විවිධ ව්‍යාපෘති සහ සැලසුම් පිළිබඳව ඔවුන් සෙල්ලම් කරමින් සිටින විට, වැස්සක් නාවොත් හෝ එක් බලාගාරයක් ක‍්‍රියා විරහිත වුවහොත්, අර්බුද හටගන්නා බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ.

    ඉතිං, එවිට අප කරනුයේ කාලගුණයට දොස් කීම හෝ ක‍්‍රියා විරහිත වන බලාගාරය මත වරද පැටවීම ය.

  5. Ranjith says:

    Indian PM Mr Modi told Sirisena to reconsider the cancellation of Sampur project when President went to India. But President did not care it. We are paying for the fools who elected him.

  6. kruthima warshawa athi kireeme thakshanaya thibena ratak ei galanguru thakshanaya ho deesal widuliya hoyanne

Main News