සාමය සංහිදියාව ගෙන දෙව්න්දරතුඩුවේ සිට පේදුරු තුඩුවට ට්‍රයිසිකලයෙන් ගිය ආබාධිත රණවිරුවාගේ ගමන් අවසානයට උණුසුම් පිළිගැනීමක්….

December 13, 2018 at 8:40 am | lanka C news
සාමය සංහිදියාව ගෙන දෙව්න්දරතුඩුවේ සිට පේදුරු තුඩුවට ට්‍රයිසිකලයෙන් ගිය ආබාධිත රණවිරුවාගේ ගමන් අවසානයට උණුසුම් පිළිගැනීමක්….

සංහිඳියාව සහ සාමය පෙරදැරි කර ගනිමින් දෙවුන්දර සිට ට‍්‍රයිසිකලයක් ආධාරයෙන් පේදුරුතුඩුවට ගමන්ගත් යුද හමුදා ආබාධිත රණවිරුවාගේ ගමන් අවාසානය (11) සවස සිදුවූ අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන ටේටිආරච්චි මහතා විසින් ආබාධිත රණවිරුවා පිළිගනු ගැබීය.

දෙව්න්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ට්‍රයිසිකලයෙන් ගිය මෙම ගමනට එක්ව සිටියේ අවසන් යුද සමයේ 2009 මැයි මස 07 වැනිදා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේදී බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව සිය පාද දෙක සහ අතක ඇගිලි අහිමිව සිටින සෙබල 480582 කෝප‍්‍රල් පී. කේ. ජී.ජී. කරුණාරත්න රණවිරුවාය.

කරුණාරත්න රණවිරුවා අභිමංසල පාන්ගොල්ල සුවසහන මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබන ඔහු සිය ගමන ආරම්භ කළේ ඉකුත් 03 වැනිදාට යෙදී තිබුණු ලෝක ආබාධිත දිනයට සමගාමීව ලංගාවේ සාමය සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණු ඇතිවය.

මෙම ආබාධිත රණවිරුවා සිය ගමන අවසන් කළේ කිලෝමීටර් 576ක දුරක් ගෙවා දමමින් වූ අතර රණවිරුවාගේ ගමන් අවසානය පිළිගැනීම වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම ගජබා රෙජිමේන්තු සේනාවිධායක මේජර් ජෙනරල් ශ්‍රවේන්ද්‍ර සිල්වා පුනරුත්තාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරල් තිරුනාවුකරුසු ඇතුලු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,034 Viewers

2 Comments to “සාමය සංහිදියාව ගෙන දෙව්න්දරතුඩුවේ සිට පේදුරු තුඩුවට ට්‍රයිසිකලයෙන් ගිය ආබාධිත රණවිරුවාගේ ගමන් අවසානයට උණුසුම් පිළිගැනීමක්….”

  1. අනගාරික says:

    මේජර් ජෙනරල් තිරුනාවුකරුසු දෙමළෙක් සහභාගී කරවන්න එපා. මේ සිංහල දේශයයි

    • Wikramabahu says:

      balukatha kiyanne epa mahaththayo. hamudawa ho sinhala janaya kisimadineka jaathiwadi nowei. jaathiwadilesa samachchalayata kathakaranne thaman weni narumayo saha demala jaathiwadi desapaluwanbawa hithe thiyaganin.

Main News