සාම්පුර් අවලංගු කොට දිගුකාලීන සැලසුම් අවුල් කලා.. අනිවාර්ය විදුලි අර්බුදයක්.. – ලංවිම ඉංජිනේරු සභාපති

October 29, 2016 at 5:30 pm | lanka C news
සාම්පුර් අවලංගු කොට දිගුකාලීන සැලසුම් අවුල් කලා.. අනිවාර්ය විදුලි අර්බුදයක්.. – ලංවිම ඉංජිනේරු සභාපති

“ආප්ප පුච්චන්නාක් මෙන් බලාගාර පිහිටුවීමට නොහැකි බවත්, දේශපාලන තින්දු තීරණ මත බලාගාර ඉදිකිරීමේ දීර්ඝකාලීන සැලසුම් මන්දගාමී කර දැන් කලබල කිරීමේ පලක් නොවන බවත්, සාම්පුර් බලාගාරය ඉදිකිරීම පිළිබඳව කිසිම තීරණයක් ගැනිමට පෙර එය නතර කරන බවට ලිපියකින් දැනුම් දුන් මෙම ලේකම්වරයා විදුලිය සඳහා වන දිගුකාලින් සැලසුම් අවුල් කරගෙන” සිටින බව විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි ප්‍රකාශ කල කරයි.

වර්ෂ 2018දි ඇතිවන විදුලි අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා බලාගාර 8 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බැවින් ඒ සඳහා වගකීමෙන් ක්‍රියකල යුතු බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය B M S බටගොඩ ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇත. එමෙන්ම බලාගාර 8 ක් ඉදිකිරීම් සඳහාවන තාක්ෂණ කමිටු නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බවට ලේකම්වරයා යවා ඇති පිටු 6 ක ලිපියකින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ට දොස් පවරා ඇත.

ඉහත ප්‍රකාශයට අමතරව ලිපියට පිලිතුරු වශයෙන් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා තවදුරත් පවසා ඇත්තේ රුපියල් කෝටි ගනනින් මුදල් වියදම් කරන බලාගාර ඉදිකිරීම් ව්‍යපාතිවල ගණන් හිලව් සැකසීම් හදිසියකට කල නොහැකි කරුණක් වන අතර සුළු හෝ වැරදිමක් වුවහොත් ඉංජිනේරුවන්ව FCID යට කැඳවාගෙන යාමට වුවත් ඉඩ තිබෙන බවයි.

එහෙත් පසුගියදා රත්‍රි හිරු රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් විදුලිබල නියෝජ්‍යා ඇමති අජිත් පී පෙරේරා පැවසුවේ ” විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියොජ්‍ය අමාත්‍ය හැටියට පසුගිය රජය විසින් ආරම්භ කොට තිබුණ ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වෙන්කොට තිබූ අක්කර 500ක භූමිය බලාගාරය ඉදිකිරීම්අට අවශ්‍ය පරිදි සූදානම් කරමින් සිටින අවස්ථාවක ජනාධිපති හා අගමැති එක්ව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා අපේ රටේ ගල් අගුරු විදුලි බලාගාර ඉදි නොකිරීමට යන්නයි.

එයට හේතුව කුමක්ද යන්න වැඩසටහන් මෙහෙයවන්නන් විමසූ විට නියොජ්‍ය අමාත්‍ය පවසා සිටියේ ලෝකයේ ඉතා දියුණු රටවල් ගල් අගුරු විදුබලාගාර මගින් විදුලිය නිෂ්පාදනයෙන් ඉවත් වී විකල්ප විදුලිය නිපදවාගැනිමේ ක්‍රමවේදයන් වලට අවතීර්න වී ඇති බවත් ජනාධිපති හා අගමැති එක්ව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගත්තේ ඒ අනුව විය හැකි බවත් මෙයින් රටේ පරිසරය ආරක්ෂා වෙන නිසා මෙම තීන්දුවට එකගවෙමින් ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වැඩ කටයුතු නවතා දැමීමට අවශ්‍ය පියවර ගත් බවයි.

අදාල වැඩසටහන මෙතනින්

4 views

3 Comments to “සාම්පුර් අවලංගු කොට දිගුකාලීන සැලසුම් අවුල් කලා.. අනිවාර්ය විදුලි අර්බුදයක්.. – ලංවිම ඉංජිනේරු සභාපති”

  1. ඉංජිනේරු සුසන්ත says:

    ලංකාට ගල් අඟුරු ගෙන්වන ටෙන්ඩරය කරන ස්විස් සිංගප්පූරුව කොම්පෙනියේ ශ්‍රීලංකාවේ නියෝජිතයා චම්පික රණවක ගේ උපදේශක ව්ද්‍ය අමරපාලයි, ඒකට එදා සිට අමාත්‍යාංශය මට්ටමින් අවශ්‍ය උදව් කරන්නේ. ඔය අමාත්‍යාංශයේ ලේකම් බටගොඩයි, මුන් තුන්දෙනා මේ ටෙන්ඩරය හරහා රුපියල් කොටි ගණනින් මේ වෙනකොටත් හම්බ කරලා. මුන් තමයි නියම නීලකාස හොරු.

  2. ඉංජිනේරු මලින්ත says:

    ඔය ගොබ්බ ගොඩේ බටය දවසක් රැස්වීමකට ඇවිල්ල කිව්ව නෙව ‘අවිද්‍යාව හෙවත් විද්‍යාව නොදත් නිසා මිනිසුන් මුලාවේ වැටී ඇත’ කියල බුදුහාමුදුරුවොත් කියල තියනව කියල. මණ්ඩළේ සාමාන්‍යාධිකාරී තුමා සභාවෙ ඉඳල බිම බලාගත්ත. මෙහෙව් ගොබ්බයින්ට තමා රටේ වැදගත්ම තැන් පාලනය කරන්න දීලා තියෙන්නෙ.

    • rambanda says:

      ඕක ගිනිහිරියා හිටෝල විදුලිය නිපදවනකොට ඇරිල යයි.

Main News