සාම්පුර්, නොරොච්චොලේ ගල් අඟුරු බලාගාර එපා කියූ බලධාරීන් ගිනිසීරියා විදුලිය හදන්න ගොස් රටේම වරින් වර නොදන්වා විදුලිය කපයි..

July 29, 2017 at 3:29 am | lanka C news
සාම්පුර්, නොරොච්චොලේ ගල් අඟුරු බලාගාර එපා කියූ බලධාරීන් ගිනිසීරියා විදුලිය හදන්න ගොස් රටේම වරින් වර නොදන්වා විදුලිය කපයි..

“ආප්ප පුච්චන්නාක් මෙන් බලාගාර පිහිටුවීමට නොහැකි බවත්, දේශපාලන තින්දු තීරණ මත බලාගාර ඉදිකිරීමේ දීර්ඝකාලීන සැලසුම් මන්දගාමී කර දැන් කලබල කිරීමේ පලක් නොවන බවත්, සාම්පුර් බලාගාරය ඉදිකිරීම පිළිබඳව කිසිම තීරණයක් ගැනිමට පෙර එය නතර කරන බවට ලිපියකින් දැනුම් දුන් මෙම ලේකම්වරයා විදුලිය සඳහා වන දිගුකාලින් සැලසුම් අවුල් කරගෙන” සිටින බව විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි ප්‍රකාශ කල බව 2016/10/30 ඉරිදා ලංකාදීප පුවත්පතේ පලවුනේ ” 2018 ඇතිවිය හැකි විදුලි අර්බුදයට ලංවිමට නිසි සැලසුමක් නැතිලු ” යන්නයි.

වර්ෂ 2018දි ඇතිවන විදුලි අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා බලාගාර 8 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බැවින් ඒ සඳහා වගකීමෙන් ක්‍රියකල යුතු බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය B M S බටගොඩ ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇත. එමෙන්ම බලාගාර 8 ක් ඉදිකිරීම් සඳහාවන තාක්ෂණ කමිටු නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බවට ලේකම්වරයා යවා ඇති පිටු 6 ක ලිපියකින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ට දොස් පවරා තිබුණි.

ඉහත ප්‍රකාශයට අමතරව ලිපියට පිලිතුරු වශයෙන් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා තවදුරත් පවසා ඇත්තේ රුපියල් කෝටි ගනනින් මුදල් වියදම් කරන බලාගාර ඉදිකිරීම් ව්‍යපාතිවල ගණන් හිලව් සැකසීම් හදිසියකට කල නොහැකි කරුණක් වන අතර සුළු හෝ වැරදිමක් වුවහොත් ඉංජිනේරුවන්ව FCID යට කැඳවාගෙන යාමට වුවත් ඉඩ තිබෙන බව්යි.

එදා 2016 ඔක්තෝබර් මාසයේදී හිරු රූපවාහිනියේ “සලකුණ” වැඩසටහනකට සහභාගි වෙමින් විදුලිබල නියෝජ්‍යා ඇමති අජිත් පී පෙරේරා පැවසුවේ ” විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියොජ්‍ය අමාත්‍ය හැටියට පසුගිය රජය විසින් ආරම්භ කොට තිබුණ ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වෙන්කොට තිබූ අක්කර 500ක භූමිය බලාගාරය ඉදිකිරීම්අට අවශ්‍ය පරිදි සූදානම් කරමින් සිටින අවස්ථාවක “ජනාධිපති හා අගමැති එක්ව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා අපේ රටේ ගල් අගුරු විදුලි බලාගාර ඉදි නොකිරීමට” ”යන්නයි.

එයට හේතුව කුමක්ද යන්න වැඩසටහන් මෙහෙයවන්නන් විමසූ විට නියොජ්‍ය අමාත්‍ය පවසා සිටියේ ලෝකයේ ඉතා දියුණු රටවල් ගල් අගුරු විදුබලාගාර මගින් විදුලිය නිෂ්පාදනයෙන් ඉවත් වී විකල්ප විදුලිය නිපදවාගැනිමේ ක්‍රමවේදයන් වලට අවතීර්න වී ඇති බවත් ජනාධිපති හා අගමැති එක්ව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගත්තේ ඒ අනුව විය හැකි බවත් මෙයින් රටේ පරිසරය ආරක්ෂා වෙන නිසා මෙම තීන්දුවට එකගවෙමින් ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වැඩ කටයුතු නවතා දැමීමට අවශ්‍ය පියවර ගත් බවයි.

වීඩියෝව මෙතනින්

367 views
Main News