සාමාන්‍ය පෙල අසමත් වූවෙක් විදෙස් තානාපතිවරයෙක් ලෙස පත් කරයි..

December 25, 2016 at 3:50 pm | lanka C news
සාමාන්‍ය පෙල අසමත් වූවෙක් විදෙස් තානාපතිවරයෙක් ලෙස පත් කරයි..

කිසිම අධ්‍යාපන සුදුසුකමක්‌ නැති සහ අත්දැකීම් නොමැති පුද්ගලයන් විදේශ සේවයට පත් කිරීමේ ආණ්‌ඩුවේ ක්‍රියාවලියට බරපතළ විරෝධයක්‌ එල්ල වී තිබේ.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ද අසමත් පුද්ගලයෙක්‌ තානාපතිවරයකු ලෙස පත් කිරීමට ආණ්‌ඩුව මේ වන විට තීරණය කර ඇති අතර, ඊට එරෙහිව නඩු පැවරීමට ස්‌වාධීන නීතිඥ පිරිසක්‌ සැලසුම් කර ඇත.

යහපාලන ආණ්‌ඩුව බලයට පත් කිරීමට කැප වී කටයුතු කළ මෙම නීතිඥවරු පිරිස අධිකරණය ඉදිරියට යාමේ අරමුණ වන්නේ සුදුස්‌සන්ට තනතුරු ලබාදීමට විධිමත් ක්‍රමවේදයක්‌ කෙරෙහි ආණ්‌ඩුවේ අවධානය යොමු කරවීමටය.

එම ක්‍රමවේදය ඔස්‌සේ උසස්‌ තනතුරු පිරිනැමීමේ පැහැදිලි ප්‍රතිපත්තියක්‌ ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය යෑයි ද ඔවුහු කියා සිටිති.

උසස්‌ නිලතල පිළිබඳ කාරක සභාවක්‌ පවතින නමුත් ඒ පිළිබඳ නොසලකා හරිමින් නිලතල ප්‍රදානය කිරීමේ අවිධිමත් ක්‍රියාවලිය ඔවුහු දැඩි ලෙස විවේචනය කරති.

උසස්‌ නිලතල පිළිබඳ කාරක සභාවේ සභාපති වන්නේ කථානායක කරු ජයසූරිය මහතාය.

– Divaina

26 views

6 Comments to “සාමාන්‍ය පෙල අසමත් වූවෙක් විදෙස් තානාපතිවරයෙක් ලෙස පත් කරයි..”

  1. යුක්තිය says:

    ඉතින් දෙයියනේ රනිල අගමැති උනා නම්,මෙෙත්‍රී ජනාධිපති උනා නම් සා.පෙ නැති එකෙක් විදෙස් තානාපති වෙන එක අමුතු දෙයක් නෙවේ නේ…..

  2. Jo dan says:

    තානාපති කියන්නේ සමනය පෙළ විෂයක් නොවෙයි දරුවනි කියා හේ අනිද්දා මැති සබයේදී මාද්‍ය වේදීන්ට අකමැති තුමා කියනු ඇත. අපි බම්බු ගසමු.

  3. Kasianan says:

    what about the Grade 5 completed “Tea Boy” who became the Sri Lankan Embassador to US. The dude who doesnt know any english but trying to start every sentence with “Actually…..” “Eg…Actually I went to the Lat before I came to see you…Actually….”

  4. shashikala says:

    සජිත් නම් එයාට දෙන්නේ උස අනුව සිකියුරිටි නැත්නම් කම්කරු.

  5. ka wickisena says:

    ane ithin mona kiyanawada mahattayo.. seeyak witha o.l nethi harak M.A, PHD thiyena apawa palanaya kara neethi hada rata kanawada? me rata lokayeema thiyena baluma rata wela

Main News