සාමාන්‍ය පෙල විභාගය දෙසැම්බර් 03දා… අයදුම්කරුවන් ලක්ස හයහමාරක්…
November 26, 2018 at 2:03 am | lanka C news
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය දෙසැම්බර් මස 03 වන සදුදා දින ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව කියයි. මෙවර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 කදී විභාගය පැවැත්විමට කටයුතු යොදා තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සමස්ථ අයඳුම්කරුවන් හය ලක්ෂ පනස් හය දහස් හයසිය හතලිස් එක් (6,56,641) දෙනෙකු පෙනී සිටිමට නියමිතය. එයින් හාර ලක්ෂ විසිදෙදහස් අටසිය පනහක් (4,22,850) පාසල් අයදුම්කරුවන් වන අතර දෙලක්ෂ තිස්තුන්දහස් හත්සිය අනූ එකක් (2,33,791) බාහිර අයදුම්කරුවන් වේ.
විභාගය සඳහා පෙනී සිටීමට අයදුම්කර ඇති බන්ධනාගාර රැඳවියන් වන විභාග අයදුම්කරුවන් වෙනුවෙන් රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ කොළඹ යන මැගසින් බන්ධනාගාරවල විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමටද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
විභාගයට පෙනී සිටිමට නියමිත සියළුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් මේ වන විටත් ඔවුන් වෙත යොමු කර අවසන් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.
– ජයකාන්ත ලියනගේ