සාමාන්‍ය පෙළ ලියා ගෙදර යමින් සිටි සිසුන් දෙදෙනා බස් රථයේ හැපේ.. සිසුවෙක් මියයයි.. අනෙක් සිසුට බරපතලයි…

December 10, 2019 at 5:30 pm | lanka C news
සාමාන්‍ය පෙළ ලියා ගෙදර යමින් සිටි සිසුන් දෙදෙනා බස් රථයේ හැපේ.. සිසුවෙක් මියයයි.. අනෙක් සිසුට බරපතලයි…

වව්නියාව සිදම්බර පුරම් ප්‍රදේශයේදී ඊයේ (09) දින යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු මිය ගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

මෙම සිසුන් දෙදෙනා සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටියදී සිදම්බරපුරම් වන්නි කොට්ටම් ප්‍රදේශයේදී වවුනියාව සිට සිද්ම්බරපුරම් බලා ගිය පෞද්ගලික බස්රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පී.බහිර්දන් නැමති සිසුවෙකු වන අතර අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් සිසුවා වවනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බවටද පොලීසිය පැවසීය.

අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර සිසුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

152 views

3 Comments to “සාමාන්‍ය පෙළ ලියා ගෙදර යමින් සිටි සිසුන් දෙදෙනා බස් රථයේ හැපේ.. සිසුවෙක් මියයයි.. අනෙක් සිසුට බරපතලයි…”

  1. අත්තා says:

    අවුරුදු 16 වෙන්න බෑ; මේ සාමාන්‍ය පෙළ ලියපු අවුරුදු 18ට වැඩි නීතිගරුක පුරවැසියො වෙන්න ඇති. නැත්නම් යතුරුපැදි පදින්නෙ කොහොමද ? උතුරු පළාතෙත්, නැගෙනහිර පළාතෙත් මේ වගේ නීතිගරුක පුරවැසියන් ගොඩක් ඉන්නව නේ.

  2. Gamaya says:

    Ethakota me train Ekata Haapuna Car Ekak DammeMole Hoda Nadda…

  3. David Milli-banda says:

    What is happening to the Northern Youth? Is it a kind of retribution?
    its time the Northerners chase away their politicians focus more time to Worship.

Main News