සාම කතා අහවරයි.. මහින්දට එරෙහි ශ‍්‍රීලනිප සටන අරඹයි.. ඇරඹුම දයාසිරි-සුදර්ශනී.. ඉදිරියේදී තවත් මුහුණු..

February 3, 2017 at 1:20 pm | lanka C news
සාම කතා අහවරයි.. මහින්දට එරෙහි ශ‍්‍රීලනිප සටන අරඹයි.. ඇරඹුම දයාසිරි-සුදර්ශනී.. ඉදිරියේදී තවත් මුහුණු..

දිගු නිහඬතාවයකින් පසුව ශ්‍රිලනිප මෛත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව රාජපක්ෂ පවුල්වල උදවියටත් සහ පොදු විපක්ෂයේ තෝරාගත් පිරිසක් ඉලක්ක කොට ඔහුනට පුද්ගලික වනසේ ඔහුන්ගේ දේශපාලන ප්‍රතිරූපයට හානිවන ලෙස ප්‍රහාර එල්ල කිරීම නැවත ආරම්භ කොට ඇත.

මෙහිදී එලබෙන මැතිවරණ ඉලක්ක කොට ඉදිරි කාලය පුරාම ඉතාමත් සැලසුම් සහගතව මෙම පහරදීම් කිරීමට සැලසුම් සකස්කොට ඇති අතර සතීයේ පැවත්වෙන මාධ්‍ය සාකච්ඡාවලදි පැරණි මුහුණ වෙනුවට අලුත් මුහුණු කිහිපයක්ම එක් කිරීමටත් ඒ ඒ දිස්ත්‍රික්වල ජනප්‍රිය මෙන්ම වැඩිපුර කාන්තා නියෝජනයක් අත්‍යවශ්‍ය බව පෙන්වා දි තිබේ.

එමෙන්ම දැඩිව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයට නිතරම පහර දෙන ඩීලාන් පෙරේරා සහ අරුන්දික ප්‍රනාන්දු වැනි උදවියට අවම අවස්ථාවක් ලබාදීමට තීරණය කොට ඇති අතර සුසිල් ප්‍රෙම් ජයන්ත මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා යන ඇමතිවරුන් හැකිතාක් අමාත්‍යාංශවල තාක්ෂණ කරුණු හැර ශ්‍රීලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කරුණු මාධ්‍ය වෙත ලබාදීම සීමා කරන ලෙස ද එම කමිටුව උපදෙස් ලබා දි ඇත.

එමෙන්ම ආණ්ඩුව වෙනුවෙන් රූපවාහිනි විවාදවලට යැවිමේ දි ඒ සඳහා යන මැති ඇමතිවරු කල් තියා දැනුවත් කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙකු සොයා උපදේශක මණ්ඩලයක් පත් කොට අවශ්‍ය පුහුණුව ලබාදීමට පක්ෂයේ ජේෂඨයකු මෙන්ම හිටපු උසස් අධ්‍යපන ඇමතිවරයකුට භාරදීමට යෝජනා වු අතර ශ්‍රිලනිප හිටපු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සියල්ලම පාහේ මහින්ද පාර්ශවය සමඟ ගනුදෙනු කරන බැවින් එම කරුණ සම්බන්ධව සුදුසු ආචාර්යවරුන් නම් කිහිපයක් සොයාබලන ලෙස ඔහුට දන්වා තිබේ.

මෙහිදී මහින්ද අමරවීර අමාත්‍යවරයා තරමක් කනස්සල්ලෙන් පවසා ඇත්තේ පසුගිය දා මහින්ද හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට මහ ඇමතිවරුන් යෑවිමට ගත් තීන්දුව තරමක් ශ්‍රිලනි පක්ෂයට හානිකර මෙන්ම අනුවන ක්‍රියාවක් බවයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින්ම පත් කල මහ ඇමතිවරයකු මේ සම්බන්ධව නායකත්වය දීම ඊටත් වඩා කනගාටුදායක කරුණක් බවත් ඔහු පෙන්වා දී ඇත.

24 views

32 Comments to “සාම කතා අහවරයි.. මහින්දට එරෙහි ශ‍්‍රීලනිප සටන අරඹයි.. ඇරඹුම දයාසිරි-සුදර්ශනී.. ඉදිරියේදී තවත් මුහුණු..”

  1. SB says:

    කටු කන කැණහිලුන් උඩුබිරුවාට පර්වත දෙදරාවිද?

  2. මල්ලවපිටියේ සුබසිංහ says:

    දයාසිරි කියන්නේ අමු කුහක අවස්ථාවාදියා. යූ එන් පි එකෙන් මහින්ද ගාවට ඇවිත් මහ ඇමතිවෙලා කුරුණෑගල දිස්ත්‍රික් සියලුම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින්ට කැපුවා. ඕකට ලබන පාර මන්ත්‍රී කමත් නැහ.

  3. UNP JUNDA says:

    ha ha ha ha , dan itin mahinda mahaththayage golayanta hema sabawakama wepasha nayaka kama ganda puluwan wene awasthawa

  4. මීගමුව ෆිලිසියස් says:

    ජෙයරාජ් ඇමති කෝටිගනන් අවුරුදු 5 කට වැඩි රිකන්ඩිසන් වාහන ගෙන්වන්න පර්මිට් දීලා පගා ගහපු සල්ලී කෝ? ඒවත් මහින්ද රාජපක්ෂට ගිහින් දුන්නද?

  5. Samsudeen says:

    MS could do anything against MR, but majority of the people of this country already decided to support MR or his Nominee,

  6. asaranaya says:

    චන්දෙට බය ගතිය මෙ කැනහිලව් , ගැනු සිකනලාලා හොඳට කියා පානවා, ඇයි බයද? බය නැත්නම් පුන්චි චන්දය තියාලා බලපල්ලා, තොපිලට දුවන්න පාරත් මදිවෙයි, මෙන්න කැට

  7. Too says:

    Moda peretayo mahindata kade Palayaw meeharak rala

    • Trump: says:

      yonawa thamai..! thoge amma thowa wadapu ratath.. mage amma mawa wadapu rata.nidahas kala nayakayata. kaday yana labimath loku dayak..

  8. ඔය දොඩවන පොරවල් කිහිප දෙනා කොටි නෙලන කොට හිටියේ කොහෙද දන්නෙ නැහැ. දැන් රට නිදහස් නිසා දන්න ශිල්ප ඔක්කොම දානවා.. හිවල් හැත්ත.