සාම තාප්පයක්, සර්ව ආගමික කුළුණක් උතුරේ හදයි.. යාපනයේ සර්ව ආගමික කෝවිලට දකුණෙන් භික්‍ෂූන් වඩිති..

December 7, 2016 at 12:40 pm | lanka C news
සාම තාප්පයක්, සර්ව ආගමික කුළුණක් උතුරේ හදයි.. යාපනයේ සර්ව ආගමික කෝවිලට දකුණෙන් භික්‍ෂූන් වඩිති..

උතුරු දකුණු සංහිඳියාව වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් දකුණු පළාතේ ස්වාමීන් වහන්සේලා උතුරු පළාතේ කෝවිල් වෙත ඊයේ (06) වැඩම කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාතෙන් ස්වාමීන් වහන්සේලා තුන්නමක්  වැඩමකළ අතර එම ස්වාමීන් වහන්සේලා වනුයේ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන් අධ්‍යක්ෂක පුජ්‍ය අකුරැටියේ නන්දනායක ස්වාමීන් වහන්සේ, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය නාගොඩ අමරවංශ ස්වාමීන් වහන්සේ, එක්සත් රාජධානියේ ජේතවන විහාරාධිපති පුජ්‍ය ගුණවංශ යන ස්වාමින් වහන්සේලායි.

උන්වහන්සේලා යාපනයේ පරලයි ඊශ්වර විනායගර් කෝවිලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම සංචාරය සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේද සහභාගි වූ අතර මෙම පරලයි ඊශ්වර විනායගර් ගණපති කෝවිලේ ඉදිකර ඇති සාම තාප්පය හා සර්ව ආගමික කුළුණ නිරීක්ෂණයට ලක් කල අතර ස්වාමීන් වහන්සේලා ප‍්‍රකාශ කළේ මෙය උතුරු දකුණ සංහිඳියාව වර්ධනය කිරීමට මහත් පිටිවහලක් වනු ඇති බවයි.

සාම තාප්පයේ ශ‍්‍රී ලංකාවේ සිටි සියලූම ජනාධිපතිවරුන්ගේ හා අගමැතිවරුන්ගේ ඡයාරූප චිත‍්‍රයට නඟා ඇති අතර ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ සිට වත්මන් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඡයාරූපයද චිත්‍රයට නගා ඇති බව  එම නිරීක්ෂණයේදී පැහැදිලි විය.

එසේම එම ස්ථානයේ ස්ථාපිත කර ඇති සර්ව ආගමික කුළුණේ හින්දු, බෞද්ධ, කතෝලික, මුස්ලිම් යන සියලූම ආගම් නියෝජනය වන පරිදි ලාංඡන නිර්මාණය කර තිබීමද මෙහිදී දක්නට ලැබිණ.

– වජිර කොඩිතුවක්කු

340 views
Main News