සායනික පරීක්‍ෂණ වාර්තා එන තෙක් දේහීය කොරෝනා ඖෂධ බොන්න එපා..- පරීක්‍ෂණ මණ්ඩලය දැනුම් දෙයි..

December 14, 2020 at 4:40 pm | lanka C news
සායනික පරීක්‍ෂණ වාර්තා එන තෙක් දේහීය කොරෝනා ඖෂධ බොන්න එපා..- පරීක්‍ෂණ මණ්ඩලය දැනුම් දෙයි..

කොරෝනා මර්දනය සඳහා මෙරටින් හඳුනාගන්නා ලද නව ඖෂධ වර්ග තුනක් සායනික පරීක්ෂණ සඳහා ජාතික පර්යේෂණ සභාවට භාර දී ඇත.

එම සායනික පරීක්ෂණ නිමා වන තුරු එකී ඖෂධ වර්ග භාවිතයෙන් වලකින්න එම පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දැනට සායනික පරීක්ෂණ සඳහා භාර දී ඇති ඖෂධ වර්ග පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් ඒවායේ ඇගයීම් වාර්තා කඩිනමින් රජය වෙත ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.

එම ඖෂධ පරීක්ෂණ වාර්තා නිකුත් වන තුරු ඒවා භාවිතා නොකරන ලෙසත් දැනට හඳුන්වා දී ඇති නිරෝධායන රෙගුලාසි අනුව කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

22,142 views

23 Comments to “සායනික පරීක්‍ෂණ වාර්තා එන තෙක් දේහීය කොරෝනා ඖෂධ බොන්න එපා..- පරීක්‍ෂණ මණ්ඩලය දැනුම් දෙයි..”

  1. kkuruwita says:

    Clinical trials වලදී ඉතා සාර්තක ප්‍රතිපල පෙන්වූ මේ ඖෂධයේ එක් එක් ද්‍රව්‍යයේ රසායනික ව අඩංගූ දෑ සොයා ගත්තත් ඒවායේ රස, ගුණ, වීර්‍ය, විපාක යන තත්වයන් රසායනාගාරයක හඳුනා ගත නොහැකියි. බෙහෙත් ද්‍රව්‍ය හතර එකට අන්‍යෝන්‍යව එක්ව ක්‍රියා කරන විධිය කොහොමටවත් රසායනාගාර තුල පරීක්ෂා කල නොහැකි දෙයකි. එබැවින් ආයුර්වේද සිද්ධාන්ත වලට අනුව මෙම බෙහෙත තේරුම් ගෙන තවදුරටත් වැඩි රෝගීන් සංඛ්‍යා යොදා ගනිමින් Clinical trials සිදුකර වහ වහා ජනතාවට මෙය ලැබෙන්න සැලැස්වීම රජය විසින් කරන මහා පුන්‍ය කර්මයක් වියහැකියි. රජය විසින් මේ කුහක, ඊර්සියාකාර, අයගේ සහ බෙහෙත් මාෆියා කාරයින්ගේ බස් වලට නොරැවටෙන්න වග බලා ගතයුතුයි.

    • Jaya Sri says:

      කොරෝනාවට සාර්ථක බෙහෙතක් සොයා ගැනීමට බහුජාතික ජාවාරම් කරුවන්ට කිසිසේත් හැකි නොවේ. කිරිමෙලා, බුරිමෙලා වැනි බත් බැල වහලුන්ගේ උඩුබුරලීම් තප්පුලෑම් අධෝ වාතයක් සේ නිශ්ඵල වේ. බොරුවෙන් වන්චාවෙන් හෙළ වෙදකමට අකුල් හෙළන පක්කලින් පච වී යන කාලය වැඩි ඈතක නොවේ

    • ක්‍රිමිනල් says:

      කවුද ඕයි කියන්නේ ක්ලීනිකල් ට්‍රයල්ස් වලදී සාර්ථකයි කියලා ? දිලිත් ජයවීරගේ දෙරණද ? එහෙනං විශ්වෂ කරන්නම වෙනවා…😂😂😂

      • kkuruwita says:

        කොල පාට රතු පාට කන්නාඩි දාගත්ත අයට හැමදේම පෙනෙන්නේ ඒ පාටින්ම තමයි. කුලියට ලියන අයට අපි අනුකම්පා කරමු. මොකද ඒක එයාලගෙ රස්සාවනෙ !!

  2. A Sri Lankan says:

    At last….. This should help to clear confusion.

  3. RH says:

    Aurweda team went to Dammika house and produced his medicine by themself by force. Unethically. Who authorised them to do it? Definitely they did some changes and handed over the they produced medicine to professors not to get approved. They didn’t give a chance to Dammika to produce it. Unethical Aurweda want to know the secret ingredient from Dammika. Someone shoud go to court against them.

  4. ඩපයා says:

    ජාතික පර්යේෂණ සභාවේ හෙළ වේද මහත්තුරු කීදෙනෙක් ඉන්නවද? ලංකාවේ බටහිර වෙදකන් කොරන ඔය විශේෂඥ වෛද්‍යවරු සුළුතරයක් ඇරුනම බහුතරයක් බහුජාතික අවුෂද සමාගම් වලින් යැපෙන උන්ට කඩේ යන අමානුෂික කෑදර හැත්තක්.

  5. Rh says:

    Aurweda team went to Dammika house and produced Dammika medicine by force unethically. Who authorised to do it? Definitely the did some changes and handed over the samples to professor team to not to get approved. VERY unethically Aurweda did not give Dammika produced medicine to professors team. Someone shoud go to court against Aurweda. Aurweda ia a indian medicine NOT HELA medicine.

  6. වෙබ් බුවා says:

    මෙලමයින් තිබේදැයි පරීක්ෂණ ප්‍රතිපල එනතුරු එම කිරිපිටි බොන්න එපා කිව්වෙ නෑ. සුප් කැට ගැනත් නෝ කතා . ඖෂධ මාෆියාවෙ ජරාවෙ පවර් එක තමයි පෙන්නුම් කරන්නෙ

  7. Disce ammata discede says:

    හොර හෙළ කට්ටඩියන් ගේ බොරු බෙහෙත් වලින් රැවටිලා ඉන්න මෝඩයන්ට මොකද වෙන්නේ?

  8. පොල් බූරුවා says:

    අපි උදේට නවසීලන්තෙන් ගේන කිරි එක බීල හවසට සුප් කැටෙි බිවිවට කමක් නැතෙයි දොස්තර මහත්තයෝ.

  9. ක්‍රිමිනල් says:

    පව් ඕයි මෝඩ පහේ බෛයො ! ඇන්ටිජන් මෑන්ගේ චැනල් එකේ ගහන ගජබින්නාලංකාර බලලා ඇත්ත කියලා හිතලා වැලලෙන්න යනවා . මේ වගේ අමු ගොබ්බ වහල්ලු ඉන්න රටක් ගොඩ දාන එක ලේසී නෑ ! 😂😂😂

Main News