සැකකටයුතු ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට… නිරෝධායනයට..

March 26, 2020 at 2:06 am | lanka C news
සැකකටයුතු ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට… නිරෝධායනයට..

මන්නාරම නගරයේ සැක කටයුතු ලෙස හැසිරුනු ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් සහ මන්නාරම පොලිසිය එක්ව අද මන්නාරම නගරයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින් පිළිබඳ සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී ඔවුන් ඉන්දීය ජාතිකයින් බවට අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන බවට තහවුරු වී ඇති අතර, මෙම පුද්ගලයින් 2020 මාර්තු 13 වන දින දිවයිනට පැමිණ ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.

තවද, නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මන්නාරම පොලිසිය සිදු කරන අතර, පවතින සෞඛ්‍ය තත්වය යටතේ මෙම පුද්ගලයින් මන්නාරම පොලිසියේ අධීක්‍ෂණය යටතේ ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,637 Viewers

4 Comments to “සැකකටයුතු ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට… නිරෝධායනයට..”

  1. Saradiel says:

    රෝ ඔත්තුකරුවන් වෙන්න පුලුවන්

    • ජනක says:

      කරුණාකර අන්තර්ජාතික ගුවන්ගමන් සඳහා පාලාලි ගුවන්තොට නිශ්චිතවම වසා දමන්න .මේ ගුවන්තොටුපල මගින් රට දෙකඩ කිරීමට හා රටේ විවිද ප්‍රශ්න ඇතිකිරීමට විවිද පාර්ශය්වන් රට තුලට එනු ඇත

      • nimalsiri says:

        ehenam vedipura guwanyaanaa aavothin land koranne umbe ammage huththe uda peththeda yako?ekenuth
        prashnayakwenne,sinhala huthu kavadaawath kihille saha huththe mayil nokapana nisaa,owa danahisa denata dakwaama vewila ethi.flight eka baanakota mayil diga nisaa petatalilaa anathuru siduwei.

  2. WEERASURIYA ARACHCHILGE GUNATILAKA says:

    YES

Main News