සැකකාරියක් අත්අඩංගුවේදී මිය යයි.. හික්කඩුව පොලිසිය වටලා විරෝධතා..
October 17, 2020 at 12:40 pm | lanka C news
හික්කඩුව පොලිසිය ඉදිරියේ පිරිසක් විසින් ඊයේ පස්වරුවේ විරෝධතාවක් පවත්වා තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යාමට විරෝධය පළ කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත විය.
පොලිසිය පවසන්නේ අදාළ කාන්තාව හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත් කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත් ය.
නමුත් විරෝධතාකරුවන් කියා සිටින්නේ පොලිසිය තුළදී සිදුකළ පහරදීමකින් ඇය මියගිය බවයි.
අදාළ කාන්තාව පනස් එක් හැවිරිදි දෙදරු මවකි.
පොලිසියේ ස්ථානාධිපතිවරයා විරෝධතාකරුවන් සමග පැවැති සාකච්ඡාවකින් පසු ඔවුන් විසිර ගියහ.