සැගවී සිටි කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු සොයාගනී.. සැගවෙන්න උදවු කර ඇත්තේ දේශපාලඥයෙක්.. ඒ ගැන ඉහලටම පැමිණිලි කරයි..

November 7, 2020 at 10:40 am | lanka C news
සැගවී සිටි කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු සොයාගනී.. සැගවෙන්න උදවු කර ඇත්තේ දේශපාලඥයෙක්.. ඒ ගැන ඉහලටම පැමිණිලි කරයි..

මින්නේරිය ප්‍රදේශයේ පිහිටි සංචාරක බංගලාව සැඟව සිටි කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු සොයා ගෙන තිබේ.

පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්.කේ.ඩබ්.එස්. කුමාර මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු තිබියදී හොර රහසේ පැමිණ මෙහි සැඟවී සිට ඇති බවයි.

මාතර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් සැඟවී සිට ඇත්තේ ධීවර සංස්ථාව අයත් සංචාරක බංගලාවක් බවත් ඔහු සඳහන් කළේය.

ඔවුන් සමඟ රැඳී සිටි තවත් හතරදෙනකු කොරෝනා පරික්ෂා සඳහා යොමු කර ඇති අතර ආසාදිතයන් තිදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පිරිවර ගෙන තිබේ.

පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කරන්නේ සෞඛ්‍ය අංශ මගහරිමින් මෙම කොරෝනා ආසාදිතයන් හොර රහසේ සගවා තබාගැනීමට එක්තරා දේශපාලනඥයකුගේ මැදිහත්වීමක් තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කළ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

41,064 views

7 Comments to “සැගවී සිටි කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු සොයාගනී.. සැගවෙන්න උදවු කර ඇත්තේ දේශපාලඥයෙක්.. ඒ ගැන ඉහලටම පැමිණිලි කරයි..”

  1. ඩපයා says:

    අනිවා මේ දේශපාලුවා යාපා කෙනෙක් තමයි. ඕකුන්ට ඉතින් කොරෝනා හැදිලා රට ම වැනසිල හියත් මොකෝ බලය ආරක්ෂා වෙන්ව නම්.

  2. Weda says:

    At the end, nothing will happen!

    • Saradiel says:

      මෙය විපක්ෂයේ මෙහෙයුමක් විය හැකියි ..ආණ්ඩුව පෙරලීමට විපක්ෂයේ දේශපාලකයින් කොරෝනා රට හැම තැනම පැතිරවීමට උත්සාහ දරනවා වගෙයි
      ඒ ගැන ජනතාව විමසිල්ලෙන් පසු වියයුතුයි

  3. sepalika says:

    respect SIR

  4. gamarala says:

    මේ වසලයාගේ බැංකු ගිණුම් පරික්ෂා කල යුතුය.

  5. saman says:

    හැබැයි පොහොට්ටුවෙනම් නෙවෙයි

  6. RED BULL says:

    කවදාවත් මේ දේශපාලුවාව අත් අඩංගුවට ගන්නෙ නැහැ.කොරෝනා පල්ලයි ඕං කිව්ව​?

Main News