සැත්කමකට ඉන්දියාවේ ගිය සේරුවිල නාහිමියෝ එරටදී කොරෝනා වැලදී අපවත් වේ…

May 13, 2021 at 12:40 pm | lanka C news
සැත්කමකට ඉන්දියාවේ ගිය සේරුවිල නාහිමියෝ එරටදී කොරෝනා වැලදී අපවත් වේ…

සේරුවිල මංගල රජමහා විහාරාධිපති හා දොම්පෙ පාළුගම භාවනා අසපුවේ ප‍්‍රධාන අනුශාසක නැෙඟනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක කථිකාචාර්ය පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමිපාණෝ ඉන්දියාවේදී කොවිඞ් ආසාදිතව අපවත් වී වදාළහ.

අපවත් වනවිට 62 වැනි වියේ පසු වූ මෙත්තාරාම නාහිමියෝ ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවට වැඩම කර සිටියහ.

සේරුවිල මංගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ සේරුවිල සරණකිත්ති නාහිමිපාණන් අපවත් වීමෙන් පසු උන්වහන්සේ එහි විහාරාධිපති පදවියට පත්වූහ.

සේරුවිල කේන්ද්‍රකොට නැෙඟනහිර බෞද්ධ උරුමයන් ආරක්ෂාකර දීමට මෙත්තාරාම නාහිමියෝ වහන්සේ කැපවූහ.

ශල්‍යකර්මය සිදුකිරීමට පෙර උන්වහන්සේ මෙලෙස කොවිඞ් ආසාදනයට ලක්ව අපවත්වී ඇති බව වාර්තා වී තිබේ.

පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ උන්වහන්සේගේ ශී‍්‍ර‍්‍ර දේහය ලංකාවට රැුගෙන ඒමක් සිදු නොකර එරට දීම ආදාහනය සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බව විහාරස්ථ ආරංචි මාර්ග සඳහන් කරයි.

ති‍්‍රකුණාමලය – සමන් මල්ලවාරච්චි

41,399 views

7 Comments to “සැත්කමකට ඉන්දියාවේ ගිය සේරුවිල නාහිමියෝ එරටදී කොරෝනා වැලදී අපවත් වේ…”

  1. Well wisher says:

    Nivan Suwa Labewa

  2. චන්දිමානි says:

    අපේ ලොකු හාමුදුරුවන්ට සදා සුවැති නිර්වාණ සම්පත්තියම ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.

  3. SL says:

    නිවන් සුව ලැබේවා

  4. Saradiel says:

    නිවන් සුව ලැබේවා

  5. kkuruwita says:

    අමා මහ නිවන් සුව අත්වේවා !!!!!!!!!!!!

  6. Kas says:

    නිවන් සුව ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට. විශාල සේවයක් කරපු හිමි නමක්.

  7. කපුකොටුවේ ආනන්දකිත්ති කියන උපන්ගේ JVP කාරයට ඉබේම නායකකම ලැබෙනවනේද. එහෙනම් ඉතින් සේරුවිල විහාරයත් JVP තමයි. මීට පස්සේ එතන තියෙන්නේ වයිරය, ක්‍රෝධය, මෝහය සහ දේශද්‍රෝහී කම.

Main News