සැදෑ සමයේ ගෙදරට වී ඉන්න හිතුවේ.. ඒත් ජනතාව ඡන්දෙ දුන් නිසා අමාරුවෙත් තව වසර කිහිපයක් ඇමතිකම කරනවා..

August 17, 2020 at 3:50 pm | lanka C news
සැදෑ සමයේ ගෙදරට වී ඉන්න හිතුවේ.. ඒත් ජනතාව ඡන්දෙ දුන් නිසා අමාරුවෙත් තව වසර කිහිපයක් ඇමතිකම කරනවා..

වගකීමෙන් ඉන් නිදහස් වී නිදහසේ විවේකීව සැඳෑ සමය ගත කරන්න තමන් කල්පනා කර සිටියද ජනතාව ඊට ඉඩ නොදුන් බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

බදුල්ලේ ජනතාව තමන්ට දැක් වූ ආදරය සෙනෙහස දෙස බැලූ විට දාලා යන්න පුළුවන් කමක් නැති බවත් අමාරුවෙන් හෝ තවත් වසර කිහිපයක් සේවය කරන්නට සූදානම් බවත් ඔහු පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රාදේශීය සභාවේ දී පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

ආර්ථික අසීරුතාවයකට රට පත්ව ඇතත් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බවත් සෑම කරුණක දී ම තමන්ට දුන් සහ තම පක්ෂය වෙනුවෙන් කැපවුනු යට ප්‍රමුඛතාවය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

31,906 views

31 Comments to “සැදෑ සමයේ ගෙදරට වී ඉන්න හිතුවේ.. ඒත් ජනතාව ඡන්දෙ දුන් නිසා අමාරුවෙත් තව වසර කිහිපයක් ඇමතිකම කරනවා..”

  1. ලියොන් says:

    නිකම් බොරු ගොන් පාට් දාන්න එපා මහත්තයෝ. එහෙම අදහසක් තිබුණ නං ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න තිබුණනෙ. කවුරුත් බලහත්කාරයෙන් ඡන්දෙ දුන්නෙ නෑනේ.

    • hakim says:

      අයියා දැන් නාකිද ,කෙලින් වන්නේ නැද්ද අස්වෙලා යනවාකෝ

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    දශක කිහිපයක් පාර්ලිමේන්තු ගිය මොවුන් ඒකට ඇබ්බැහි වෙලයි තියෙන්නෙ. ඒ තනතුරු වරප්‍රසාද නැති ජීවිතයට මුහුණ දෙන්න මේ අය බයයි. මොවුන්ට මිනිසුන් සලකන්නෙ බලයේ ඉන්නකම් විතරයි. දේශපාලනයෙන් විශ්‍රාම ගිය බොහෝ දෙනෙක්ට මිනිස්සුන්ගෙන් අවසානයේ හිමි උනේ හූව විතයි. ඒ නිසා මොවුන් හදන්නේ මන්ත්‍රී ඇමතිකමක ඉන්න ගමන්ම මැරෙන්න. එතකොට ගෙදර අයට උනත් කරදරයක් නෑ වැඩිය. හුඟක් දේවල් රජයෙන් සහ මිනිස්සු නොමිලේම කරලත් දෙනවනෙ.

  3. ක්‍රිමිනල් says:

    ඩලස් කොටා පැය දෙකෙන් කරන්ට් එක දෙනවා කිව්වා , දැන් කරන්ට් එක දෙන්න වෙන්නේ 8:00 ට ලූ , එ වුනත් අවුලක් නෑ ලූ , රාජපක්ශලා පුටුවේ වාඩිවුනහම ඇතිලු.මටත් කිව්වේ මෝඩ බෛයෙක්.

    • narada says:

      Hi ක්‍රිමිනල්,
      මිනිසුන්ගේ ශරීර අවයව ගැන, ගති පැවතුම් ගැන, කැමති අකමැති කම්වලට අපහස උපහාස කිරීමෙන් වලකින්න. ඔබට ලබන ආත්මයේදීත් මේ පව් පල දේවි. මේ ආත්මයේදීත් ඔබ විදින්නේ එම පාපය ම නොවේද. කිසිම දෙයක හොදක් දකින්නේ නෑ. කරුමය නොවේද ඔය ගෙවන්නේ ?

    • නාමල් ගේ අල්ලපු ගෙදර එකා says:

      අපිට අපේ මහරජ තුමා රට කරනවා නම් මේ වගේ සිද්ධි අබමල් රේණුවක තරම් වත් දේවල් නෙමේ. වලව්වේ පිළිකන්නේ රෙදි ගොනි ගණන් ඇපුල්ලපු අපිට මේවා ඉතින් කජු වගේ. හෙට කන්න නැතුව මලත් රාජපක්ෂලා තමා මේ රටේ රජ කරන්න ඕන. උම්බෑ..

  4. Upul says:

    Even at this age these politicians will never tell the truth. Nobody pushed you to contest, you went because you know how prestigious and beneficial it is for you. At least, please do not lie to people anymore.

  5. Bandu says:

    බොරු නොකර හිටපන්. කව්ද උඹ ඇසි යන්නෙ. අන්න බන්දුවා සුදූ පොඩි කෑලි ටිකක් . ලෑස්ති කරලා තියෙනවා. ගිහින් වයසක හම දීග ඇර ගනින්..

  6. Sirimal says:

    Because you contested only people voted. Nobody forced and voted. All bullshit talk.

  7. පාර්ලිමේන්තු යන්නෙත් මේකා බුදියන්නනේ

  8. On The Spot says:

    ඔබතුමා අමාරුවෙන් වැඩ කරන්න එපා.එහෙම උනොත් සාර්ථකව කරන්න බැහැ.අපහසු නම් තරුණ ජවය ඇති වැඩ කල හැකි අයෙකුට අවස්ථාව දෙන්න​.මේ රට ගැන හිතන මොහොතක්.මේ කල් මැරිය යුතු අවස්ථාවක් නොවෙයි.ඔබේ සැඳෑ සුවයට ජනතාව ඉඩ සලස්වාවි.තීරණයක් ගන්න මැතිඳුනි.

  9. On The Spot says:

    ඔබතුමා අමාරුවෙන් වැඩ කරන්න එපා.එහෙම උනොත් සාර්ථකව කරන්න බැහැ.අපහසු නම් තරුණ ජවය ඇති වැඩ කල හැකි අයෙකුට අවස්ථාව දෙන්න​.මේ රට ගැන හිතන මොහොතක්.මේ කල් මැරිය යුතු අවස්ථාවක් නොවෙයි.ඔබේ සැඳෑ සුවයට ජනතාව ඉඩ සලස්වාවි.තීරණයක් ගන්න මැතිඳුනි.

    • ගිරවා says:

      සිරිසේන ජිනීවාහිදී අපේ රණවිරුවන් පාවාදීලා ආපු වෙලේ ඔබතුමා නේද ඔහුව වීරයෙක් වගේ පිළිගත්තේ,බොරු බයිලා එපා .අපි නොදන්නා දේශපාලකයින්ගේ රට ජාතියට ඇති ආදරේ ..
      රටද ? තමන්ට මුදල් හම්බකර ගැනීමටද ? ඇමතිතුමෝ ඇත්තටම නම් බලය සහ ධනයට ඇති කෑදරකමට නේද?

  10. ලොලිපොප් මොංගල් says:

    බිලියනයේ තැන්පතුව හරිද.
    මේ වගේ අයට තනතුරු දෙන අයට මොනවා කියන්නද මන්දා.

Main News