සැපට හිටියා ඉවරයි.. රේටින් වලින් අපි බිම.. දැන් කවුරුන් ණයක්වත් දෙන්නෙ නෑ.. ‘Made in Turky’ වී විමල් ලැජ්ජාවට පත් වෙයි…

January 13, 2022 at 1:20 pm | lanka C news
සැපට හිටියා ඉවරයි.. රේටින් වලින් අපි බිම.. දැන් කවුරුන් ණයක්වත් දෙන්නෙ නෑ.. ‘Made in Turky’ වී විමල් ලැජ්ජාවට පත් වෙයි…

ණය රැගෙන සැපට ජීවත් වූ යුගයක අවසානය සනිටුහන් වී ඇති බවත් මේ මොහොතේ රට තුළ පවතින කේන්ද්‍රීය අභියෝගය වන්නේ විදේශ විනිමය උපදවාලිය හැකි පිරිස බලගැන්වීම බවත් පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, එසේ විදේශ විනිමය උපදවාලිය හැකි ප්‍රමුඛතම පිරිස වන කර්මාන්තකරුවන් බලගන්වමින් යන ගමනකට තමන් ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් යැයි අවධාරණය කළේය.

කොළඹ ගලදාරී හෝටලයේ පැවති “CNCI Achievers Awards 2021 for Industrial Excellence” උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පැවැත්වූ දේශනයේදී ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා, අපේ රටේ කර්මාන්තකරුවාගේ භූමිකාව ඇගයීමට පාත්‍ර කිරීම සඳහා මෙවැනි විශිෂ්ට සැන්දෑවක් නිර්මාණය කළ ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයට (CNCI). ගෙවී ගිය වසර, මෙරට කර්මාන්තකරණය පිළිබඳ ඉතිහාසයේ ඉතාම දුෂ්කර වසරක් ලෙස හැඳින්වීමට පුළුවන්. වසංගත තත්ත්වයත් සමඟ සාමාන්‍ය ආකාරයට කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකිව අලුත් අභියෝග රැසක් මතු වෙද්දිත් දැඩි වගකීමකින් හා කැපවීමකින් කටයුතු කරමින් මේ රටේ කර්මාන්තකරුවන් බිඳ වැටීමකින් තොරව එම වසර ජයග්‍රාහීව ගෙවා දමා තිබෙනවා.

‘දුෂ්කරතා මැද ලැබුණු අවස්ථාව’

කොවිඩ් වසංගත තත්වය ඇතුළේ බොහෝවිට ඇහෙන්නේ සෘණාත්මක කතා විතරයි. නමුත් අමාරුකම්, දුෂ්කරතා මැද අපේ කර්මාන්තකරුවාට අභියෝග ජය ගැනීමට හැකියාව ඇති බවට ඕනෑ තරම් උදාහරණ ගෙවී ගිය වසර තුළ හමු වෙනවා. අමුද්‍රව්‍ය ආනයනයේදී මතුව ඇති දුෂ්කරතා, නැව් ගාස්තු ඉතා ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය වෙනදාට වඩා වැඩි වීම වැනි ගැටළු කිහිපයකට අද අපේ කර්මාන්තකරුවා මුහුණ දී සිටිනවා. අද අපේ රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය විසින් කර්මාන්තවල ඉදිරි ගමනට බාධා වන දුෂ්කරතා අලුතෙන් මතුකර තිබෙනවා. ලෝකයේ නිෂ්පාදන ක්‍රියාවලියේ සිදුවූ බිඳ වැටීම් නිසා අපේ කර්මාන්තකරුවන්ට විදේශ වෙළෙඳපොළට අවතීර්ණ වීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ තම ස්ථානය බලගැන්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අවස්ථාව ලැබී තිබෙනවා වගේම එම ගමන යෑමේ දී ඉහත කී තාවකාලිකව මතුව ඇති දුෂ්කරතාවලට මුහුණ දීමට ද මෙරට කර්මාන්තකරුවන්ට සිදුව තිබෙනවා.

අපේ රටේ විදේශ විනිමය සංචිතය සැලකිය යුතු මට්ටමකට යනතුරු කිසිදු ‘රේටින් ආයතනයක්’ ‘රේටින්ස්වලින්’ දැන් තිබෙන තත්වයෙන් ඉහළට අපේ රට ඔසවා තැබීමට කටයුතු කරාවි, කියලා බලාපොරොත්තු වීමට බැහැ. රේටින්ස්වලින් ඉහළට ගියොත් තමයි අපට ආයෝජනයක් ලෙස හෝ ණයක් ලබාගත හැකි වාතාවරණයක් ජාත්‍යන්තරව ඇති වන්නේ. අපි කියනවා සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල වශයෙන් ලැබෙනවා, කියා . නමුත් පැමිණෙන පිරිසට පහසුකම් සැලසීමට අපි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට ද යවනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය, ඇත්ත ප්‍රමාණය ලෙස පිළිගැනීමට අපහසු යි. කෙසේ නමුත් මේ මා ඉදිරිපිට සිටින ඔබ තමයි අතීතයේ සිට මේ අර්බුදයට උත්තර සෙවීමට කැප වූ පිරිස.

‘විදේශ ණය මත සංවර්ධනය’

අපි නිදහස් විවෘත වෙළඳපොළ ආර්ථිකයකට ගියේ ශක්තිමත්ව ‘අපේ කණු 04’ සිටුවාගෙන නොවෙයි. උපායමාර්ගිකව කවදා හෝ එතැනට යාමට සිදුවීම සැබෑ වුවත් එසේ යාමට පෙර අපේ ආර්ථිකය ස්ථාවරව, ශක්තිමත්ව ගොඩනගා ගත යුතුව තිබෙනවා. අපේ කර්මාන්තකරුවා ඒ එන ‘සුළඟට’ මුහුණදිය හැකි අයෙකු බවට පත් කරගත යුතුව තිබෙනවා. අපි ඒ තත්ත්වයට අපේ රටේ කර්මාන්තකරුවා පත් කරගෙන තමයි විවෘත ආර්ථික ගමන යා යුතුව තිබුණේ. නමුත් අවාසනාවට එබඳු ගැඹුරු කල්පනා කිරීමකින් තොරව එය සිදු වුණා. එදා සිට අපේ රට පුරුදු වුණේ ‘විදේශ ණය මත රටේ සංවර්ධනය’ කියන සංකල්පය බලගන්වා පෙන්වීමට. එදා සිට විශාල අයවැය පරතරයක් හැදෙනවා. එම පරතරය පියවීමට ණය ගැනීමට බල කෙරෙනවා. ණය ගනිමින්, එම ණයවල පොලී ගෙවීමට නැවතත් ණය ගනිමින්, දශක ගණනාවක් පැමිණි ගමන කෙළවර, අපට නිර්දය ඇත්තට මුහුණ දීමට සිදුව තිබෙනවා.

‘අපේ මානසිකත්වය’

විවෘත ආර්ථිකයේ මුල එදා ණය අරගෙන ජීවත් වෙද්දී, අලුතෙන් මධ්‍යම පන්තියක් හැදෙනකොට, අලුතෙන් ජීවන රටාවක් එනකොට, මේ රටේ දෙයක් පරිභෝජනය කරනවාට වඩා වෙන රටක නිෂ්පාදනය කරනු ලැබූ දෙයක් පරිභෝජනය කරන තැනට අප පත්ව තිබෙනවා. මම මේ දේ මෙතෙක් අපේ අමාත්‍යාංශ ලේකම්තුමාටවත් පවසා නැහැ. එය මෙරට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා ලැජ්ජාවට පත්වූ අවස්ථාවක්. අපේ අමාත්‍යාංශයේ එක කොටසක පොඩි නවීකරණයක් කළාට පසුව මම අත සේදීමට ගොස් ‘සින්ක් එක’ දෙස බලනකොට දුටුවා එහි ගහලා තිබෙනවා ‘මේඩ් ඉන් ටර්කි’ කියා. අඩුම තරමින් කර්මාන්ත අමාත්‍යාංශය තුළ සවි කරන මෙවලමක්වත් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ විය යුතුයි නේද? අපි එතැනදී ඒ ගැන සැලකිලිමත් වී නැහැ. මා කර්මාන්ත අමාත්‍යාංශය භාර ගත් මුල් කාලයේ අමුත්තන් පිරිසකට සංග්‍රහ කිරීමට විදේශයක නිෂ්පාදිත බීම වර්ගයක් යොදා ගත් අවස්ථාවක් මගේ මතකයට එනවා. කර්මාන්ත අමාත්‍යාංශයවත් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ක්‍රියාන්විතය බලගැන්වීමේ මානසිකත්වයෙන් යුක්ත නොවුණොත් දේශීය කර්මාන්තයන්හි දියුණුවක් සිදු වීමට බැහැ.

‘හැමදේම පිටරටින්’

අද අපේ කර්මාන්තකරුවන් ‘ගල් අච්චුවේ පත්තර මුද්‍රණය’ වැනි ප්‍රාථමික ආකාරයෙන් සිය නිෂ්පාදනයන් කරන අය නොවෙයි, දේශීය වෙළෙඳපොළ පමණක් නොවෙයි ඕනෑම විදේශීය වෙළෙඳපොළක් ජය ගත හැකි ගුණාත්මක බවින් යුතු, ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදුකරන අය. අවාසනාවට අපි ණයට අරන් ඇඳලා, කාලා ඉන්න පුරුදු වුණා. මේ රටේ දේවල් හෑල්ලුවට ලක්කරලා, විදේශ රටවල නිෂ්පාදන තමන්ගෙ දියුණුව පෙන්වන සංකේත බවට පත් කරගත්තා. හැමදේම අපට පිටින් ගෙන එන්න සිදුවුණා. ඒ ගමන තුළ, ඒ දේවල් ගෙනඒමට රටින් පිටට යන සල්ලි නතර කර ගැනීම පිළිබඳ සංවාදයක් තිබුණේ නැහැ. කොවිඩ් වසංගතය සමග අපට ප්‍රමාද වී මුහුණදීමට සිදුවන අර්බුදයකට දැන්ම මුහුණදීමට සිදුව තිබෙනවා.

‘බලගැන්විය යුත්තේ කර්මාන්තකරුවායි ‘

අපට බොරු කරන්න බැහැ. අපට ඩොලර් අච්චු ගහන්න බැහැ. අපට විදේශ විනිමය උපයන්න නම්, මේ රටෙන් එළියට යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරන්න නම් ඊට අවශ්‍ය පියවර ගත යුතුයි. රුපියල් 5000 බැගින් ලබා දීලා ඒ කරන්න බැහැ. අද පවතින කේන්ද්‍රීය අභියෝගය, විදේශ විනිමය ඇද්දවිය හැක්කේ කාට ද, ඒ අයවයි බලගැන්විය යුත්තේ. විදේශ විනිමය උපදවිය හැකි අය තමයි කර්මාන්තකරුවන් වන ඔබලා.

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පෙන්වා දුන් පරිදි අපි එකඟ වෙනවා, කර්මාන්තකරුවන් වන ඔබට රජයේ ආයතන සමඟ කටයුතු කිරීමට පහසු ක්‍රමවේද හඳුන්වා දිය යුතුයි, කියලා කර්මාන්තකරුවාට අපි සමාජයක් ලෙස මීට වඩා පිළිගැනීමක් ලබාදිය යුතුව තිබෙනවා. කර්මාන්තකරුවකු කියන්නේ රැකියා උපදවන්නෙක්. තමන්ගේ සේවක පිරිස රැක බලා ගන්නා අයෙක්. ගිවිසුම්වල නොතිබුණාට අනතුරක් සිදුවුණොත් ගෙදරට ගිහින් සොයා බලා වන්දියකුත් ගෙවන අයෙක්. මෙම කර්මාන්තවල යෙදී සිටින අය ආනයන ආදේශන කර්මාන්ත සඳහා තව තවත් යෙදවීමෙන් පමණයි අප මුහුණ දී ඇති අභියෝගයෙන් එළියට ඒමට හැකි වන්නේ.

‘මේ ණය ගෙවන්න – තවත් ණයක් ගැනීම’ වැනි උත්තරවලින් යන්න පුළුවන් උපරිම දුර අපි ඇවිල්ලා තිබෙන්නේ. රේටින්ස්වලින් වට්ටලා තිබෙන තැනත් එක්ක අපට ණයක් දෙන්න කවුරුත් හිත හදා ගන්නේ නැහැ. ඒ නිසා ‘ණය අරන් සැපට ජීවත් වූ යුගය ඉවරයි’ කියා හිතලා මේ රටේ කර්මාන්ත බලගන්වලා, අපේ කර්මාන්තකරුවන් විදේශ විනිමය උපදවන මහා බලඇණිය බවට පත්කිරීමයි අප විසින් කළ යුතුව තිබෙන්නේ. රජයක් හැටියට අපි ඒ අරමුණ වෙනුවෙන් කැපවෙනවා. ඊට අදාළ පහසුකම් සැපයීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අප ඇපකැප වී කටයුතු කිරීමට සූදානම්. කර්මාන්තකරුවන් වන ඔබගේ ඕනෑම ගැටලුවකට සවන් දී ඒවා විසඳා දීමට අප කටයුතු කරමින් සිටිනවා. ඉහත කී නූතන අභියෝගය ජයගැනීමට කර්මාන්තකරුවාට ශක්තියක් වෙමින්, ඒ වෙනුවෙන් වන ක්‍රියාන්විතයකට අපි සූදානම් බවත් අවධාරණය කරනවා.”

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ(CNCI)සභාපති කැනීෂියස් ප්‍රනාන්දු ඇතුළු මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෝ පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය,

99,291 views

20 Comments to “සැපට හිටියා ඉවරයි.. රේටින් වලින් අපි බිම.. දැන් කවුරුන් ණයක්වත් දෙන්නෙ නෑ.. ‘Made in Turky’ වී විමල් ලැජ්ජාවට පත් වෙයි…”

  1. අසරණ අපි. says:

    මූට කර්මාන්ත ඇමතිකම දරන්න තියන සුදුසුකම මොකක්ද කියහල්ලකො බං…

    • මචං says:

      කට මචං …….කට

    • CAT says:

      වරද කාගේද ? අපේ රට පාලනය කල පාලකයින් ඇතුළු මැති ඇමතිලා ගේම නොවේද ?
      වසර 73 ක් රටට කල සේවයේ ප්‍රතිඵල නේද මේ

    • කොළඹ බයියා says:

      වීරවංශ ඇමතිතුමා හොඳ වැඩක් කරන්න යනකොට උදැල්ල දාන්න එපා.

      • parrot says:

        මහතීර් මොහොමඩ් එක්ක යු ක්වාන් වගේ දෙන්නෙක් එනවා කියල ඔයා නේද කිව්වේ වීරවංස මහත්තයෝ …… එතකොට රට ලෝකෙන්ම එක වෙනවා කිවව නේද …….දැන් මොකද …….සැපක් අපි නම් වින්දේ නැහැ තොපි මිසක්………මකබා වෙලා පලයව් බැරිනම් ……

    • සහන් says:

      රාජපක්ෂ සහ සමාගම බලයට පත්කිරීමට ඇප කැපවී කටයුතු කිරීම

    • Upul says:

      asaranayo wela upanna kama jathake warada kiyala apita therenava.
      samaharu karanna hadana deval wala kimbullu dakinava

      upan asaranayo hmmmmm

    • Kotiya says:

      සුදුසුකම් ඇති ඇමතිල කල සේවය මොකක්ද?
      Everybody is the same my friend!

  2. Banda says:

    A very good analysis by WW.

    Sri Lankans will do well if they forget the political differences and try to focus on this speech.

    …….මේ ණය ගෙවන්න – තවත් ණයක් ගැනීම’ වැනි උත්තරවලින් යන්න පුළුවන් උපරිම දුර අපි ඇවිල්ලා තිබෙන්නේ. රේටින්ස්වලින් වට්ටලා තිබෙන තැනත් එක්ක අපට ණයක් දෙන්න කවුරුත් හිත හදා ගන්නේ නැහැ. ……..

  3. Strong baiyas says:

    Has he done any work to earn dollars in the last 2years . That is what we expect from them. All talk nothing happens.

  4. ජානක says:

    කටේ කයිවාරැ විතරයි.jvp එකේ ඉගෙන ගෙන නැති එකෙක්ට හිටියේ මු විතරයි.ඌට ගැලපෙන හොර ගුහාවටම රිංගුවා.උපන්දින දෙකක් තියෙන හාදයානේ.

  5. Ms.commonsense says:

    Why do we take loans ? We are already in a endless loan trap if we take more loans who is going to pay it? This man is programmed to take foreign loans. Shame on you Vimal 🤮🤢

    • Appuhamy says:

      Shame on all our Politicians for misleading the public and for corruption… Shame on all of us for living beyond means.. Shame on all of us for not holding our Politicians accountable for their misdeeds and re-electing them over and over.

  6. Felix says:

    You need to ask PM to call Cabral (a cabinet status CB Governor) to the CABINET and openly YOU need to tell this in the Cabinet meeting. This type of talk outside the Cabinet is similar to the ANDARE’s JOKE at Rajawasala.

    • wimalasena H.D. says:

      ehema kondak moota ethnam monava koranda berida? me pakkadiyata rajapakshalaawa eriyoth ellenda vel nehe. ekai moo un monava kiwwath ehemai sir miyala kiya kiyaa inne. pohottuwen moova pennuwoth moota
      kandawath nehe.

  7. Athula says:

    ඒයි දැන් කෝ උඹගේ දේශප්‍රේමය ? රට විකුණලාම ඉවරයි උඹගේ සව්භාග්‍ය දැක්ම.. කෝ අර බඩුමල්ල ? අසුචි කාපිය පරයා

  8. 10% says:

    නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ya

  9. jude perera says:

    walawwe katu kana blalla ne me

  10. Darshana abayakoon says:

    ඔබ තුමන්ල රට වෙනුවෙන් කරපු මෙහෙය අනුපමයයි. ජනතාව වෙනුවෙන් කල ඒ කැප කිරීම වෙනුවෙන් කෙතරම් අසීරු කාලයක වුනත් ඔබ තුමන්ලා සැප විදිය යුතුමයි. ඒ නිසා ඇමතිතුමනි සැප වාහන ඇමතිවරප්‍රසාද, නිල නිවෙස් අත අරින්න එපා. ඒ ඔබේ උරුමයයි.

Leave a Comment

Main News