සැප්තැම්බර් මුල පාසැල් අරින්න බැරිවෙයි වගේ..

August 9, 2021 at 12:40 pm | lanka C news
සැප්තැම්බර් මුල පාසැල් අරින්න බැරිවෙයි වගේ..

දැනට රට තුළ පවතින වසංගත තත්වය හේතුවෙන් කලින් සැලසුම් කර තිබූ පරිදි එළැඹෙන මස මුල් සතියේ පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සදහන් කරයි.

අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම සියලු ගුරුවරුන්ටත් අනධ්‍යන කාර්ය මණ්ඩලයවලටත් එන්නත් ලබා දී ඉන් අනතුරුව සැප්තැම්බර් මුල් සතියේ ක්‍රමානුකූලව පාසැල් විවෘත කිරීමට කලින් සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය.

නමුත් පවතින වසංගත තත්වය යටතේ එය කළ නොහැකි බවත් ගුරු වෘත්තීය සමිති විසින් දැනට ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගය ද ඊට බලපෑ බවත් ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

25,218 views

19 Comments to “සැප්තැම්බර් මුල පාසැල් අරින්න බැරිවෙයි වගේ..”

  1. ක්‍රිමිනල් says:

    ඉස්කෝල අරින්න නම් ජෙප්පෝ වඳවෙලා යන්න ඕන

  2. ක්‍රිමිනල් says:

    ඉස්කෝලෙ ඇරලා දරුවන්ට ඉගෙනගන්න නම් ජෙප්පෝ මේ රටෙන් වඳවෙලා යන්න ඕන

  3. මරතේනිස් අයියා says:

    මෙච්චර දවස් කරපු ගොන්කම් වගේම ඉස්කෝල ටිකත් ඇරල දැම්මනම් හරි

  4. sira says:

    තවත් පිස්සෙක් , එක පාරක් ඇරලා දවස් 2න වැහුවෙ , දන්නේ නැහැ මේකේ තත්වේ. මි හරක් වගේ වැඩ.

Main News