මන්ත්‍රීධූර අහෝසි වීමේ අවදානම ගනිමින් ඒකාබද්දය පාර්ලිමේන්තුව් ස්වාධීන වීමට සූදානම්….
August 15, 2018 at 3:26 am | lanka C news
මන්ත්‍රීධූර අහෝසි වීමේ අවදානම ගනිමින් ඒකාබද්ද විපක්ෂය පාර්ලිමේන්තුව් ස්වාධීන වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
සැප්තැම්බර් 05 වැනිදා කොළඹ පැවැත්වෙන විරෝධතාවයට වෙඩි තබාවි යයිද සැකයක් ඇතැයිද ඔහු සදහන් කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන්න මන්ත්‍රීවරුන් පක්ෂ විදිහට දැනුම් දෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාට අප එම සන්ධානයෙන් ඉවත් වෙනවා කියලා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා පැමිණි මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වන බව දැනුම් දෙනවා.
මෙහිදී මන්ත්‍රීධූර අහෝසි වීමේ අවදානම අපි ගන්නවා. පසුගිය කාලයේ ජීවිත අවදානම අරගෙන පවා අප වැඩ කර තියෙනවා. මරණ තර්ජන ආවත් අප සැලුණේ නැහැ. ජීවිතයටත් වඩා මන්ත්‍රී ධූරය ලොකු නැහැ.
ඒ වගේම සැප්තැම්බර් 5 වැනිදා කොළඹට පැමිණෙන ජනගඟ දැකලා කලබල වෙලා වෙඩි තබයි කියලා අදහසක් පවා තියෙනවා. හැබැයි ඒ අරගලයේ ඉදිරියෙන්ම ගමන් කරන්නේ අපේ මන්ත්‍රී කණ්ඩායම. මන්ත්‍රී කණ්ඩායමට ඉදිරියෙන් ගමන් කරන්නේ පක්ෂ නායකයින්. මොකද අවධානමට මුලින්ම මුහුණ දිය යුත්තේ ජනතාව නොව මහජන නියෝජිතයින් කියන තීන්දුවේ තමයි අපි ඉන්නේ.
– අරවින්ද අතුකෝරල
Wish you all the best! I live in a another country. Any support I can extend will be yours.