‘සැප්තැම්බර් 11’ ප්‍රහාරයේ විසි වස් සැමරුමට ජනපති එක් වෙයි…

September 24, 2021 at 5:30 pm | lanka C news
‘සැප්තැම්බර් 11’ ප්‍රහාරයේ විසි වස් සැමරුමට ජනපති එක් වෙයි…

ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විසි වසරක් පිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ මෑන්හැටන්හි අනුස්මරණ ස්මාරකය අභියස සංවිධාන කර තිබූ විශේෂ සැමරුමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී විය.

2001 වසරේ සැප්තැම්බර් 11 වන දින නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ වොෂින්ටන්හි පිහිටි එක්සත් ජනපද හමුදා මූලස්ථානය වූ පෙන්ටගනය ඉලක්ක කර ගනිමින් මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය.

එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කාර්යාලය සහ සැප්තැම්බර් 11 අනුස්මරණ කෞතුකාගාරය එක්ව සැමරුම් වැඩසටහන සංවිධාන කර තිබිණි.

ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට ගෞරවය පුද කිරීමේ මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින සෙසු රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය නියෝජිතයින්ද එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

16,610 views

22 Comments to “‘සැප්තැම්බර් 11’ ප්‍රහාරයේ විසි වස් සැමරුමට ජනපති එක් වෙයි…”

  1. ගෞම් ඊයාරාජ් says:

    ඇත්තටම දේවල් කියලා වැඩක් නෑ , 9/11 සිදුවීමට , 2009 බලයට පත්වූ බැරැක් ඔබමා ජනතාවට පොරොන්දූව දෙන්නේ මගේ කාලය ඇතුලේ ප්‍රහාරයට වගකිවයුතු මහමොලකාරයා මරලා දානවා කියලා ,ඩොලර් බිලියන ගානක් යොදවලා , මහත් පරීශ්‍රමයෙන් 2011 මැයි 02 , ඔපරේශන් නෙප්ටූන් ස්පියර් නමින් , සීල් ටීම් 6 සහ 160 එයාර් බෝන් ඩිවිශනය පකිස්ථානයේ දේශ සීමා උල්ලංඝනය කරලා , මානව හිමිකම් කඩලා දාලා උසමව මරලා දාලා මිහිදන් කරන්නේ මුහූද මැද. ඔබාමා කලේ අන්න එහෙම , එදා නන්දිකඩාල් වලදි ප්‍රභාහරන් ටත් ශොට් එක දුන්නේ අන්න ඒ එඩිතර කමින් , රටේ මිනිස්සු හිතුවා ප්‍රභාහරන්ව මරපු මහින්ද ,ගොඨාට , පාස්කූ ප්‍රහාරයේ නියම මහමොළකරුවො අල්ලන්න කජ්ජක්ද කියලා ඒත් ඉතින්…. ඉරකි තිතකි.

  2. javipe says:

    කාදිනල් අමෙරිකන් ජනපතිගෙන් ඉල්ලුවේ නැතිද දන්නේ නැහැ මහ මොලකරු කව්ද කියලා

    • ගෞම් ඊයාරාජ් says:

      ඇත්තටම කවුද බන් කාදිනල් උන්නාන්සේ හොයන මේ මහමොලකාරයා ?

Main News